The Leader News
BREAKING
Top Ad
පුවත්

ගම්පහ ඔස්මන් තවදුරටත් ඇතුළේ : ගණේමුල්ල සංජීව නඩු තොරතුරු සහ පද්මේගේ ‘රතු නිවේදන’ එළියට!

T

The Leader Desk

June 12, 2026 • 1:02 PM

ගම්පහ ඔස්මන් තවදුරටත් ඇතුළේ : ගණේමුල්ල සංජීව නඩු තොරතුරු සහ පද්මේගේ ‘රතු නිවේදන’ එළියට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ තවදුරටත් රැඳවුම් භාරයේ තබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) අවසර ලැබී තිබේ.
  • බෝදරගම ඉදිරියේ අද (12) මෙම නඩුව කැඳවනු ලැබීය.
  • එහිදී පොලිසිය පෙන්වා දුන්නේ සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි.
  • මේ අතර, සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ද දින 30 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ තවදුරටත් රැඳවුම් භාරයේ තබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) අවසර ලැබී තිබේ.

 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම  ඉදිරියේ අද (12) මෙම නඩුව කැඳවනු ලැබීය.

එහිදී පොලිසිය පෙන්වා දුන්නේ සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි. මේ අතර, සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ද දින 30 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් පවතී.


නිවසින් හමු වූ රහස් ලේඛන සහ අවිආයුධ

සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදී වැදගත් සාක්ෂි රැසක් හමු වූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාට නිකුත් කර තිබූ ජාත්‍යන්තර ‘රතු නිවේදනයක්’ (Red Notice) ඒ අතර තිබී ඇත. ඊට අමතරව ගණේමුල්ල සංජීවගේ පැරණි නඩු විස්තර, ඔහුගේ සමීපතයන් සහ දුරකථන අංක ඇතුළත් රහසිගත ලේඛනයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු, ගණේමුල්ල සංජීවගේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවධානයෙන් සිට ඇති බව මෙයින් පැහැදිලි වන බව CCD ය පවසයි. සැකකරුගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සහ ගිනිඅවියක් ද සොයාගෙන ඇත.


නීතිඥ චෝදනා සහ අධිකරණයේ ස්ථාවරය


සැකකාර ඔස්මන්ඩ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණය හමුවේ විශේෂ කරුණක් මතු කළේය. කොළඹ අපරාධ කොට්ඨාශයේ සිටින සිය සේවාදායකයා හමුවීමට තමන්ට අවස්ථාව ලබා නොදුන් බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, CCD නිලධාරීන් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය.

දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සඳහා මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කළේය. නඩුව නැවත ලබන 26 වනදා කැඳවීමට නියමිතය.

 
ප්‍රකට 'ෆාදර්' සිනමාපටයට පාදක වූ ප්‍රධාන චරිතය මෙන්ම ගම්පහ ප්‍රදේශයේ සමාජ සේවකයකු ලෙස ප්‍රකට ඔස්මන් ගුණසේකර අත්අඩංගුවට ගැනීමත් සමඟ, ඔහු සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...