The Leader News
BREAKING
Top Ad
පුවත්

ගෝඨාභයගේ ‘අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ’ පෙත්සම විභාගයට: අධිකරණයේදී දෙපාර්ශවය ගැටෙයි

T

The Leader Desk

June 18, 2026 • 6:08 PM

 ගෝඨාභයගේ ‘අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ’ පෙත්සම විභාගයට: අධිකරණයේදී දෙපාර්ශවය ගැටෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රිට් පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණයේදී අද (18) ආරම්භ විය.
  • හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ තර්ක කළේ, කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම යුක්තිය ඉටු කිරීමක් නොවන බවයි.
  • රිමාන්ඩ් භාරයට පත් කිරීම "දඬුවමක්" ලෙස භාවිත නොකළ යුතු බව ඔහු අවධාරණය කළේය.
  • එහෙත් පදනමකින් තොරව විදේශ ගමන් තහනමක් පනවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

රිට් පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණයේදී අද (18) ආරම්භ විය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදුවිය.


හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ තර්ක කළේ, කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම යුක්තිය ඉටු කිරීමක් නොවන බවයි. රිමාන්ඩ් භාරයට පත් කිරීම "දඬුවමක්" ලෙස භාවිත නොකළ යුතු බව ඔහු අවධාරණය කළේය.


නීතිඥ තර්කය:
ගෝඨාභය රාජපක්ෂ කිසිදු විමර්ශනයකට කැඳවා නැත; සාක්ෂිකරුවන්ට බලපෑම් කර නැත. එහෙත් පදනමකින් තොරව විදේශ ගමන් තහනමක් පනවා ඇත.

බිය:
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගතහොත් ඇප ලැබීමේ අයිතිය අහිමි වන බැවින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරය සෙවූ 'ජනක් ද සිල්වා' කොමිසමේ වෙළුම් 6 කින් යුත් වාර්තාවේ කිසිදු තැනක ගෝඨාභය රාජපක්ෂ ගැන සඳහන් නොවන බවයි.

ඒ වෙනුවට, ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එවකට CID අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු DIG රවී සෙනවිරත්නට එරෙහිව නඩු පැවරීමට 'ජයිකි ද අල්විස්' කොමිසම නිර්දේශ කර තිබූ බව ඔවුහු පෙන්වා දෙති. වත්මන් CID විමර්ශන මෙහෙයවීම පිටුපස ගැටලු සහගත තත්ත්වයක් ඇති බවට ද ඔවුහු චෝදනා කරති.


නීතිපති පාර්ශවයේ ස්ථාවරය
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂී හේරත් මෙම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කළාය.
රාජ්‍ය පාර්ශවයේ මතය: 
පෙත්සම්කාර පාර්ශවය නීතිපති දෙපාර්තමේන්තුව "රූකඩයක්" ලෙස පෙන්වීමට උත්සාහ කරන බවත්, එය හුදෙක් මාධ්‍ය ඉලක්ක කරගෙන සිදු කරන ප්‍රකාශයක් පමණක් බවත් ඇය පැවසුවාය.

ප්‍රතිචාරය: 
තමන් නීතිපතිවරයාට චෝදනා නොකරන බවත්, පවතින තත්ත්වය පමණක් පෙන්වා දුන් බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන ජූනි 24 වන දා දක්වා කල් තබා ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...