The Leader News
BREAKING
Top Ad
පුවත්

සලේ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් මැද; වයෝවෘද්ධ මවත් කොටුවේ සත්‍යග්‍රහයට පාරට බසී!

T

The Leader Desk

June 8, 2026 • 8:23 AM

සලේ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් මැද; වයෝවෘද්ධ මවත් කොටුවේ සත්‍යග්‍රහයට පාරට බසී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රෝහල් බලධාරීන් නිහඬයි; සලේගේ තොරතුරු වාර්තාව රහසක් ලෙස සුරකින වෛද්‍ය කණ්ඩායම!
  • මේ අතර, සුරේෂ් සලේ රැඳවුම් භාරයේ තැබීමට සහ වධහිංසා පැමිණවීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (08) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය සඳහා සලේ ගේ වයෝවෘද්ධ මෑණියන් ද එක්ව සිටියාය.
  • විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් සලේ ගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව සම්පූර්ණ තොරතුරු වාර්තාවක් ලබාගෙන ඇති නමුත්, ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීම රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.
  • කොටුව දුම්රියපොළ ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක්!
අකුරු ප්‍රමාණය (Font Size):


* රෝහල් බලධාරීන් නිහඬයි; සලේගේ තොරතුරු වාර්තාව රහසක් ලෙස සුරකින වෛද්‍ය කණ්ඩායම!

* වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම නීතිඥ සහායද වහාම ලබාදෙන්න - බිරිඳ මනෝරිගෙන් CIDයට තවදුරටත් බලකිරීම්!



මාරාන්තික උපවාසයක නිරතව සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (07) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට (NHSL) ඇතුළත් කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තවදුරටත් එහි විශේෂ වෛද්‍ය මණ්ඩලයක සුපරීක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අතර, සුරේෂ් සලේ රැඳවුම් භාරයේ තැබීමට සහ වධහිංසා පැමිණවීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (08) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය සඳහා සලේ ගේ වයෝවෘද්ධ මෑණියන් ද එක්ව සිටියාය.

විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් සලේ ගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව සම්පූර්ණ තොරතුරු වාර්තාවක් ලබාගෙන ඇති නමුත්, ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීම රෝහල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

සලේ මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) දැඩි සන්නද්ධ ආරක්ෂක රැකවල් මැද ප්‍රතිකාර ලබයි.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක්!

"ශානිගේ වදකාගාරයෙන් සලේ නිදහස් කරනු" සහ "රණවිරු දඩයම නවතනු" යන තේමාවන් පෙරදැරි කරගනිමින් මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අද පෙරවරු 10.00 ට ආරම්භ වූ අඛණ්ඩ සත්‍යග්‍රහය සඳහා සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.

එහිදී සත්‍යග්‍රහයේ නිරතවන්නන්ට අසුන්ගැනීම සඳහා ආසන කිහිපයක් රැගෙන ඒමට උත්සාහ දැරීමේදී පොලිසිය ඊට බාධා කිරීමත් සමඟ එම ස්ථානයේ සුළු නොසන්සුන්කාරී තත්ත්වයක්ද හටගත්තේය.

මේ අතර, ජාතික රෝහලේ සිටින සිය සැමියාව දුර සිට බැලීමට පමණක් අවසර ලැබී ඇති බැවින්, වහාම ඔහුගේ නීතිඥවරුන්ට ඔහුව මුණගැසීමට අවසර දෙන ලෙස සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ  CID අධ්‍යක්ෂවරයාගෙන් නැවතත් ලිඛිතව ඉල්ලා තිබේ.

නීතිඥ සහාය ලැබීමෙන් ඔහුව උපවාසයෙන් මුදවා ගැනීමට හැකි වනු ඇති බව ඇය පෙන්වා දෙයි.

විමර්ශන ආයතනවල ස්වාධීනත්වයට සහ නීතිමය ක්‍රියාවලියට බලපෑමක් නොවන පරිදි, හුදෙක් මානුෂීය අයිතිවාසිකම් සහ ජීවත්වීමේ අයිතිය පමණක් ඉල්ලා සිටින මෙම සටනේ ඊළඟ තීරණාත්මක හැරවුම ලබන ජුනි 10 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත තීරණය වනු ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සලේ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් මැද; වයෝවෘද්ධ මවත් කොටුවේ සත්‍යග්‍රහයට පාරට බසී! | The Leader