ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු පළමු කාර්තුව තුළ ඩොලර් බිලියන 8.09ක ණය වාරික සහ පොලී සාර්ථකව පියවයි.
රුපියල් ට්‍රිලියන 32.2ක පොදු ණය කන්ද මැද වුවද, මාලිමා ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය විනය ලෝකයේම පැසසුමට.
නව ණය ගැනීම් සීමා කරමින්, පරණ ණය වාරික නිසි කලට ගෙවීමේ දැවැන්ත ආර්ථික හැරවුම ක්‍රියාවට නැංවේ.
2022 වසරේ සිදුවූ ඓතිහාසික මූල්‍ය කඩාවැටීමෙන් සහ ණය පැහැර හැරීමෙන් (Default) පසු ලංකාව දෙස වපර ඇසින් බැලූ ජාත්‍යන්තර ප්‍රජාව විමතියට පත් කරමින්, ශ්‍රී ලංකාව යළිත් ලෝකය ඉදිරියේ සිය මූල්‍ය අනන්‍යතාවය සහ විශ්වාසනීයත්වය සියයට සියයකින් තහවුරු කර තිබේ.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 වසරේ පළමු කාර්තුව තුළ පමණක් ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 8.09ක (රුපියල් බිලියන ගණනාවක) දැවැන්ත මුදලක් ණය සේවාකරණ වගකීම් (Debt Servicing) වෙනුවෙන් සාර්ථකව ගෙවා දමා ඇත.
මින් ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රමාණයක්ම වෙන්ව ඇත්තේ වාරික මුදල් (Principal repayments) වෙනුවෙන් වීම විශේෂත්වයකි.
ණය කන්ද මැදින් යන දූරදර්ශී ගමන
චීනය, පැරිස් සමාජය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හිමියන් සමඟ ඇති කරගත් සාර්ථක ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවල සැබෑ ප්‍රතිඵල දැන් බිම් මට්ටමින් දෘශ්‍යමාන වන්නට පටන් ගෙන තිබේ. ලංකාවේ සමස්ත පොදු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 32.23ක් වැනි ඉහළ මට්ටමක පැවතුණද, රටට අලුතින් ණය බරක් එකතු නොකර, දේශීය රාජ්‍ය ආදායම් උපරිම කරගනිමින් පරණ ණය ක්‍රමවත්ව ගෙවා දැමීමට වත්මන් පාලනය සමත් වී ඇත.
වෙළඳපොළ විශේෂඥයන් පෙන්වා දෙන්නේ දේශීය සුරැකුම්පත් හරහා රැස් කරගත් ඩොලර් බිලියන 6.24ක ප්‍රාග්ධනය, පැරණි ණය කළමනාකරණය සඳහා ඉතා විනිවිදභාවයකින් යුතුව භාවිත කර ඇති බවයි.
මෙය හුදෙක් ‘ණය උගුලක’ සිරවීමක් නොව, බංකොලොත් වූ රටක් ලෝක මූල්‍ය වෙළඳපොළ තුළ සිය ස්වෛරීභාවය සහ ආර්ථික ස්ථාවරත්වය (Economic Stabilization) යළි අත්පත් කරගැනීමේ සුවිශේෂී ධනාත්මක හැරවුමකි. ජාත්‍යන්තරය ඉදිරියේ ණය පැහැර හැරියවුන් යන අවමන් සහගත ලේබලය ගලවා දමා, රටක් ලෙස අප ලබා ඇති මෙම මූල්‍ය විනය ඉදිරි විදේශීය පෞද්ගලික ආයෝජන ලංකාවට ආකර්ශනය කර ගැනීමට ලැබුණු ලොකුම සහතිකයකි.
(සටහන | විපුල ගුණසේකර)




