The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමෙරිකාවෙන් ලංකාවට අලුත් බද්දක්? පැතිර යන කටකතාවල ඇත්ත නැත්ත ඇමැති හෙළි කරයි

T

The Leader Desk

June 7, 2026 • 4:16 PM

ඇමෙරිකාවෙන් ලංකාවට අලුත් බද්දක්? පැතිර යන කටකතාවල ඇත්ත නැත්ත ඇමැති හෙළි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යවරයා අවධාරණය කළේ මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව, ලෝකයේ රටවල් 60කට පමණ බලපාන පොදු ක්‍රියාවලියක කොටසක් බවයි.
  • ඇමෙරිකානු එක්සත් ජනපදය සිය වෙළඳ පරතරය පියවා ගැනීම සඳහා සහ සැපයුම් ජාලයන්හි (Supply Chains) කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ලෝකයේ සෑම රටකටම බලපාන පරිදි තීරු බදු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
  • සැපයුම් ජාලය තුළ බලහත්කාරී ශ්‍රමය යොදා ගන්නා බවට මූලික තොරතුරු ලැබී ඇති රටවල් 60ක් සඳහා මෙම 12.5%ක බද්ද පැනවීමට යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාවද එම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
  • කෙසේ වෙතත්, අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය මෙතෙක් ක්‍රියාත්මක කළ බද්දක් නොව යෝජනාවක් පමණක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අමාත්‍යවරයා අවධාරණය කළේ මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව, ලෝකයේ රටවල් 60කට පමණ බලපාන පොදු ක්‍රියාවලියක කොටසක් බවයි.

ඇමෙරිකානු එක්සත් ජනපදය සිය වෙළඳ පරතරය පියවා ගැනීම සඳහා සහ සැපයුම් ජාලයන්හි (Supply Chains) කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ලෝකයේ සෑම රටකටම බලපාන පරිදි තීරු බදු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේදී බලහත්කාරී ශ්‍රමය යොදා ගන්නේද යන්න පිළිබඳව ඇමෙරිකාව මේ වන විට පුළුල් පරීක්ෂණයක් (Investigation) ආරම්භ කර තිබේ.

සැපයුම් ජාලය තුළ බලහත්කාරී ශ්‍රමය යොදා ගන්නා බවට මූලික තොරතුරු ලැබී ඇති රටවල් 60ක් සඳහා මෙම 12.5%ක බද්ද පැනවීමට යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාවද එම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය මෙතෙක් ක්‍රියාත්මක කළ බද්දක් නොව යෝජනාවක් පමණක් බවයි.

මෙම පරීක්ෂණ ක්‍රියාවලියට ශ්‍රී ලංකාවට අමතරව ආසියානු කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, මැලේසියාව, පිලිපීනය, තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් රැසක් ඇතුළත් වේ. මීට අමතරව ඕස්ට්‍රේලියාව, චීනය, කැනඩාව, යුරෝපා සංගමය, ජපානය, සිංගප්පූරුව සහ එක්සත් රාජධානිය වැනි සංවර්ධිත රටවල්ද මෙම ලැයිස්තුවට ඇතුළත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව දැනටමත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ වෙළඳ අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති අතර ඊට කැබිනට් අනුමැතියද හිමි වී ඇත.

ඇමෙරිකානු පරීක්ෂණ කණ්ඩායම් වෙත අවශ්‍ය තොරතුරු ලබා දීමට රජය සූදානම් අතර, ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ බලහත්කාරී ශ්‍රමය යොදා නොගන්නා බව තහවුරු කිරීමට පියවර ගනු ඇත.

 ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් ශක්තිමත් නීතිමය පද්ධතියක් පවතින බවත්, සැපයුම් ජාලයට බලහත්කාරී ශ්‍රමය ඇතුළත් වීමට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා සහතික විය.

මෙම පරීක්ෂණ අවසානයේදී ශ්‍රී ලංකාවේ සැපයුම් ජාලය තුළ බලහත්කාරී ශ්‍රමය නොමැති බව ඔප්පු වුවහොත්, මෙම යෝජිත බද්ද 0% දක්වා අඩු කර ගැනීමට (ඉවත් කර ගැනීමට) හැකියාව පවතින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එබැවින් පදනම් විරහිත බදු පැනවීමක් පිළිබඳව පතුරුවන බොරු ප්‍රවෘත්ති විශ්වාස නොකරන ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

(සටහන | ජේ. මුණසිංහ)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...