The Leader News
BREAKING
Top Ad
පුවත්

පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලිමිනිද? නාමල්ද?

T

The Leader Desk

June 17, 2026 • 3:49 PM

පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලිමිනිද? නාමල්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍ය කැළඹූ 2029 ජනාධිපතිවරණ රාවය සහ නෙත් නිවුස් ‘රතු කට්ට’ සංවාදයෙන් සංජීව එදිරිමාන්න දුන් නිල පිළිතුර.
  • ඒ තමයි 2029 ජනාධිපතිවරණ සටනට පොහොට්ටුව පැත්තෙන් නාමල් රාජපක්ෂ ගේ ආදරණීය බිරිඳ වන ලිමිනි රාජපක්ෂ ඉදිරිපත් වෙන්න සූදානමක් තියෙනවා කියන එක.
  • මේ කතාව මෙහෙම පැතිරෙන්න පටන් ගත්තේ වත්මන් මාලිමා පාලනය විසින් පොහොට්ටුවේ ප්‍රබලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තාත් සමඟයි.
  • නාමල් රාජපක්ෂ මේ දිනවල රට පුරා දේශපාලන රැස්වීම්වලට කාර්යබහුල වෙලා ඉන්න නිසා, පවුලේ වගේම විවිධ සාමාජීය උත්සවවලට නාමල් වෙනුවෙන් ලිමිනි සහභාගි වන ආකාරය නිතරම දකින්න ලැබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


සමාජ මාධ්‍ය කැළඹූ 2029 ජනාධිපතිවරණ රාවය සහ නෙත් නිවුස් ‘රතු කට්ට’ සංවාදයෙන් සංජීව එදිරිමාන්න දුන් නිල පිළිතුර.

ලංකාවේ දේශපාලනය කියන්නේ කවදාවත් පාලුවක් නැති, හැමදාම අලුත් අලුත් කතා මැවෙන අපූරු තැනක්. ඔන්න ඊළඟ ජනාධිපතිවරණය තියෙන්නෙත් තව අවුරුදු කිහිපයකින් වුණාට, දේශපාලන කරළියේ වගේම සමාජ මාධ්‍ය ජාලාවලත් ඊළඟ අපේක්ෂකයන් කවුද කියන එක ගැන දැන් ඉඳන්ම මාර සටනක් යන්න පටන් අරන්.

මේ දිනවල ශෝෂල් මිඩියා එකේ කාගේත් කතාබහට ලක්වෙන අලුත්ම දේශපාලන කටකතාව තමයි, පොහොට්ටුවේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්නේ කවුද කියන එක.

පසුගිය දින කිහිපය පුරාම ෆේස්බුක්, ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ජාලාවල අපූරු කතාවක් වයිරල් වෙන්න පටන් ගත්තා. ඒ තමයි 2029 ජනාධිපතිවරණ සටනට පොහොට්ටුව පැත්තෙන් නාමල් රාජපක්ෂ ගේ ආදරණීය බිරිඳ වන ලිමිනි රාජපක්ෂ ඉදිරිපත් වෙන්න සූදානමක් තියෙනවා කියන එක.

මේ කතාව මෙහෙම පැතිරෙන්න පටන් ගත්තේ වත්මන් මාලිමා පාලනය විසින් පොහොට්ටුවේ ප්‍රබලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තාත් සමඟයි. මාලිමාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවා මේ ගැන විවිධ අදහස් දක්වලා තිබුණා.

හැබැයි, මේ ලිමිනිගේ කතාව නිකම්ම අහසින් පාත් වෙච්ච එකක් නෙවෙයි. නාමල් රාජපක්ෂ මේ දිනවල රට පුරා දේශපාලන රැස්වීම්වලට කාර්යබහුල වෙලා ඉන්න නිසා, පවුලේ වගේම විවිධ සාමාජීය උත්සවවලට නාමල් වෙනුවෙන් ලිමිනි සහභාගි වන ආකාරය නිතරම දකින්න ලැබෙනවා.

පසුගියදා ප්‍රකට නීතිඥ උපුල් කුමරප්පෙරුම ගේ පුත්‍රයාගේ අවමංගල්‍ය උත්සවයට පවා ඇය සහභාගි වී සිටියා.

මේ කටකතා සියල්ලටම නිල වශයෙන් තිත තියන්න පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පියවර ගෙන තිබුණා. ඔහු පසුගියදා ‘නෙත් නිවුස්’ යූ ටියුබ් නාලිකාවේ සුප්‍රකට "රතු කට්ට" දේශපාලන සංවාදයට එක්වෙමින් ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළේ, පොහොට්ටුවේ මීළඟ නියත ජනාධිපතිවරණ අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මිස වෙනත් අයෙකු නොවන බවයි.

දේශපාලන විචාරකයන් පවසන්නේ සමාජ මාධ්‍යවල යන ලිමිනිගේ කතාව යටපත් කරන්නම සංජීව එදිරිමාන්න මේ ප්‍රකාශය සිදු කරන්න ඇති බවයි.

ඇත්තටම ලිමිනි රාජපක්ෂ කියන්නේ තමන්ගේම කියලා ව්‍යාපාරික කටයුතු කරගෙන යන, ඉතාමත් නිර්මාණශීලී හැකියාවන් තියෙන දක්ෂ කාන්තාවක්. ඇය දේශපාලනයට එනවාද නැද්ද කියන එක තීරණය කරන්න තව බොහෝ කල් තිබෙනවා.

දේශපාලන ලෝකයේ කටකතා සහ රාවයන් පැතිරීම සාමාන්‍ය දෙයක් වුණත්, පක්ෂයක නිල තීරණ සහ සමාජ මාධ්‍ය කතාබහ කියන්නේ පැහැදිලිවම දෙකක්.
කොහොම වුණත්, ඉදිරි වසර කිහිපය ඇතුළත දේශපාලන කරළියේ මොන වගේ පෙරළි සිදුවෙයිද කියලා අපිට දැන්ම කියන්න බැහැ.

ඒ කතා කෙසේවෙතත් අද (17) ‘සුප්‍රීම් TV ' රාත්‍රී පුවත් විකාශයේ මෙම කාරණය සම්බන්ධයෙන් විශේෂ අනාවරණය කර තිබුන.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...