* දේශපාලන පත්වීමක් වන සෞඛ්‍ය අධ්‍යක්ෂගේ වෛද්‍ය මණ්ඩල අපට එපා! විත්තියෙන් විරෝධයක්!
* රාජ්‍ය බලය, ව්‍යවස්ථානුකූල හිමිකම් සහ බුද්ධි අංශ ගැටුම මැද කොටුවේ තීරණාත්මක නියෝගය ලබන 10 වැනිදා!
පාස්කු ප්‍රහාරයේ තෙවන සැකකරු වන, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ CID භාරයේදී කෲර වධහිංසාවට ලක්ව ‘සියදිවි නසාගැනීමේ අධි අවදානමක’ පසුවන බවට ඉදිරිපත් වූ විශේෂඥ වෛද්‍ය වාර්තාව හුදෙක් අභියාචනාධිකරණ නඩුව වෙනුවෙන් සැලසුම් කළ "දක්ෂ නාට්‍යමය රංගනයක්" බව පවසමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් එය අධිකරණය හමුවේ ඊයේ (04) සෘජුවම ප්‍රතික්ෂේප කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා නව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කර වාර්තාවක් කැඳවීමට නීතිපතිවරයා කළ ඉල්ලීම පිළිබඳ තීරණාත්මක නියෝගය ලබන ජුනි 10 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (04) නියෝග කළේය.
මෙරට දේශපාලන අධිකාරිය, යුක්ති විනිශ්චය සහ ආරක්ෂක බුද්ධි අංශවල ක්‍රියාකලාපය කෙරෙහි සමස්ත මහජනතාවගේ දැඩි අවධානයක් යොමුව ඇති මොහොතක මෙම නඩු විභාගය උණුසුම් මුහුණුවරක් ගත්තේය.
"ඉතිරි ටික කියන්න ලැජ්ජයි, මම සතෙක්ද?" - විත්තියේ බෝම්බය!
නඩුව කැඳවූ අවස්ථාවේදී සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, විශේෂඥ වෛද්‍යවරුන්ගේ රහසිගත වාර්තාව උපුටා දක්වමින් CIDයට එරෙහිව බරපතළ චෝදනා එල්ල කළේය. අඩි 6x4 මීයන්ගෙන් ගහණ අඳුරු කුටියක සලේ රඳවා සිටින බවත්, පෝෂණවේදීන් නියම කළ ආහාර හෝ අව් රශ්මිය ලබාදී නොමැති බවත් ඔහු කීය.
"සුදු ඇඳගත් පිරිසක් පැමිණ සියලු රැඳවියන් ඉදිරිපිට මගේ ඇඳුම් ගලවා නිරුවත් කර අත් දිගු කරන්න කීවා. ඉතිරි ටික කියන්න ලැජ්ජයි, මම සතෙක්ද? කියා මගේ සේවාදායකයා අසා තිබෙනවා. ඔහු අත්අඩංගුවට පෙර නිරෝගීව සිටියත් දැන් වධහිංසා නිසා දැඩි විශාදයෙන් සහ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවකින් පෙළෙනවා. නීතිපතිවරයා ස්වාධීන විය යුතු වුවත්, ඔහු අද පෙනී සිටින්නේ වධහිංසා පැමිණවූ CIDය වෙනුවෙනුයි. මේකෙන් සමස්ත නීතිපති දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්වෙනවා" යැයි ශවේන්ද්‍ර ප්‍රනාන්දු දැඩිව ප්‍රකාශ කළේය.
"ස්වයංඝාතකයන් 8ක් බැලන්ස් කරපු බුද්ධි ප්‍රධානියා අඬනවා!" - දිලීපගෙන් ප්‍රහාරයක්!
මීට සෘජු ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්, මෙම වෛද්‍ය වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය.
"ස්වාමීනි, මොහු පතෝල කරලක් නෙමෙයි, හොඳ රංගන ශිල්පියෙක්! ඔහුට ඔස්කාර් සම්මානයක් දෙන්න ඕනේ. 2017-2019 කාලයේ ස්වයංඝාතක බෝම්බකරුවන් 8 දෙනෙක් බැලන්ස් කරපු, මිනිස්සුන්ගේ මොළ හෝදන බුද්ධි අංශ ප්‍රධානියෙක් වෛද්‍යවරු ගාව අඬනවාලු! මේක විමර්ශන මඟහැරීමට සහ අභියාචනාධිකරණයේ වේදිකාවක් හදාගන්න ඊයේ රෑ දාපු කුමන්ත්‍රණකාරී මෝසමක්. ප්‍රශ්න කරද්දී ලැප්ටොප්, ෆෝන් පාස්වර්ඩ් මතක නැහැ කියන අපරාධකාරයන්ගේ සාමාන්‍ය ‘මතකය අහිමිවීමේ’ රෝගයයි මොහුට තියෙන්නේ. එග් රයිස්, බිත්තර රොටි, ෆිෂ් ඔයිල්, කිරි ටොපි සේරම CID එකෙන් කන්න දෙනවා. ඒවා කියන්නේ නැහැ. මේ වාර්තාව දුන්න වෛද්‍යවරයාගේ වාර්තා මීට පෙරත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. වෛද්‍ය වාර්තාවේ JMO අත්සනවත් නැහැ" යැයි දිලීප පීරිස් තර්ක කරමින්, සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා හරහා නව වෛද්‍ය මණ්ඩලයක් ඉල්ලා සිටියේය.
දේශපාලන පත්වීම් සහ වින්දිතයන්ගේ පාර්ශ්වය
විත්තියේ නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඊට වහාම විරෝධය දක්වමින් කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යනු ‘දේශපාලන පත්වීමක්’ බැවින් ඔහු හරහා කැඳවන වාර්තා ස්වාධීන නොවන බවත්, අවශ්‍ය නම් කොළඹ ප්‍රධාන JMO හරහා පරීක්ෂණයක් කරන ලෙසත්ය.
මේ අතර වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නද පෙන්වා දුන්නේ මෙම වාර්තාව නිල JMO වාර්තාවක් නොවන බවත්, අත්අඩංගුවට පත්වන ඕනෑම අපරාධකරුවෙකුට මෙවැනි මානසික ආතතීන් ඇතිවීම සාමාන්‍ය බවත්ය.
රජයේම ප්‍රධාන ආයතන දෙකක් සහ මෙරට ප්‍රබලම නීතිඥ නාමයන් ගැටෙන මෙම ඓතිහාසික නඩුවේදී, ලබන 10 වැනිදා කොටුව මහේස්ත්‍රාත්වරයා දෙන නියෝගය මෙරට අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ සහ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ස්වාධීනත්වය උරගා බලන ලිට්මස් පරීක්ෂණයක් වනු නිසැකය.