The Leader News
BREAKING
Top Ad
පුවත්

මහ බැංකු සෙල්ලමෙන් නැවත බැටකන්නේ ජනතාවයි' - රවී කරුණානායක

T

The Leader Desk

June 5, 2026 • 3:54 AM

මහ බැංකු සෙල්ලමෙන් නැවත බැටකන්නේ ජනතාවයි' - රවී කරුණානායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහ බැංකුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය සෙවීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවත් මේ සඳහා දැනටමත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
  • විශේෂයෙන්ම, NDB ආයතනය සම්බන්ධයෙන් වහාම විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ඔහු අවධාරණය කරයි.
  • ඔහු එම කාරනා සඳහන් කළේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදීය.
  • රජය සහ මහ බැංකුව රුපියල ස්ථාවර බව පැවසුවද, තිරය පිටුපස පවතිනුයේ කෘතිම පාවීමක් බවත්, මෙහි අවසාන බර පොදු ජනතාවට දැරීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මහ බැංකුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය සෙවීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවත් මේ සඳහා දැනටමත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

 විශේෂයෙන්ම, NDB ආයතනය සම්බන්ධයෙන් වහාම විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

ඔහු එම කාරනා සඳහන් කළේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය ඔහු එහිදී දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

රජය සහ මහ බැංකුව රුපියල ස්ථාවර බව පැවසුවද, තිරය පිටුපස පවතිනුයේ කෘතිම පාවීමක් බවත්, මෙහි අවසාන බර පොදු ජනතාවට දැරීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. IMF වාරිකය ලැබුණද රජය රට සහ ජනතාව දැඩි බදු බරකින් පීඩනයකට ලක් කර ඇති අතර, මෙම ගිවිසුම් අවසන් වූ පසු ඉදිරි අනාගත වැඩපිළිවෙල රටට හෙළි කළ යුතු බවද ඔහු කියා සිටියේය.

මීට අමතරව, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලසුමක් පවතින බව ද ඔහු හෙළි කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් සඳහන් කල රවී කරුණානායක, එහිදී ආණ්ඩු බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා සහ ආණ්ඩු පක්ෂයේ අනෙක් පිරිස් අතර පවතින අභ්‍යන්තර පරස්පරතාද විවේචනයට ලක් කළේය.

අවසාන වශයෙන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සියයට 20ක බදු පැනවීම් සහ 'එල් නිනෝ' දේශගුණික අවදානම වැනි ඉදිරියේදී පැමිණෙන ගෝලීය අභියෝග හමුවේ රට සූදානම් කිරීමේ නිසි වැඩපිළිවෙලක් වත්මන් රජයට නොමැති බව රවී කරුණානායක වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

 

 
letter 2
letter 3
letter 4
letter 5
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...