The Leader News
BREAKING
Top Ad
පුවත්

චෙම්මනියෙන් පාදාගත් මිනිස් සිරුරු ගණන තුන්සීය පන්නයි

T

The Leader Desk

June 8, 2026 • 4:02 AM

චෙම්මනියෙන් පාදාගත් මිනිස් සිරුරු ගණන තුන්සීය පන්නයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුරුද්දකට වැඩි කාලයක් කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පවසන්නේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මේ වන විට හදුනාගත් මිනිස් සිරුරු 302 න් 298 ක්ම ගොඩ ගෙන ඇති බවයි.
  • සමුහ සුසානයේ කැනීම් සිදු කළ හැත්තැ දෙවැනි දිනය වු ජුනි 07 වැනිදාද මිනිස් සිරුරු 8 ක් ගොඩ ගත් අතර එයින් දෙකක් කුඩා දරුවන්ගේ බව ඔවුහු වැඩි දුරටත් සදහන් කරති.
  • ඊයේ (07) දිනයේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මතුකරගෙන තිබු මිනිස් සිරුරු ගණන 6 කී.
  • සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු අඛණ්ඩව දින දොළහක් සිදු කිරීමෙන් අනතුරුව කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා මැයි 9 වැනි සෙනසුරාදා තාවකාලිකව අත්හිටුවන විට මිනිස් ඇටසැකිලි 261ක් පාදා ගෙන තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):

අවුරුද්දකට වැඩි කාලයක් කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පවසන්නේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මේ වන විට හදුනාගත් මිනිස් සිරුරු 302 න් 298 ක්ම ගොඩ ගෙන ඇති බවයි.

සමුහ සුසානයේ කැනීම් සිදු කළ හැත්තැ දෙවැනි දිනය වු ජුනි 07 වැනිදාද මිනිස් සිරුරු 8 ක් ගොඩ ගත් අතර එයින් දෙකක් කුඩා දරුවන්ගේ බව ඔවුහු වැඩි දුරටත් සදහන් කරති. ඊයේ (07)  දිනයේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මතුකරගෙන තිබු මිනිස් සිරුරු ගණන 6 කී.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ ඉදිරි කැනීම් කරගෙන යාම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ දෙසීය දහයක මුදලක් ලැබීමත් සමග සුසානයේ කැනීම් කටයුතු හත් මසකට පසුව 2026 අප්‍රේල් 27 වැනි සදුදා පෙරවරුවේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ ආරම්භ විය.

සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු අඛණ්ඩව දින දොළහක්  සිදු කිරීමෙන් අනතුරුව කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා මැයි 9 වැනි සෙනසුරාදා තාවකාලිකව අත්හිටුවන විට මිනිස් ඇටසැකිලි 261ක් පාදා ගෙන තිබුනි. සති තුනක විවේකයෙන් අනතුරුව එහි කැනීම් නැවත ආරම්භ වුයේ 2026 ජුනි මස 1 වැනිදායි.

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද 100 ට ආසන්න  පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වෙයි.

ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.
 
chemmani bumi 06 08

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චෙම්මනියෙන් පාදාගත් මිනිස් සිරුරු ගණන තුන්සීය පන්නයි | The Leader