The Leader News
BREAKING
Top Ad
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරනු! - 'සාධාරණ සමාජයක්' රජයෙන් ඉල්ලයි

T

The Leader Desk

June 11, 2026 • 8:58 AM

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරනු! - 'සාධාරණ සමාජයක්' රජයෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුතුව අද (11) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, සාමකාමී පරිසරයක් පවතින රටක මෙවැනි මර්දනකාරී නීති දිගින් දිගටම පවත්වාගෙන යාම ශිෂ්ට සම්පන්න ලෝකය ප්‍රතික්ෂේප කිරීමක් බඳු බවයි.
  • වර්තමාන පාලනය ද මෙම නීතිය අවභාවිත කරමින් සිටින බව පෙන්වා දෙන ඔහු, මේ හේතුවෙන් ඉදිරියේදී GSP+ වැනි ජාත්‍යන්තර බදු සහන පවා අහිමි වීමේ බරපතළ අවදානමක් මතුව ඇති බවත්, එමඟින් සමස්ත පුරවැසියන් පීඩාවට පත්වන බවත් පවසයි.
  • එබැවින්, ලබාදුන් පොරොන්දු ප්‍රකාරව මෙම පනත නොපමාව අහෝසි කරන ලෙස එම ව්‍යාපාරය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටී.
  • එම සංවිධානය නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මතු පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එම ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුතුව අද (11) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, සාමකාමී පරිසරයක් පවතින රටක මෙවැනි මර්දනකාරී නීති දිගින් දිගටම පවත්වාගෙන යාම ශිෂ්ට සම්පන්න ලෝකය ප්‍රතික්ෂේප කිරීමක් බඳු බවයි.

 

වර්තමාන පාලනය ද මෙම නීතිය අවභාවිත කරමින් සිටින බව පෙන්වා දෙන ඔහු, මේ හේතුවෙන් ඉදිරියේදී GSP+ වැනි ජාත්‍යන්තර බදු සහන පවා අහිමි වීමේ බරපතළ අවදානමක් මතුව ඇති බවත්, එමඟින් සමස්ත පුරවැසියන් පීඩාවට පත්වන බවත් පවසයි. එබැවින්, ලබාදුන් පොරොන්දු ප්‍රකාරව මෙම පනත නොපමාව අහෝසි කරන ලෙස එම ව්‍යාපාරය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටී.


එම සංවිධානය නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මතු පළවේ.

මාධ්‍ය නිවේදනය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත නොකරමින් නොපමාවම අහෝසි කල යුතු ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් බලාත්මක කරවමින් සිටින ශ්‍රී ලංකාව ලෝකයට ලබාදෙමින් තිබෙන පණිවිඩය වි ඇත්තේ අප ශිෂ්ඨ සම්පන්න ලෝකය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානමක් නොමැති බව ය.  එහි ඇති ආදීනව පුන පුනා ප්‍රකාශ කර ඇති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් පමා නොකර මෙම මර්දනකාරී නීතිය අහෝසි කිරීමට කටයුතු කරන ලෙසට ය.

රටක් ලෙස ශ්‍රී ලංකාව බරපතල ත්‍රස්තවාදි තර්ජනයකට නතුව තිබූ අවස්ථාවක තාවකාලීකව පනවන ලද නීතීයක් සාමකාමී පරිසරයක් සහතික කර තිබියදි ද යාවත්කාලීන කරමින් සිටීම සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහසට එල්ල කරන්නා වූ බලවත් තර්ජනයක් ලෙස සැලකිය හැකිය. පසුගිය කාලය පුරා බලයට පත්ව සිටි සෑම රජයක් මෙන්ම වර්තමාන පාලනයද එය අවභාවිත කරමින් සිටීම අතිශයින්ම කණගාටුදායක ය.

මෙම අයහපත් තත්ත්වය බාහිර ලෝකය ශ්‍රි ලංකාව කෙරෙහි අයහපත් ආකාරයෙන් කටයුතු කිරීමට හේතුවක් කරගත හැකි අතර GSP+ වැනි බදු සහන පවා ඉදිරියේදි අවදානමකට ලක් විය හැකි ය. එබැවින් රටේ සමස්ත පුරවැසියන්ට ම අහිතකර ප්‍රතිවිපාක අත්විදිමට හේතුවක් විය හැකි තත්ත්වයක් නිර්මාණය කරමින් ජනතාව මර්ධනය කරන උපකරණයක් ලෙස ත්‍රස්තවාදය වැලැක්විමේ පනත තවදුරටත් බලාත්මක කිරීම කිසිසේත් ම එකඟ විය නොහැකි තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අදහස ය.

එබැවින් අප ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉතාමත් ඔීනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ තවදුරටත් ප්‍රමාද නොකර රජය රට හමුවේ පොරොන්දු වී ඇති ආකාරයටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු කරන ලෙසට ය.  එමෙන් ම ඒ් සඳහා ක්‍රියාත්මක වීම සඳහා කටයුතු කරන ඉතා කෙටි කාලය තුළ පවා එකී නීතිය අවභාවිතා නොකරන ලෙසට ය.

 සුනිල් ජයසේකර
මහලේකම්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
2026.06.11

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...