The Leader News
BREAKING
Top Ad
පුවත්

තාක්ෂණික වචන හරඹවලට නොරැවටෙමු: ප්‍රාථමික අතිරික්තය යනු රටේ සැබෑ ආර්ථික දර්ශකය නොවේ | කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

June 11, 2026 • 11:14 AM

තාක්ෂණික වචන හරඹවලට නොරැවටෙමු: ප්‍රාථමික අතිරික්තය යනු රටේ සැබෑ ආර්ථික දර්ශකය නොවේ | කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රාථමික අතිරික්තය (Primary Surplus) යනු සරලවම, රජයේ මුළු ආදායමෙන් (පෙර ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොළිය හැර) අනෙකුත් සියලු වියදම් අඩු කළ විට ඉතිරි වන මුදලයි.
  • උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාව අතිශය දුෂ්කර ආර්ථික අර්බුදයකට මුහුණ දුන් 2023 වසරේද රුපියල් මිලියන 173,332 ක ප්‍රාථමික අතිරික්තයක් තිබුණි.
  • ආර්ථිකය යන්තම් ස්ථාවර වීමට පටන් ගත් 2024 වසරේදී එය රුපියල් මිලියන 649,569 ක් විය.
  • එබැවින්, ප්‍රාථමික අතිරික්තය ධන අගයක් ගැනීම යනු රටේ අයවැය හිඟයක් නැති බව ඉන් අදහස් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රාථමික අතිරික්තය (Primary Surplus) යනු සරලවම, රජයේ මුළු ආදායමෙන් (පෙර ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොළිය හැර) අනෙකුත් සියලු වියදම් අඩු කළ විට ඉතිරි වන මුදලයි.

ප්‍රාථමික අතිරික්තය = රජයේ ආදායම−(මුළුවියදම−පොලීගෙවීම්)

මෙය රටක ආර්ථිකයේ සැබෑ සමෘද්ධිය පෙන්වන දර්ශකයක් නොවේ. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාව අතිශය දුෂ්කර ආර්ථික අර්බුදයකට මුහුණ දුන් 2023 වසරේද රුපියල් මිලියන 173,332 ක ප්‍රාථමික අතිරික්තයක් තිබුණි. ආර්ථිකය යන්තම් ස්ථාවර වීමට පටන් ගත් 2024 වසරේදී එය රුපියල් මිලියන 649,569 ක් විය.

එබැවින්, ප්‍රාථමික අතිරික්තය ධන අගයක් ගැනීම යනු රටේ අයවැය හිඟයක් නැති බව ඉන් අදහස් නොවේ.

සංඛ්‍යා ලේඛන මෙන්න:
පළමු කාර්තුවේ සැබෑ අයවැය ඌණතාවය රුපියල් බිලියන 606.2 කි!

2026 වසරේ පළමු මාස තුන (පළමු කාර්තුව) තුළ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ නිල දත්ත දෙස බැලීමේදී සැබෑ චිත්‍රය පැහැදිලි වේ.

රජයේ මුළු ආදායම: රු. බිලියන 1,473.8
පුනරාවර්තන වියදම: රු. බිලියන 688.9
ප්‍රාග්ධන වියදම: රු. බිලියන 103.2
පොලී සහ ණය වගකීම් හැර මුළු වියදම: රු. බිලියන 792.1
ප්‍රාථමික පරතරය (අතිරික්තය): රු. බිලියන 681.7


නමුත් මෙතැනදී රජය විසින් රටට සඟවන ප්‍රධානම සාධකය වන්නේ ණය සහ පොලී ගෙවීම්ය.

ණය පොලී වියදම: රු. බිලියන 593.2
රාජ්‍ය ණය ආපසු ගෙවීම (දේශීය හා විදේශීය): රු. බිලියන 694.7
මුළු ණය සහ පොලී එකතුව: රු. බිලියන 1,287.9


රජයේ සමස්ත ආදායමෙන් මෙම සියලු වියදම් සහ ණය වගකීම් පියවා බැලූ විට, 2026 පළමු කාර්තුවේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 606.2 ක් ලෙස සටහන් වේ. ප්‍රාථමික අතිරික්තය ධන අගයක් ගත්තද, රට තවමත් පවතින්නේ විශාල අයවැය ඌණතාවයකය.

ඉදිරි මාසවලදී වියදම් තවත් ඉහළට: ප්‍රාග්ධන සංවර්ධනය තවමත් මන්දගාමී මට්ටමක

මෙහි ඇති අනෙක් බරපතළම කාරණය වන්නේ, පළමු කාර්තුව තුළ රජය ප්‍රාග්ධන වියදම් (රටේ සංවර්ධන කටයුතු සඳහා වන වියදම්) වෙනුවෙන් වෙන් කර ඇත්තේ සමස්ත ඇස්තමේන්තුවෙන් 7.5% ක් වැනි ඉතා අඩු ප්‍රතිශතයකි.

සෑම වසරකම සාමාන්‍ය ස්වභාවය අනුව පළමු මාස කිහිපයේදී ප්‍රාග්ධන වියදම් අවම මට්ටමක පවතී. රජයේ සැබෑ වියදම් ඉහළ යන්නේ වසරේ අවසාන කාර්තු තුනේදීය. ඒ අනුව, ඉදිරි මාසවලදී රජයේ වියදම් තවත් ශීඝ්‍රයෙන් ඉහළ යන අතර අයවැය හිඟය තවදුරටත් පුළුල් වනු ඇත.

රාජ්‍ය පාර්ශවයන් විසින් දිනපතා ඉදිරිපත් කරන වැදගැම්මකට නැති සංඛ්‍යා ලේඛන සහ දේශපාලන ප්‍රචාරණවලට නොරැවටී, රටේ සැබෑ මූල්‍ය තත්ත්වය තේරුම් ගැනීම බුද්ධිමත් පුරවැසියන්ගේ වගකීමකි.

( රජිත් කීර්ති තෙන්නකෝන්)
(ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ Sri Lanka Economic Forum ව්‍යාපෘතිය)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තාක්ෂණික වචන හරඹවලට නොරැවටෙමු: ප්‍රාථමික අතිරික්තය යනු රටේ සැබෑ ආර්ථික දර්ශකය නොවේ | කීර්ති තෙන්නකෝන් | The Leader