The Leader News
BREAKING
Top Ad
පුවත්

'සලේට කෙරෙන වධහිංසා සාමාන්‍යකරණය කළොත් ඊළඟට බැටකන්නේ විපක්ෂයයි, මහා සංඝරත්නයයි!' - එජාපය නිවේදනය කරයි

T

The Leader Desk

June 10, 2026 • 4:06 AM

'සලේට කෙරෙන වධහිංසා සාමාන්‍යකරණය කළොත් ඊළඟට බැටකන්නේ විපක්ෂයයි, මහා සංඝරත්නයයි!' - එජාපය නිවේදනය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුරේෂ් සලේ ගේ තත්ත්වය සෙවීමට වහාම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් රෝහල වෙත යැවිය යුතු බව අවධාරණය කරන එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මතු පළ වේ.
  • ඔවුන් හෙළි කළ කරුණු අනුව බුද්ධි අංශ හිටපු ප්‍රධානීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව කිසිසේත් නිගමනය කළ නොහැකිය.
  • මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා මැලේසියාවේ රැකියාව කිරීමෙන් පසුව හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පාලන කාලවලදී රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ලෙස තම සේවය රටට සැපයීය.
  • එල්ල කර තිබෙන චෝදනාවලට සම්බන්ධ හෝ වගකිව යුතු හෝ බව අද තිබෙන ප්‍රශ්නය නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ රඳවා තබාගෙන සිටින ආකාරය සහ ඔහු ලක්ව ඇති බව කියන අමානුෂික වධහිංසා පැමිණවීම් එක්සත් ජාතික පක්ෂය (UNP) තරයේ හෙළා දකී. ඊයේ  (09) නිල නිවේදනයක් නිකුත් කරමින් යූඇන්පිය අනතුරු අඟවන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය සහ ICCPR ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කරමින් සිදුවන මෙම මර්දනකාරී ප්‍රවණතාව සාමාන්‍යකරණය වුවහොත්, මාලිමා රජය ඉදිරියේදී විපක්ෂ කණ්ඩායම් මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා මර්දනය කිරීමට ද මෙය අවියක් කරගනු ඇති බවයි. සුරේෂ් සලේ ගේ තත්ත්වය සෙවීමට වහාම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් රෝහල වෙත යැවිය යුතු බව අවධාරණය කරන එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මතු පළ වේ.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය

රාජ්‍ය බුද්ධි අංශ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන අසනීප තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.

මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බිරිඳත්, ඔහුගේ පුත්‍රයාත් මේ වනවිට ප්‍රසිද්ධියේ කරුණු අනාවරණය කරගෙන තිබේ. ඔවුන් හෙළි කළ කරුණු අනුව බුද්ධි අංශ හිටපු ප්‍රධානීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව කිසිසේත් නිගමනය කළ නොහැකිය.

මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා මැලේසියාවේ රැකියාව කිරීමෙන් පසුව හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පාලන කාලවලදී රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ලෙස තම සේවය රටට සැපයීය. ඒ වකවානුව තුළදී  කිසිඳු අවස්ථාවකදී සුරේෂ් සලේ මහතාට අද එල්ල කර තිබෙන ආකාරයේ චෝදනා ඉදිරිපත් නොවීය.

එල්ල කර තිබෙන චෝදනාවලට සම්බන්ධ හෝ වගකිව යුතු හෝ බව අද තිබෙන ප්‍රශ්නය නොවේ. අද ඇති ගැටළුව වන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට සලකන ආකාරය පිළිබඳවය.

මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා රෝහල් ගත කිරීමෙන් පසුව ලැබෙන හැම තොරතුරකින්ම කියැවෙන්නේ ඉතාම අමානුෂික ආකාරයට ඔහුට සලකා ඇති බවය.

අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට මේ ආකාරයට වද හිංසා පැමිණවීම සහ අමානුෂික ආකාරයට සැලකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියට එක හෙලාම පටහැනිය. එසේම 1966 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR) උල්ලංඝණය කිරීමකි.

අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයෙකුට සැලකිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියට සහ ඉහත අන්තර්ජාතික සම්මුතියට අනුකූල වන අකාරයටය. එසේ නොවුනහොත් ප්‍රශ්නය මෙතකින් අවසන් නොවේ. මේ සිද්ධිය දැනටමත් ජාත්‍යන්තරය වෙත ද ගොස් අවසන්ය.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (Prevention of Terrorism Act - PTA) 9(ආ)(1) වගන්තිය අනුව, 1994 අංක 22 දරන වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමාන සහගත සැලකීම් හෝ දඬුවම් වැළැක්වීමේ සම්මුති පනත මඟින් ලබාදී ඇති ආරක්ෂාව සැකකරුට හිමිවන බව තහවුරු කිරීම මහේස්ත්‍රාත්වරයාගේ වගකීමක් යයි සඳහන්ය.

