The Leader News
BREAKING
Top Ad
පුවත්

'ආර්ථිකයේ මූලික පදනම ශක්තිමත්' - වැරදි තොරතුරුවලට නොරැවටෙන්නැයි මුදල් නියෝජ්‍ය ඇමති කියයි

T

The Leader Desk

June 8, 2026 • 4:12 AM

'ආර්ථිකයේ මූලික පදනම ශක්තිමත්' - වැරදි තොරතුරුවලට නොරැවටෙන්නැයි මුදල් නියෝජ්‍ය ඇමති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් සමාජය තුළ පවතින අනියත බිය දුරු කරමින්, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මේ බව කීය.
  • පසුගිය දින කිහිපය තුළ රුපියලේ අගය යම් උච්චාවචනයකට භාජනය වූයේ ප්‍රධාන වශයෙන් බාහිර සාධක කිහිපයක් නිසා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
  • විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ අනෙකුත් කරුණු මත ඩොලරය සඳහා වූ ඉල්ලුම කෙටි කාලයක් තුළ ඉහළ යාම මෙයට හේතු වී ඇත.
  • ඩොලරයේ අගය රුපියල් 378 දක්වා ඉහළ යන බවට විපක්ෂය ගෙන ගිය ප්‍රචාරයන් අසත්‍ය බව මෙහිදී සනාථ වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් සමාජය තුළ පවතින අනියත බිය දුරු කරමින්, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  මේ බව කීය.

පසුගිය දින කිහිපය තුළ රුපියලේ අගය යම් උච්චාවචනයකට භාජනය වූයේ ප්‍රධාන වශයෙන් බාහිර සාධක කිහිපයක් නිසා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ අනෙකුත් කරුණු මත ඩොලරය සඳහා වූ ඉල්ලුම කෙටි කාලයක් තුළ ඉහළ යාම මෙයට හේතු වී ඇත.

ඩොලරයේ අගය රුපියල් 378 දක්වා ඉහළ යන බවට විපක්ෂය ගෙන ගිය ප්‍රචාරයන් අසත්‍ය බව මෙහිදී සනාථ වී තිබේ.

ඇමැතිවරයා  සඳහන් කරන පරිදි, යම් අවස්ථාවක රුපියල් 335-336 සීමාව දක්වා ඉහළ ගියද, එය නැවතත් කළමනාකරණය වී රුපියල් 326 මට්ටමට පැමිණ ඇත. වෙළඳපල බලවේග ක්‍රියාත්මක වීම හරහා රුපියලේ අගය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වන බව ඔහු විශ්වාසය පළ කරයි.

රටේ ආර්ථිකයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපනයන ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තය සහ විදේශ ප්‍රේෂණ හරහා නිසි පරිදි ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා සහතික කරයි. මේ නිසා රට තුළ කිසිදු ආකාරයක ආර්ථික අර්බුදයක් හෝ ඩොලර් හිඟයක් පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, සිදුව ඇත්තේ ඉල්ලුම වැඩිවීම මත පදනම් වූ කෙටි කාලීන වෙළඳපල වෙනසක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

වැරදි තොරතුරු හෝ නොමඟ යවන සුළු ප්‍රකාශ මත පදනම්ව ජනතාව කලබලයට පත්විය යුතු නැති බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කරයි.

ආර්ථිකයේ මූලික පදනම ශක්තිමත්ව පවතින බැවින් මෙවැනි උච්චාවචනයන් කෙටි කාලයක් තුළ සමතුලිත වන බව ඔහු අවධාරණය කළේය.

(සටහන | ජේ. මුණසිංහ) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...