මේ සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති විසින් අභියෝගයට ලක් කර ඇති අතර, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තර්ක කරන්නේ රජය විසින් නීත්‍යානුකූලව ස්ථාපිත කර නොමැති අරමුදලක් ගැන සඳහන් කරන බවයි.
හර්ෂ ද සිල්වා ප්‍රසිද්ධියේ අරමුදලේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරමින් කියා සිටියේ IMF වැඩසටහනට අදාල මූල්‍ය රාමුව යටතේ, පාර්ලිමේන්තු පනතක් හරහා ස්ථාපිත කරන ලද ව්‍යවස්ථාපිත අරමුදල් පමණක් නීත්‍යානුකූලව ක්‍රියාත්මක විය හැකි බවයි.
“මේ අනුව, එවැනි අරමුදලක් නෑ,” යි හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ මුදල් එකතු කර තැන්පත් කර තිබිය හැකි වුවද, නීත්‍යානුකූලව පිහිටුවන ලද “ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලක්” නිර්මාණය කර නොමැති බවට තර්ක කරමිනි.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් තබමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටින්නේ, “වගවීමක් කොහෙද? අරමුදල් නිරීක්ෂණය කරන්නේ කවුද? පාර්ලිමේන්තුව එය ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස අනුමත කර නැත්තේ ඇයි?” යනුවෙනුයි.
“සුළි කුණාටුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් බිලියන ගණනක පරිත්‍යාග එකතු කළත්, මෙම අරමුදල තවමත් නීත්‍යානුකූලව ස්ථාපිත කර නෑ. නිසි අධීක්ෂණයක් හෝ විගණනයක් නොමැතිව මේ මුදල් භාණ්ඩාගාරයේ සාමාන්‍ය ගිණුමක තියාගෙන ඉන්නවා”.
තමන් ඉල්ලා සිටින්නේ මහජන මුදල් සහ දිට්වා සුලිකුණාටුවේ බලපෑමට ලක් වූ ජනතාවට සහන සැළසීමට අදාලව විනිවිදභාවය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටී. පාර්ලිමේන්තු කමිටු ඉදිරියේ රජයේ නිලධාරීන් කරන ලද ප්‍රකාශ සමඟ සසඳන විට ගැටලුව වඩාත් කැපී පෙනෙන තත්වයකට පත්ව තිබේ.
පසුගියදා පැවති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමකදී, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේ අරමුදල සඳහා නිල ගිණුමක් තවමත් ස්ථාපිත කර නොමැති බවත්, ඒ වෙනුවට භාණ්ඩාගාරයට අදාළ ගිණුමකට පරිත්‍යාග ලැබෙමින් පවතින බවත්ය.
“ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල” ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස විධිමත් ලෙස ස්ථාපිත කර නොමැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් COPF වෙත දැනුම් දෙන ලදී. ඒ වෙනුවට, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් විසින් පරිපාලනය කරනු ලබන විශේෂ ගිණුමක පරිත්‍යාග පවත්වාගෙන යනු ලබන බවත්, ඔවුන්ට දැනුම් දුන් ආකාරයට “ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල”ට අයත් කිසිදු මුදලක් තවමත් පරිහරණය කර නොමැති බවත් ප්‍රකාශ කර තිබේ.
“ඒකට ආපු සල්ලි වලින් යූස් (පාවිච්චි) කරල නෑ. මොකද අපි අපේ පර්පස් (උවමනාවට) ඉන්ෆෝමේෂන් (තොරතුරු) ගද්දි ඇහුවා,” යි පවසන විගණකාධිපති දෙපාර්තමේන්තුව “(ඒ සල්ලි) ට්‍රෙශරියේ (භාණ්ඩාගාරයේ) තියෙනවා.” යැයි මෙහිදී ප්‍රකාශ කරයි.

බිලියන ගණනක පරිත්‍යාග ලැබී ඇති “ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල” පිළිබඳව අමාත්‍යවරුන් විසින් දිගින් දිගටම ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශ සමඟ මෙම ස්ථාවරය සමපාත නොවන බව බැලූ බැල්මට පෙනී යයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු “ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල” ආරක්ෂිතව පවතින බවට මහජනතාවට සහතික වෙමින්, 2026 අප්‍රේල් වන විට අරමුදලට රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් තැන්පත් කර ඇති බවත්, එම මුදල් අනුමත මහජන වැඩසටහන් සඳහා යොදා ගනු ඇති බවත් ප්‍රකාශ කර සිටියේය. මහා භාණ්ඩාගාරයේ නියේජ්‍ය ලේකම්වරයාගේ නමින් ඇති ගිණුම් වලට මෙම අරමුදල් ගෙන්වාගත් අතර අරමුදල් සුරක්ෂිතව පවතින බැවින් “බිය වීමට අවශ්‍යතාවයක් නැත” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
“එතකොට සමස්ත බිලියන 500න් බිලියන 10ක් විතර ජනතාවට දීල තියෙනව. එතකොට මේ වියදම් කොයි ආකාරයටද සිදුවුනේ කියන එක වර්ෂ අවසානය වෙනකොට අපට ලබා දෙන්න පුලුවන්” යැයි ප්‍රකාශ කරන නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, “දැනටමත් මේ වෙන් කරන ලද බිලියන 500න් බිලියන 200කට වැඩි ප්‍රමාණයක් වියදම් කරල අවසානයි. එතකොට ඒ අර්ථයෙන් ගත්තහම ඒ බිලියන 10ත් ඕන්නම් මේ මේ මිලියන 200 ඇතුලෙ වියදම් වුන ආකාරයට අපට ගිනුම් ඉදිරිපත් කරගන්න පුලුවන්” බව පෙන්වා දෙයි.
“ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල” පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ තොරතුරු ඉල්ලීමට ලැබුනු පිළිතුරු වැලිගම සමගි ජන බලවේගයේ හිටපු සංවිධායක රෙහාන් ජයවික්‍රම විසින් සමාජ මාධ්‍යයේ පළ කර තිබේ.
ඔහු මෙහිදී පෙන්වා දෙන්නේ “ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ” අරමුදලට රුපියල් බිලියන 6.1 කට වැඩි මුදලක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 11.4 ක් ගලා ආ බව ජනාධිපති ලේකම් කාර්යාලය දැන් තහවුරු කළද, පරිත්‍යාගශීලීන්ගේ ලැයිස්තු, ගෙවීම්, ලබන්නන්, ප්‍රසම්පාදන විස්තර, කොන්ත්‍රාත්කරුවන් සහ අධීක්ෂණ වාර්තා ඉල්ලා සිටි විට, පිළිතුර වූයේ එම තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නැති බවයි.
“ඊටත් වඩා පුදුමයට කාරණේ තමා, ඔවුන් කියා සිටිනවා විගණන වාර්තාත් නැහැ කියල,” යි වැලිගම සමගි ජන බලවේගයේ හිටපු සංවිධායක රෙහාන් ජයවික්‍රම සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටී.