The Leader News
BREAKING
Top Ad
පුවත්

ජර්මනියේ කොන්රාඩ් ඇඩනවර් පදනමේ අනුග්‍රහයෙන් මහනුවර පළාත් පාලන සභිකයින්ට විශේෂ වැඩමුළුවක්

T

The Leader Desk

June 7, 2026 • 4:37 PM

ජර්මනියේ කොන්රාඩ් ඇඩනවර් පදනමේ අනුග්‍රහයෙන් මහනුවර පළාත් පාලන සභිකයින්ට විශේෂ වැඩමුළුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනියේ කොන්රාඩ් ඇඩනවර් පදනම විසින් අනුග්‍රාහය දක්වන ලද මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන් හි තෝරාගත් සභිකවරුන් සඳහා පවත්වනු ලැබිණ.
  • මෙහිදී ප්‍රධාන දේශනය දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම් අබේවික්‍රම විසින් සිදුකරන ලදී.
  • ඉදිරියේ දී මෙම නියමු ව්‍යාපෘතිය ආශ්‍රිතව මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ආශ්‍රිතව දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාකාරී කමිටු පිහිටුවීම පිළිබඳ ඇති හැකියාව සොයාබැලීම මධ්‍යම පලාත් සභාව සමඟ එක්ව සිදුකරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජර්මනියේ කොන්රාඩ් ඇඩනවර් පදනම විසින් අනුග්‍රාහය දක්වන ලද මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන් හි තෝරාගත් සභිකවරුන් සඳහා පවත්වනු ලැබිණ.

මෙහිදී ප්‍රධාන දේශනය දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම් අබේවික්‍රම විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාවට විශේෂ ආරාධිත ලෙස විවෘත පාර්ලිමේන්තු සංසදයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ  සහ මධ්‍යම පළාත් සභාව වෙනුවෙන් ආණ්ඩුකාරවර ලේකම් මංජුලා මඩහපොළ සහභාගී වූ අතර මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නිශාන්ත කරුණාතිලක සහ පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු ආරාධිතයින් ලෙස සහභාගී විය.

මෙම වැඩමුළුව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන  නියෝජනය කරමින් සභිකයින් 81 දෙනෙකු සහභාගීවූ අතර දේශගුණික විපර්යාස යනු පාරිසරික ප්‍රශ්නයක් ලෙස නොව ආණ්ඩුකරණය හා බැඳුණු විසඳුම් සෙවිය යුතු ගැටළුවක් බව මෙහිදී අවධාරණය වූ අතර එමනිසා ආණ්ඩුකරණයේ සෑම ස්ථරයකම කටයුතු වලදී දේශගුණික විපර්යාස පිළිබඳ සංවේදී ආණ්ඩුකරණය ප්‍රවර්ධනය කිරීම අතිශය වැදගත් බව ද අවධාරණය විය.

ඉදිරියේ දී මෙම නියමු ව්‍යාපෘතිය ආශ්‍රිතව මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ආශ්‍රිතව දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාකාරී කමිටු පිහිටුවීම පිළිබඳ ඇති හැකියාව සොයාබැලීම මධ්‍යම පලාත් සභාව සමඟ එක්ව සිදුකරනු ඇත. 

 

Jagath manuwarana 2026.06.07

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජර්මනියේ කොන්රාඩ් ඇඩනවර් පදනමේ අනුග්‍රහයෙන් මහනුවර පළාත් පාලන සභිකයින්ට විශේෂ වැඩමුළුවක් | The Leader