The Leader News
BREAKING
Top Ad
පුවත්

'සලේ උසාවිය ඇතුළේදීම නඩුව ෂේප් කරගන්න හැදුවා, මම බෑ කිව්වා' - සිරිල් ගාමිණී පියතුමා රහසක් කියයි

T

The Leader Desk

June 8, 2026 • 3:15 PM

'සලේ උසාවිය ඇතුළේදීම නඩුව ෂේප් කරගන්න හැදුවා, මම බෑ කිව්වා' - සිරිල් ගාමිණී පියතුමා රහසක් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වන තීරණාත්මක විමර්ශන කටයුතු කිසිදු දේශපාලන බලපෑමක් හෝ වෙනත් හේතුවක් මත අඩාල නොකළ යුතු බව මෙරට කතෝලික සභාව අවධාරණය කරයි.
  • අද (08) කොළඹ අගරදගුරු මැදුරේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ බව කියා සිටියේය.
  • එහිදී පළමු වරට විශේෂ රහසක් අනාවරණය කළ සිරිල් ගාමිණි පියතුමා, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ තමන්ට එරෙහිව පවරා ඇති අපහාස නඩුව සමථයකට පත් කරගැනීම සඳහා උසාවි පරිශ්‍රය තුළදීම තමන්ගෙන් පෞද්ගලිකව ඉල්ලීමක් කළ නමුත් තමන් ඊට මුළුමනින්ම අකමැති වූ බව හෙළි කළේය.
  • අපහාස නඩුවේ පළවෙනි දවසේ උසාවිය ඇතුලෙදිම සලේ මහත්මයා මාව හම්බවෙලා කිව්වා 'අපිට සමතයකට පත්වෙන්න පුළුවන්, ෆාදර් කරපු ප්‍රකාශයෙන් මගේ නම අයින් කරගන්න' කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වන තීරණාත්මක විමර්ශන කටයුතු කිසිදු දේශපාලන බලපෑමක් හෝ වෙනත් හේතුවක් මත අඩාල නොකළ යුතු බව මෙරට කතෝලික සභාව අවධාරණය කරයි.

අද (08) කොළඹ අගරදගුරු මැදුරේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ බව කියා සිටියේය.

එහිදී පළමු වරට විශේෂ රහසක් අනාවරණය කළ සිරිල් ගාමිණි පියතුමා, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ තමන්ට එරෙහිව පවරා ඇති අපහාස නඩුව සමථයකට පත් කරගැනීම සඳහා උසාවි පරිශ්‍රය තුළදීම තමන්ගෙන් පෞද්ගලිකව ඉල්ලීමක් කළ නමුත් තමන් ඊට මුළුමනින්ම අකමැති වූ බව හෙළි කළේය.

"සමාජ මාධ්‍යවල සමහරු කියනවා මගේ වන්දි නඩුව කඩාකප්පල් කරන්න සලේ මහත්මයාව අත්අඩංගුවට ගත්තා කියලා. ඒක වැරදියි. ඔහුව අත්අඩංගුවට ගත්තේ සාක්ෂි පදනම් කරගෙන. අපහාස නඩුවේ පළවෙනි දවසේ උසාවිය ඇතුලෙදිම සලේ මහත්මයා මාව හම්බවෙලා කිව්වා 'අපිට සමතයකට පත්වෙන්න පුළුවන්, ෆාදර් කරපු ප්‍රකාශයෙන් මගේ නම අයින් කරගන්න' කියලා. මම කිව්වා මම කරපු ප්‍රකාශය නිවැරදියි, ඒක අයින් කරගන්න අවශ්‍ය නැහැ, අපි නඩුව කරගෙන යමු කියලා. අත්අඩංගුවට ගැනීම වෙනම දෙයක්, වන්දි නඩුව වෙනම දෙයක්. මේ බෝම්බකරුවන් පිටුපස තිබුණු දේශපාලන කුමන්ත්‍රණය සෙවීම වින්දිතයන්ගේ අයිතියක්. ඒකට දේශපාලකයෝ ඇඟිලි නොගැසිය යුතුයි," යැයි පියතුමා පැවසීය.

 



"අපි විමර්ශනවලට සියයට සීයක් එකඟයි" - සලේගේ සොහොයුරා

මේ අතර, ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සුරේෂ් සලේ ගේ සොහොයුරු විශ්‍රාමික මේජර් සෙල්වින් සාලේ  මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටි සැබෑ පුද්ගලයන් කවුදැයි හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දීමට කෙරෙන විමර්ශනවලට තම පවුලේ කිසිදු විරෝධයක් නොමැති බවයි.

"අපිත් කියන්නේ මේකේ ඇත්ත හොයන්න කියලයි. ඒකට අපි සහය දෙනවා. හැබැයි මගේ අයියා තවමත් සැකකරුවෙක් විතරයි. ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන මේ වගේ අමානුෂික විදිහට සලකන එක බරපතළ අපරාධයක්," යැයි ඔහු සඳහන් කළේය.


බලයේ ඉන්න අයට උවිඳුගෙන් පණිවිඩයක්!

මේ අතර, සුරේෂ් සලේ  රැඳවුම් භාරයේදී තමන්ට වැසිකිළි පහසුකම් පවා නිසි ලෙස නොලැබෙන බවට කරන චෝදනා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුමේ අපූර්ව සටහනක් තබා ඇත.

"ඔය පොලිසිවල ලොක්කෝ, දේශපාලනඥයෝ එහෙම බලයේ ඉන්නකොටම සිරකුටි මනුස්ස වාසයට සුදුසු පරිදි හදන්න ඕනේ. මොකද ඒ අයටත් කවදා හරි ඕවගේ ලගින්න වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න ඕනේ. පේනවනේ සලේ කියන කතා!" යනුවෙන් ඔහු සරදම් සහගතව ප්‍රකාශ කර තිබේ.

නීතිමය ක්‍රියාවලිය, රාජ්‍ය ආරක්ෂක විමර්ශන සහ මූලික මානව හිමිකම් එකිනෙක ගැටෙමින් පවතින මෙම සංවේදී සිදුවීමේ ඊළඟ තීරණාත්මක පියවර ලබන ජූනි 10 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී දිග හැරීමට නියමිතය.


Screenshot 2026 06 08 at 8.41.28 PM 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...