The Leader News
BREAKING
Top Ad
පුවත්

කාරතිව් පොලිස් කූඩුවේ මියගිය සයදරු පියාගේ මරණය ‘ඝාතනයක්’

T

The Leader Desk

June 8, 2026 • 10:29 AM

කාරතිව් පොලිස් කූඩුවේ මියගිය සයදරු පියාගේ මරණය ‘ඝාතනයක්’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමන්තුරේ මුලික රෝහලේ තැන්පත් කර තිබු දරුවන් හය දෙනකුගේ පියකු වන සාමිතම්බි පාක්‍යරාසාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා අම්පාර රෝහල වෙත යවන ලෙස සමන්තුරේ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවයෙන් විශ්‍රාම ගොස් සිටින කාරතිව් පළමු කොටස, මාදවි පාර ලිපිනයේ පදිංචි කරුවකු වු සාමිතම්බි පාක්‍යරාසා අම්පාර, කාරතිව් පොලීසිය විසින් ජුනි 7 වැනිදා උදෑසන දෙවැනි වතාවටත් අත්අඩංගුවට ගෙන ඇත්තේ 119 හදිසි ඇමතුම් අංකය ලැබුන පැමිනිල්ලක් අනුවයි.
  • පවුලේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ලැබුනු පැමිනිල්ලකට අනුව ඊට දින දෙකකට පෙරදීද පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • කාර්තිව් පොලීසිය ජුනි 08 වැනිදා සාමිතම්බි පාක්‍යරාසාගේ පවුලේ ඥාතීන්ට දැනුම් දී ඇත්තේ ඔහු ඊට පෙර දිනයේ පොලිස් සිර මැදිරිය තුලදී සිය දිවි තොර කරගෙන ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ හැටපස් වියැති සාමිතම්බි පාක්‍යරාසා පොලිස් සිර මැරිදිය තුළදී සිය දිවි නසාගෙන ඇති බව අම්පාරේ කාරතිව් පොලීසිය සදහන් කළත් මිය ගිය තැනැත්තාගේ සිරුරේ තුවාල පවතින බව පෙන්වා දෙන ඔහුගේ ඥාතීන් මෙය පොලීසිය විසින් පහර දීමකින් සිදු කරන ලද මරණයක් බවට චෝදනා කරන බවයි.

karathivu 1
සමන්තුරේ මුලික රෝහලේ තැන්පත් කර තිබු දරුවන් හය දෙනකුගේ පියකු වන සාමිතම්බි පාක්‍යරාසාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා අම්පාර රෝහල වෙත යවන ලෙස සමන්තුරේ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවයෙන් විශ්‍රාම ගොස් සිටින කාරතිව් පළමු කොටස, මාදවි පාර ලිපිනයේ පදිංචි කරුවකු වු සාමිතම්බි පාක්‍යරාසා අම්පාර, කාරතිව් පොලීසිය විසින් ජුනි 7 වැනිදා උදෑසන දෙවැනි වතාවටත්  අත්අඩංගුවට ගෙන ඇත්තේ 119 හදිසි ඇමතුම් අංකය  ලැබුන පැමිනිල්ලක් අනුවයි.

karathivu 3
පවුලේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ලැබුනු පැමිනිල්ලකට අනුව ඊට දින දෙකකට පෙරදීද පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

කාර්තිව් පොලීසිය ජුනි 08 වැනිදා සාමිතම්බි පාක්‍යරාසාගේ පවුලේ ඥාතීන්ට දැනුම් දී ඇත්තේ ඔහු ඊට පෙර දිනයේ පොලිස් සිර මැදිරිය තුලදී සිය දිවි තොර කරගෙන ඇති බවයි.

 karathivu 4
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...