The Leader News
BREAKING
Top Ad
පුවත්

'සලේට මොනවා හරි වුණොත් වගකීම ඔබ බාරගත යුතුයි' - සර්වජන බලයෙන් ජනපතිට ලිපියක්

T

The Leader Desk

June 14, 2026 • 9:42 AM

'සලේට මොනවා හරි වුණොත් වගකීම ඔබ බාරගත යුතුයි' - සර්වජන බලයෙන් ජනපතිට ලිපියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සර්වජන බලය විධායක සභාව වෙනුවෙන්, එහි මහ ලේකම් නීතිඥ රංජන් සෙනෙවිරත්න ජනාධිපතිවරයා වෙත අද දින (14) යොමුකර ඇති ලිපියක එබව සඳහන් වේ.
  • අස්ගිරි මහා නාහිමියන්ගේ සහ ජ්‍යෙෂ්ඨ හිටපු මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගේ ලිපිවලින් පසු, සලේ වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සෘජු දේශපාලන බලපෑමක් එල්ල කළ ඊළඟ ප්‍රධාන බලවේගය බවට පත්ව ඇත්තේ 'සර්වජන බලය' විධායක සභාවයි.
  • සර්ව ජන බලය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති මෙම නිල ලිපිය මඟින් දැඩි ලෙස අවධාරණය කරන්නේ, රඳවා තබා ගැනීමේ නියෝගය (DO) නිකුත් කළේ විධායකය බැවින්, සැකකරුගේ ජීවිතයට යම් අනතුරක් වුවහොත් එහි ඝෘජු වගකීම අනුර කුමාර දිසානායක මත පැටවෙන බවයි.
  • රටේ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටි එඩිතර රණවිරුවෙකු ලෙස සලේ ට හිමිවිය යුතු ගෞරවය සහ රැකවරණය දිය යුතු බව පවසන 'සර්වජන බලය', මෙම මානුෂීය අර්බුදය ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය මුළුමනින්ම කෙලෙසීමට සමත් "කළු පැල්ලමක්" විය හැකි බවට ද අනතුරු අඟවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සර්වජන බලය විධායක සභාව වෙනුවෙන්, එහි මහ ලේකම් නීතිඥ රංජන් සෙනෙවිරත්න ජනාධිපතිවරයා වෙත අද දින (14) යොමුකර ඇති ලිපියක එබව සඳහන් වේ.

අස්ගිරි මහා නාහිමියන්ගේ සහ ජ්‍යෙෂ්ඨ හිටපු මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගේ ලිපිවලින් පසු, සලේ වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සෘජු දේශපාලන බලපෑමක් එල්ල කළ ඊළඟ ප්‍රධාන බලවේගය බවට පත්ව ඇත්තේ 'සර්වජන බලය' විධායක සභාවයි.

සර්ව ජන බලය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති මෙම නිල ලිපිය මඟින් දැඩි ලෙස අවධාරණය කරන්නේ, රඳවා තබා ගැනීමේ නියෝගය (DO) නිකුත් කළේ විධායකය බැවින්, සැකකරුගේ ජීවිතයට යම් අනතුරක් වුවහොත් එහි ඝෘජු වගකීම අනුර කුමාර දිසානායක මත පැටවෙන බවයි.

රටේ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටි එඩිතර රණවිරුවෙකු ලෙස සලේ ට හිමිවිය යුතු ගෞරවය සහ රැකවරණය දිය යුතු බව පවසන 'සර්වජන බලය', මෙම මානුෂීය අර්බුදය ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය මුළුමනින්ම කෙලෙසීමට සමත් "කළු පැල්ලමක්" විය හැකි බවට ද අනතුරු අඟවයි.

දේශපාලන සහ ආරක්ෂක ක්ෂේත්‍රය තවදුරටත් උණුසුම් කරමින් 'සර්වජන බලය' පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය මතු පළවේ.


අතිගරු ජනාධිපතිතුමනි,

මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධ කඩිනම් අවධානය යොමු කරවීම.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ඔබතුමා විසින් නිකුත් කරන ලද නියෝගයක් මත රඳවා සිටින මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරීහීම සම්බන්ධයෙන් 'සර්වජන බලය' වශයෙන් අපි දැඩි කනස්සල්ලට පත්ව සිටිමු.

රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම උදෙසා එඩිතර රණවිරුවෙකු ලෙස එතුමා ඉටු කළ සුවිශේෂී සේවය අපි අතිශයින් අගය කරමු. ජාතිය වෙනුවෙන් එතුමා කළ කැපවීම සහ දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකි අතර, එවැනි රණවිරුවෙකුට වත්මන් තත්ත්වය තුළ හිමිවිය යුතු ගෞරවය සහ රැකවරණය ලැබිය යුතු බව අපගේ විශ්වාසයයි.

අපට ලැබී ඇති තොරතුරු අනුව, ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින සීග්‍රයෙන් පිරිහෙන  බව පෙනී යයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, ඒ මහතා සහ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද ඉල්ලීම් කඩිනමින් ඉටු කිරීම, ඒ මහතා රඳවා තබා ගැනීමේ නියෝගය නිකුත් කළ පාර්ශවය ලෙස ඔබතුමා සතු සෘජු වගකීමක් ලෙස අපි දකිමු.


රැඳවුම් භාරයේ සිටින පුද්ගලයෙකුගේ මූලික මානව අයිතිවාසිකම් සහ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම රජයක මූලික වගකීමකි.

සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් යම් අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වුවහොත්, එය දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රටට ඇති විශ්වසනීයත්වයට විශාල හානියක් බව අපගේ ස්ථාවරයයි. එමෙන්ම, රඳවා තබා ගැනීමේ නියෝගය නිකුත් කළ අධිකාරිය ලෙස එහි ඝෘජු වගකීම ඔබතුමා මත පැටවෙනු ඇත.

එබැවින්, මානුෂීය පදනමින් සහ නීතියේ ආධිපත්‍යය සුරැකීමේ අරමුණින්, මෙම කරැණ පිළිබද කඩිනම් අවධානය යොමු කර නිසි කටයුතු අප්‍රමාදීයව සලස්වන මෙන් සර්වජන බලය ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මෙයට,
සර්වජන බලය විධායක සභාව වෙනුවෙන්,
නීතිඥ රංජන් සෙනෙවිරත්න
මහ ලේකම්,
සර්වජන බලය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...