The Leader News
BREAKING
Top Ad
පුවත්

චෙම්මනි සමූහ මිනීවලෙන් දිගටම දරුවන්ගේ සිරුරු මතුවේ

T

The Leader Desk

June 11, 2026 • 10:04 AM

චෙම්මනි සමූහ මිනීවලෙන් දිගටම දරුවන්ගේ සිරුරු මතුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චෙම්මනි සිත්තුපාත්ති සමුහ සුසානයෙන් ජුනි 09 වැනිදා ගොඩ ගත් මිනිස් සිරුරු නමය අතුරින් අටක්ම දරුවන්ගේය.
  • එදින ගොඩගත් සිරුරු 7 අතර අත දරුවන් දෙදෙනකුගේ, ළමයින් 4 දෙනකුගේ හා වැඩිහිටියකුගේ අස්ථි තිබුණු බව කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින නීතිඥයන් සදහන් කරති.
  • වසරේ මැයි මාසයේදී කැනීම් කටයුතු ආරම්භ කළ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මේ වන විට හදුනාගන්නා ලද සමස්ත මිනිස් සිරුරු 339 න් 318 ක්ම ගොඩ ගෙන තිබේ.
  • අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
අකුරු ප්‍රමාණය (Font Size):


චෙම්මනි සිත්තුපාත්ති සමුහ සුසානයෙන් ජුනි 09 වැනිදා ගොඩ ගත් මිනිස් සිරුරු නමය අතුරින් අටක්ම දරුවන්ගේය.

 

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 21 ක් වැනි දිනය වු ජුලි 10 වැනි බදාදා මිනිස් සිරුරු 12 ක් අළුතින් මතු කරගෙන තිබුනි. එදින ගොඩගත් සිරුරු 7 අතර අත දරුවන් දෙදෙනකුගේ, ළමයින් 4 දෙනකුගේ හා වැඩිහිටියකුගේ අස්ථි තිබුණු බව කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින නීතිඥයන් සදහන් කරති.

333 ch

 

2025 වසරේ මැයි මාසයේදී කැනීම් කටයුතු ආරම්භ කළ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මේ වන විට හදුනාගන්නා ලද සමස්ත මිනිස් සිරුරු 339 න් 318 ක්ම ගොඩ ගෙන තිබේ.

කැනීම් කටයුතු නිරීක්ෂනයේ යෙදී සිටින නීතිඥයන් එහි සිටින මාධ්‍යවේදීන්ට අද දිනයේ වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ සමුහ සුසානයෙන් ගවයන් දෙදෙනකුගේ අස්ථි ද මතුකරගත් බවයි.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද 100 ට ආසන්න පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වෙයි.

 

330 ch
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.

ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...