නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මඟින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, දැනට ක්‍රියාත්මක වන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන පදනම් කරගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන යන අය නම් කරනු ලැබ සිටිති.
තමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත්, පෙත්සම විභාග කර අවසන් වනතුරු තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වමින් වගඋත්තරකරුවන්ට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පෙත්සම මඟින් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.




