ඒ වෙනුවට ඔවුන් මේ වන විට අධිකරණ ක්‍රියාවලිය දෙස ‘බලා සිටීමේ’ (Wait-and-see) ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව වාර්තා වේ.
14 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහළ හේමරතන හිමියන්, මල්වතු පාර්ශවය විසින් ඔවුන්ගේ ධුරයන්ගෙන් තාවකාලිකව ඉවත් කර ඇත. මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රත්නපාල හිමියන් ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ තීන්දුව ලැබෙන තෙක් සංඝ සභාව මගින් වෙනත් පරීක්ෂණයක් සිදු නොකරන බවයි.
බෞද්ධ විනය නීතියට (විනය පිටකයට) අනුව ලිංගික සබඳතාවක් පැවැත්වීම උපසම්පදා භික්ෂුවක පරාජිකාවට පත්වන බරපතළම වරදක් වුවද, මල්වතු මහා විහාරය පවසන්නේ තමන්ට කළ හැක්කේ නිකායෙන් නෙරපා හැරීම සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දැනුවත් කිරීම පමණක් බවයි. බලහත්කාරයෙන් සිවුරු හැරවීමට තමන්ට නීතිමය බලයක් නොමැති බවත්, එය භික්ෂුව විසින් ස්වේච්ඡාවෙන් කළ යුත්තක් බවත් ඔවුහු පෙන්වා දෙති.
ජාතික ළමා රක්ෂණ අධිකාරියේ දත්ත වලට අනුව 2018-2022 කාලය තුළ භික්ෂූන්ට එරෙහිව ළමා අපයෝජන පැමිණිලි 488ක් වාර්තා වී ඇති පසුබිමක, මෙවැනි ඉහළ පෙළේ නායක හිමිනමකගේ සිදුවීමක් සම්බන්ධයෙන් මහා විහාරයන් දක්වන උදාසීන පිළිවෙත සමාජයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
මුලාශ්‍රය : The examiner