මේ අනුව පනතට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස සිදුකරන ඕනෑම ප්‍රශ්න කිරීමක් (interrogation) අධිකරණයට කරන අපහාසයක් (Contempt of Court) ලෙස සැලකිය හැකි අතර ඒ සම්බන්ධයෙන් නීතිමය වගකීම් මතු කෙරෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට සැලකීම එක්සත් ජාතික පක්ෂය තරයේ හෙළා දකී.


ජාත්‍යන්තරය පවා ගිය ප්‍රශ්නයක් බැවින් සුරේෂ් සලේ මහතාට සලකා තිබෙන ආකාරය පරීක්ෂා කර බැලීම සඳහා පාර්ලිමේන්තු  මන්ත්‍රී කණ්ඩායමක් යැවීම සුදුසුය.

මෙහි ඇති භයානක තත්ත්වයක්ද අපි දකිමු. සුරේෂ් සලේ මහතාට සලකන ආකාරය සාමාන්‍යයකරණය වුවහොත් විපක්ෂයේ කණ්ඩායම්වලටද ඒ තත්ත්වය අදාළ කළ හැකිවනු ඇත. එය අතිශය භයානක ප්‍රවණතාවයකි.

මාලිමා රජය බුද්ධ ශාසනය පාලනය කිරීමේ දැවැන්ත උත්සාහයක යෙදී සිටින මොහොතක මේ ප්‍රවණතාවය බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිවද ක්‍රියාත්මක වීමට පුළුවන. මේ සියලු තත්ත්ව එක්සත් ජාතික පක්ෂයේ දැඩි අවධානයට ලක්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂය දැනුම් දෙන්නේ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව ගන්නා හැම ක්‍රියා මාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බවය. රජය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂය දැඩි සුපරීක්ෂාකාරීව සිටී.
 
එක්සත් ජාතික පක්ෂය
2026 ජූනි 09
 
(මේජර් ජනරාල් සුරේෂ් සලේ ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවද එජාප නිවේදනය සමග ඇමුණුමක් ලෙස යොමුකර ඇත. එය මතු පළවේ)


Medical Summary:

Imminent Risk to Life Due to Hunger Strike and Custodial Torture Major General (Rtd.) Suresh Sallay is currently facing an immediate, critical threat to his life while held in isolation custody by the Criminal Investigation Department (CID) of Sri Lanka. Following prolonged physical degradation, substandard confinement, and systemic abuse, he has commenced a "Fast Unto Death" (hunger strike). Combined with the severe conditions of his detention, this strike places him at an acute day-to-day risk of catastrophic physiological collapse:
 
• Severe Malnutrition and Muscle Wasting: After more than 100 days of being served inadequate, poor-quality food—compounded by his current total fasting—his body is entering a state of severe malnutrition. This is causing his muscles to actively shrink and waste away as the body depletes its remaining energy reserves. The fast has furthered these conditions.
 
• Organ Malfunctioning (Heart, Lungs, and Brain): Vital organs, including the heart, lungs, and brain, are at imminent risk of malfunctioning. This systemic organ failure is exacerbated by prolonged sleep deprivation, unventilated 24/7 cell confinement, and the denial of legally mandated medication. The fast has furthered these conditions. Family members have already observed advanced physical degradation, including sunken eyes, extreme weakness, and acute frailty.
 
• Severe Electrolyte Imbalances and Nutrient Depletion: The complete cessation of food and fluid intake rapidly induces severe electrolyte imbalances (such as critical shifts in potassium, sodium, and magnesium) alongside a total depletion of essential vitamins and minerals caused by the fast.
 
• Sudden Heart Attack, Stroke, or Renal Failure: These severe electrolyte disruptions due to the above conditions and profound dehydration put him at immediate risk of fatal cardiac arrhythmias (sudden heart attack), neurological compromise (stroke), or acute kidney damage leading to total renal failure.
 
• Based on the finding in the JMO report His psychological condition, “Moderate to Severer Depressive Episode with prominent anxiety symptoms including features of Post Traumatic Stress Disorder with high risk of suicide”. As of today, while he is being kept in the National Hospital Ward, he has been shown to a psychologist.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...