The Leader News
BREAKING
Top Ad
පුවත්

වධහිංසාවට එරෙහිව රජයෙන් ‘ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක්’: එක්සත් ජාතීන්ගේ අනුකමිටුව හමුවේ විජිත හේරත්ගෙන් සහතිකයක්!

T

The Leader Desk

June 15, 2026 • 3:48 PM

වධහිංසාවට එරෙහිව රජයෙන් ‘ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක්’: එක්සත් ජාතීන්ගේ අනුකමිටුව හමුවේ විජිත හේරත්ගෙන් සහතිකයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජූනි 15 සිට 24 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුවේ (SPT) විශේෂ සිව්පුද්ගල නියෝජිත පිරිස අද දින විදේශ, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී විශේෂ වැඩසටහනකට සහභාගී විය.
  • මෙහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා, විශේෂයෙන්ම, වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් වත්මන් රජය පැහැදිලිවම "ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක්" (Zero Tolerance Policy) අනුගමනය කරන බව අවධාරණය කළේය.
  • මෙම ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යවස්ථාදායක, පරිපාලනමය සහ ආයතනික පියවර රැසක් මේ වන විටත් ගෙන ඇති අතර, ඒවායේ ප්‍රගතිය අඛණ්ඩව ඉදිරියට යමින් පවතින බවද ඔහු කියා සිටියේය.
  • එමෙන්ම, මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, නීතියේ ආධිපත්‍යය සුරැකීමටත්, යහපාලනය ශක්තිමත් කිරීමටත් රජය සතු නොසැලෙන කැපවීම ඔහු මෙහිදී නැවත වරක් සහතික කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ව්‍යවස්ථාදායක සහ ආයතනික පියවර රැසක් ක්‍රියාවට; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අනුකමිටුවට පූර්ණ සහාය

2019න් පසු එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුව මෙරටට පැමිණි දෙවන සංචාරය; අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ හර්ෂණ නානායක්කාර සාකච්ඡාවට එක්වෙයි

වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් වත්මන් රජය පැහැදිලිවම "ශුන්‍ය ඉවසීමේ  ප්‍රතිපත්තියක්" (Zero Tolerance Policy) අනුගමනය කරන බව අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුව හමුවේ පැවසිය.

 2026 ජූනි 15 සිට 24 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුවේ (SPT) විශේෂ සිව්පුද්ගල නියෝජිත පිරිස අද දින විදේශ, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී විශේෂ වැඩසටහනකට සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා, විශේෂයෙන්ම, වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් වත්මන් රජය පැහැදිලිවම "ශුන්‍ය ඉවසීමේ  ප්‍රතිපත්තියක්" (Zero Tolerance Policy) අනුගමනය කරන බව අවධාරණය කළේය.

මෙම ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යවස්ථාදායක, පරිපාලනමය සහ ආයතනික පියවර රැසක් මේ වන විටත් ගෙන ඇති අතර, ඒවායේ ප්‍රගතිය අඛණ්ඩව ඉදිරියට යමින් පවතින බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව, ආරක්ෂක අංශ, පොලිසිය හෝ වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයක කිසිදු නිලධාරියෙකුට කිසිදු හේතුවක් මත (සැකකරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීමට හෝ දඬුවම් කිරීමට) කිසිම ආකාරයක වධහිංසාවක් පැමිණවීමට ඉඩ නොදෙන බවත්, යම් හෙයකින් එවැනි වරදක් සිදුවුවහොත්, ඊට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා උපරිම දඬුවම් දීමට රජය පසුබට නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

 ශ්‍රී ලංකාව ප්‍රධාන ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් නවයටම (09 core international human rights Treaties) පාර්ශවකරුවෙකු වූ රාජ්‍යයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම සංචාරය හරහා ස්වේච්ඡාවෙන් භාරගත් බැඳීම්වලට අනුකූල වීම ශක්තිමත් කිරීමට රජයට ඇති කැපවීම මනාව පිළිබිඹු වන බව සඳහන් කළේය.


එමෙන්ම, මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, නීතියේ ආධිපත්‍යය සුරැකීමටත්, යහපාලනය ශක්තිමත් කිරීමටත් රජය සතු නොසැලෙන කැපවීම ඔහු මෙහිදී නැවත වරක් සහතික කර සිටියේය. ශ්‍රී ලංකා රජය මෙම අනුකමිටුව සමඟ විවෘත, ඉදිරිගාමී සහ විනිවිදභාවයෙන් යුත් ආකාරයකින් කටයුතු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම සියලු කටයුතු සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකාව 2017 වසරේ දෙසැම්බර් මාසයේදී වධහිංසාවට සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලට හෝ දඬුවම්වලට එරෙහි සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලයට (OPCAT) අත්සන් තැබීමෙන් පසුව, එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුව මීට පෙර 2019 අප්‍රේල් මාසයේදී සිය ප්‍රථම සංචාරය මෙරටට සිදු කළේ ය. 

 
එහි දෙවන සංචාරය ලෙස අයිෂා ෂුජූන් මුහම්මද්ගේ (Ms. Aisha Shujune Muhammad - මාලදිවයින) ප්‍රධානත්වයෙන් යුතුව පැමිණි මෙම දූත පිරිස සමඟ පැවැති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ද සහභාගි වූහ. එමෙන් ම අදාළ රේඛීය අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

 000000sss 1000000sss 2000000sss 3000000sss 5000000sss 6

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වධහිංසාවට එරෙහිව රජයෙන් ‘ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක්’: එක්සත් ජාතීන්ගේ අනුකමිටුව හමුවේ විජිත හේරත්ගෙන් සහතිකයක්! | The Leader