The Leader News
BREAKING
Top Ad
පුවත්

සත්‍ය දිනවමු, මහනුවර ඒකාබද්ධ විපක්ෂ ජන රැළියට දේශපාළන පක්ෂ රැසක් සහ විශාල ක්‍රියාකාරීන් පිරිසක්

T

The Leader Desk

June 14, 2026 • 3:28 PM

සත්‍ය දිනවමු, මහනුවර ඒකාබද්ධ විපක්ෂ ජන රැළියට දේශපාළන පක්ෂ රැසක් සහ විශාල ක්‍රියාකාරීන් පිරිසක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ මහජන රැළිය අද (14) පෙරවරුවේ, විපක්ෂයේ දේශපාලනඥයන් රැසකගේ සහ ක්‍රියාකාරී පක්ෂ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි.
  • මෙම දේශපාලන රැළිය සඳහා විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සහ සංවිධාන විස්සක් (20) සහභාගි වී සිටියහ.
  • පීරිස්, චාමර සම්පත් දසනායක, අනුරාධ ජයරත්න, පාඨලී චම්පික රණවක, වජිර අබේවර්ධන, එස්.
  • පියදාස සහ ඉලාහී ආබ්දීන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ මහජන රැළිය අද (14) පෙරවරුවේ, විපක්ෂයේ දේශපාලනඥයන් රැසකගේ සහ ක්‍රියාකාරී පක්ෂ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි.

මෙම දේශපාලන රැළිය සඳහා විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සහ සංවිධාන විස්සක් (20) සහභාගි වී සිටියහ. මෙම රැස්වීමට විපක්ෂයේ දේශපාලන නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විවිධ මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීන් දහස් ගණනක් සහභාගි වූහ.

මෙම විශේෂ දේශපාලන රැළිය නියෝජනය කරමින් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය පාර්ශවයන් නියෝජනය කරමින් මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, සෙසු ආගමික පූජකතුමන්ලා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රැළියට සහභාගි වූ ප්‍රධාන දේශපාලන නායකයින් අතර මහාචාර්ය ජී. එල්. පීරිස්, චාමර සම්පත් දසනායක, අනුරාධ ජයරත්න, පාඨලී චම්පික රණවක, වජිර අබේවර්ධන, එස්. වේලු කුමාර්, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සාගල රත්නායක සහ දයාසිරි ජයසේකර ද සිටියහ.

මීට අමතරව සුගීශ්වර බණ්ඩාර, ප්‍රේමනාත් දොළවත්ත, කේසර සේනානායක, ශාන්තීනී කෝන්ගහගේ, නීතිඥ චන්න ගලප්පත්තිගේ, ලාෆීර් හාජියර්, සමන්ත අරුණ කුමාර, නීතිඥ සුනිල් අමရතුංග, කේ. කේ. පියදාස සහ ඉලාහී ආබ්දීන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් දේශපාලන පක්ෂ සාමාජිකයන් සහ සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක් ශාලාව තුළ සහ ඒ අවට රැස්ව සිටි අතර, නායකයන්ගේ දේශනවලින් අනතුරුව රැස්වීම් කටයුතු සාමකාමීව නිමාවට පත් විය.

dsddsfvv

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සත්‍ය දිනවමු, මහනුවර ඒකාබද්ධ විපක්ෂ ජන රැළියට දේශපාළන පක්ෂ රැසක් සහ විශාල ක්‍රියාකාරීන් පිරිසක් | The Leader