The Leader News
BREAKING
Top Ad
පුවත්

'නීතිය ක්‍රියාත්මක වෙනකොට උපවාස කරන්නේ උසාවිය බය කරන්නද?' - ‘අලුත් පියාපත්’

T

The Leader Desk

June 8, 2026 • 3:26 PM

'නීතිය ක්‍රියාත්මක වෙනකොට උපවාස කරන්නේ උසාවිය බය කරන්නද?' - ‘අලුත් පියාපත්’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර හතක් ගතවී ඇතත් එහි සැබෑ වින්දිතයන්ට මෙතෙක් යුක්තිය ඉටුනොවීම ශිෂ්ට සම්පන්න සමාජයක බරපතළ කනස්සල්ලට හේතුවී ඇති බව සිවිල් සංවිධාන නියෝජනය කරන තරුණ ක්‍රියාකාරීහු පෙන්වා දෙති.
  • මෙම ප්‍රහාරයෙන් අහිංසක මිනිසුන් 261 දෙනෙකුගේ ජීවිත අහිමි වූයේ ඉතා සැලසුම්සහගත ඝාතනයක ප්‍රතිඵලයක් ලෙස බවත්, තවමත් 500කට ආසන්න පිරිසක් ශාරීරික හා මානසික පීඩාවලින් පසුවන බවත් ඇය සිහිපත් කළාය.
  • "මියගිය අය අතර කිසිදු වරදක් නොකළ කුඩා දරුවන් 50කට ආසන්න සංඛ්‍යාවක් සිටියා.
  • ඇතැම් පවුල් මුළුමනින්ම එකම වළක මිහිදන් කිරීමට පවා සිදුවුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර හතක් ගතවී ඇතත් එහි සැබෑ වින්දිතයන්ට මෙතෙක් යුක්තිය ඉටුනොවීම ශිෂ්ට සම්පන්න සමාජයක බරපතළ කනස්සල්ලට හේතුවී ඇති බව සිවිල් සංවිධාන නියෝජනය කරන තරුණ ක්‍රියාකාරීහු පෙන්වා දෙති.


කොළඹදී අද (08) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ‘අලුත් පියාපත්’ සංවිධානයේ තරුණ ක්‍රියාකාරිනියක අවධාරණය කළේ, ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙම ජාතික ඛේදවාචකය සහ වත්මන් විමර්ශන ක්‍රියාවලිය තමන්ගේ පටු න්‍යායපත්‍ර වෙනුවෙන් භාවිත කරමින් අධිකරණ තීන්දුවලට සෘජුව හෝ වක්‍රව බලපෑම් කිරීමට දරන උත්සාහයන් වහාම නතර කළ යුතු බවයි.

මෙම ප්‍රහාරයෙන් අහිංසක මිනිසුන් 261 දෙනෙකුගේ ජීවිත අහිමි වූයේ ඉතා සැලසුම්සහගත ඝාතනයක ප්‍රතිඵලයක් ලෙස බවත්, තවමත් 500කට ආසන්න පිරිසක් ශාරීරික හා මානසික පීඩාවලින් පසුවන බවත් ඇය සිහිපත් කළාය.

"මියගිය අය අතර කිසිදු වරදක් නොකළ කුඩා දරුවන් 50කට ආසන්න සංඛ්‍යාවක් සිටියා. ඇතැම් පවුල් මුළුමනින්ම එකම වළක මිහිදන් කිරීමට පවා සිදුවුණා. මෙය හුදෙක් සංඛ්‍යාලේඛන නොවෙයි, රටේ හදවත පෑරූ බරපතළ ඛේදවාචකයක්. වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම පසෙකලා, තමන්ගේ දේශපාලන බලය රැකගැනීම සඳහා විවිධ රංගනයන් ඉදිරිපත් කරමින් අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරනවා. යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන තරුණ පරපුරට මෙවැනි දෑ දෙස බලා නිහඬව සිටිය නොහැකියි," යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

"තව කීදෙනෙක් ‘දිවිනසාගැනීමේ පෝලිමේද’?"

මේ අතර, සුරේෂ් සලේ රැඳවුම් භාරයේදී ආහාර වර්ජනය කරමින්, තමන්ගේ මරණය ආසන්න බව පවසමින් දෑස් දන්දීමට සහ අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීමට නීතිඥවරුන් කැඳවීම හරහා මතු කර ඇති 'දිවි නසාගැනීමේ අවදානම' සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන සනත් බාලසූරිය සිය ෆේස්බුක් ගිණුමෙහි තියුණු සටහනක් තබා ඇත.

"සලේ දිවිනහගැනීමේ අවදානමක ලු! වනචාරී රාජපක්ෂ යුගයේ දූෂිත - භීෂක - අපරාධකාරයන් තව කීදෙනෙක් 'දිවිනසාගැනීමේ පෝලිමේ'දැයි වහා සොයාබලනු!!" යනුවෙන් ඔහු සිය සමාජ මාධ්‍ය සටහන මඟින් සරදම් සහගතව ප්‍රශ්න කර තිබේ.


පාස්කු ප්‍රහාරයේ සැබෑ සැලසුම්කරුවන් සහ දේශපාලන කුමන්ත්‍රණකරුවන් සෙවීම වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකමක් බව පෙන්වා දෙන සිවිල් සංවිධාන, ජාති හෝ ආගම් භේදයකින් තොරව, ලාංකිකයන් ලෙස තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මෙම අසාධාරණයට එරෙහිව නැගී සිටින ලෙස සමස්ත සමාජයෙන් ඉල්ලා සිටියි.

නීතිමය ක්‍රියාවලිය මඟහරවා ගැනීමට දරන උපක්‍රම සහ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය අතර මතුව ඇති මෙම මත ගැටුම මධ්‍යයේ, ලබන ජුනි 10 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දීමට නියමිත නියෝගය කෙරෙහි රටේම අවධානය යොමුව පවතී.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'නීතිය ක්‍රියාත්මක වෙනකොට උපවාස කරන්නේ උසාවිය බය කරන්නද?' - ‘අලුත් පියාපත්’ | The Leader