The Leader News
BREAKING
Top Ad
පුවත්

අන්තිම කැමැත්ත සහ දෑස් දන්දීමේ ලියකියවිලි ඉල්ලූ හිටපු බුද්ධි ලොක්කා හදිසි ප්‍රතිකාර ඒකකයට!

T

The Leader Desk

June 7, 2026 • 5:18 PM

අන්තිම කැමැත්ත සහ දෑස් දන්දීමේ ලියකියවිලි ඉල්ලූ හිටපු බුද්ධි ලොක්කා හදිසි ප්‍රතිකාර ඒකකයට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේ, සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය අවදානම් අඩියකට පත්වීම හේතුවෙන් ඔහුව වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට (ICU) ඇතුළත් කළ බවයි.
  • තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් සිය දෑස් දන්දීමට (Eye Donation) සහ ‘අන්තිම කැමැති පත්‍රය’ (Last Will) අත්සන් කිරීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන වහාම එන්නැයි සලේ සිය නීතිඥවරුන්ට දැනුම් දී ඇති බව අද පස්වරුවේ අනාවරණය විය.
  • ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන විසින් CID අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් සලේ ව වහාම රෝහල් ගත කරන ලෙස කළ හදිසි නීතිමය බලකිරීමෙන් පැය කිහිපයකට පසු මෙම රෝහල් ගත කිරීම සිදු විය.
  • මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමඟ, රෝහල් පරිශ්‍රය සහ ඒ අවට කලාපය පුරා විශේෂ ආරක්ෂාවක් සැපයීමට පොලිසිය පියවර ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසුවන තමන්ට සිදුවන අසාධාරණ සැලකීම්වලට එරෙහිව ආහාර සහ ඖෂධ වර්ජනයක නිරතව සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අද (07) රාත්‍රියේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේ, සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය අවදානම් අඩියකට පත්වීම හේතුවෙන් ඔහුව වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට (ICU) ඇතුළත් කළ බවයි.

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් සිය දෑස් දන්දීමට (Eye Donation) සහ ‘අන්තිම කැමැති පත්‍රය’ (Last Will) අත්සන් කිරීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන වහාම එන්නැයි සලේ සිය නීතිඥවරුන්ට දැනුම් දී ඇති බව අද පස්වරුවේ අනාවරණය විය.

ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන විසින් CID අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් සලේ ව වහාම රෝහල් ගත කරන ලෙස කළ හදිසි නීතිමය බලකිරීමෙන් පැය කිහිපයකට පසු මෙම රෝහල් ගත කිරීම සිදු විය.


ජාතික රෝහල වටා දැඩි ආරක්ෂාවක්!


මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමඟ, රෝහල් පරිශ්‍රය සහ ඒ අවට කලාපය පුරා විශේෂ ආරක්ෂාවක් සැපයීමට පොලිසිය පියවර ගෙන තිබේ.

සලේ ගේ ආරක්ෂාව වෙනුවෙන් CID විශේෂ කණ්ඩායමකට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සන්නද්ධ භට කණ්ඩායම් කිහිපයක්ම රෝහල තුළ සහ පිටත දැඩි මුර සංචාරවල යොදවා ඇති බව වාර්තා වේ.
 


දේශපාලන කරළිය ගිනියම් වෙයි!


මේ අතර, මෙම සිදුවීම මුල් කරගනිමින් දකුණේ දේශපාලන කරළියද දැඩි ලෙස උණුසුම් වී තිබේ.

දිලිත් ජයවීර ගේ ‘සර්වජන බලය’ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් අද පස්වරුවේ බෙල්ලන්විල රජමහ විහාරයේදී සුරේෂ් සාලේ ට සෙත් පතා විශේෂ බෝධි පූජාවක් සංවිධානය කර තිබිණි.

සලේ ගේ ජීවිතය බරපතළ අනතුරක පවතින බව පවසමින් සර්වජන බලය සිය නිල 'X' (ට්විටර්) ගිණුම හරහාද සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.


          


එපමණක් නොව, "ශානිගේ වදකාගාරයෙන් සලේ නිදහස් කරනු" සහ "රණවිරු දඩයම නවතනු" යන තේමාවන් පෙරදැරි කරගනිමින්, 'මහජන හඬ සංවිධානය' ඇතුළු ඒකාබද්ධ පක්ෂ කිහිපයක් විසින් හෙට (ජුනි 08) උදෑසන 10.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී මහා විරෝධතාවක් සංවිධානය කර තිබේ.



රජයේ විමර්ශන යාන්ත්‍රණය සහ මූලික මානුෂීය අයිතිවාසිකම් අතර පවතින මෙම තීරණාත්මක ගැටුමේ ඊළඟ පියවර ලබන 10 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දීමට නියමිත නියෝගය මත තීරණය වනු ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...