හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ වෙළෙඳ ප්‍රජාව එක්ව සංවිධානය කළ 2026 හම්බන්තොට වෙසක් මහා පෙරහැර මංගල්‍යයට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා ඊයේ (04) මේ බව කියා සිටියේය. මෙහිදී මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ භාග්‍යය ද විපක්ෂ නායකවරයාට හිමි විය.
අභියෝග හමුවේ නැඟී සිටින ජාතික සමගිය
මෙහිදී සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ, රට පත්ව ඇති අවදානම් සහගත තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය (Sovereignty) අවතක්සේරු කිරීමට සහ දේශීය සම්පත් ඩැහැගැනීමට විවිධ අවස්ථාවාදී බාහිර බලවේග බලා සිටින බවයි. එවැනි බලපෑම් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පරාජය කළ හැක්කේ මහජනතාව අතර පවතින එක්සත්භාවය, සමගිය සහ සහෝදරත්වය තුළින් පමණක් බව ඔහු අවධාරණය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්බුද්ධ ශාසනයට හිමි මුල්තැන සුරකිමින්ම, අනෙකුත් සියලුම ආගම් සහ සංස්කෘතීන්ට රැකවරණය දීම අපගේ වගකීමකි. මෙම වෙසක් පෙරහැර මංගල්‍යය ද සියලු ජාතීන් අතර සංහිඳියාව (Reconciliation) මූර්තිමත් කරන කදිම ආදර්ශයක් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, දේශපාලන නිදහස සහ භෞමික අඛණ්ඩතාව රැකගැනීමට ජනතාව සතු මෙම සංස්කෘතික සහෝදරත්වය ඉදිරියටත් ප්‍රබලතම පවුරක් වන බව ධනාත්මකව ප්‍රකාශ කළේය.




