The Leader News
BREAKING
Top Ad
පුවත්

ආසන පටි නීතිය අද සිට අකුරටම: සහන කාලය අවසන්, නීතිය කඩ කළහොත් දඩ

T

The Leader Desk

June 20, 2026 • 9:30 AM

ආසන පටි නීතිය අද සිට අකුරටම: සහන කාලය අවසන්, නීතිය කඩ කළහොත් දඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සඳහා රියදුරන් සහ මගීන් දැනුවත් කිරීම වෙනුවෙන් ලබා දී තිබූ සහන කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.
  • අධිවේගී මාර්ගවල ධාවනය වන වාහන: අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන සම්බන්ධයෙන් නීතිය වඩාත් දැඩි කර ඇත.
  • රථවාහන අනතුරුවලදී සිදුවන ජීවිත හානි අවම කරගැනීම සඳහා මෙම තීරණය ගත් බව පවසන පොලිස් මූලස්ථානය, අද සිට නීතිය කඩකරන පිරිස් වෙත කිසිදු ලිහිලක් නොදක්වා නීතිමය පියවර ගන්නා ලෙස සියලුම රථවාහන පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ සඳහා රියදුරන් සහ මගීන් දැනුවත් කිරීම වෙනුවෙන් ලබා දී තිබූ සහන කාලය ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.

ඒ අනුව, අද සිට ක්‍රියාත්මක වන නව රීතීන් මාලාව පහත පරිදි වේ.

සාමාන්‍ය මාර්ගවල ධාවනය වන වාහන:
සාමාන්‍ය මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල රියදුරු මෙන්ම ඉදිරිපස අසුනේ ගමන් ගන්නා මගියා ද ආසන පටි පැළඳීම අනිවාර්ය වේ.

අධිවේගී මාර්ගවල ධාවනය වන වාහන:
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන සම්බන්ධයෙන් නීතිය වඩාත් දැඩි කර ඇත. එහිදී රියදුරු සහ ඉදිරිපස මගියාට අමතරව, පසුපස අසුන්වල ගමන් ගන්නා සියලුම මගීන් ද අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳ සිටිය යුතුය.

රථවාහන අනතුරුවලදී සිදුවන ජීවිත හානි අවම කරගැනීම සඳහා මෙම තීරණය ගත් බව පවසන පොලිස් මූලස්ථානය, අද සිට නීතිය කඩකරන පිරිස් වෙත කිසිදු ලිහිලක් නොදක්වා නීතිමය පියවර ගන්නා ලෙස සියලුම රථවාහන පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...