The Leader News
BREAKING
Top Ad
පුවත්

වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදීමේ අවසන් දිනය හෙටයි: භාර නොදුන්නොත් දඩ

T

The Leader Desk

June 29, 2026 • 3:23 PM

වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදීමේ අවසන් දිනය හෙටයි: භාර නොදුන්නොත් දඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) දැනුම් දී තිබේ.
  • ඒ අනුව, 2026 ජූනි 30 දින අවසන් වන විටත් නීතියට අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතර, පනතේ විධිවිධාන අනුව දඩ මුදල් අයකර ගැනීමට ද කටයුතු කරන බව කොමිසම සඳහන් කරයි.
  • මෙම වාර්ෂික ප්‍රකාශය මාර්තු 31 දිනට තමන් සතු වත්කම්, බැරකම්, ආදායම් හා අදාළ මූල්‍ය තොරතුරු පදනම් කරගෙන සකස් කළ යුතු අතර, එය 2026 ජූනි 30ට පෙර ඉලෙක්ට්‍රොනික වත්කම් හා බැරකම් ප්‍රකාශන පද්ධතිය (e-Declaration System) ඔස්සේ ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
  • නව ක්‍රමවේදය යටතේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කර ඇති අතර, තොරතුරු නිවැරදිව හා නියමිත කාලය තුළ ලබාදීම ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැඳී සිටින සියලු නිලධාරීන්ගේ වගකීම බවද කොමිසම අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) දැනුම් දී තිබේ.


ඒ අනුව, 2026 ජූනි 30 දින අවසන් වන විටත් නීතියට අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතර, පනතේ විධිවිධාන අනුව දඩ මුදල් අයකර ගැනීමට ද කටයුතු කරන බව කොමිසම සඳහන් කරයි.

මෙම වාර්ෂික ප්‍රකාශය මාර්තු 31 දිනට තමන් සතු වත්කම්, බැරකම්, ආදායම් හා අදාළ මූල්‍ය තොරතුරු පදනම් කරගෙන සකස් කළ යුතු අතර, එය 2026 ජූනි 30ට පෙර ඉලෙක්ට්‍රොනික වත්කම් හා බැරකම් ප්‍රකාශන පද්ධතිය (e-Declaration System) ඔස්සේ ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

නව ක්‍රමවේදය යටතේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කර ඇති අතර, තොරතුරු නිවැරදිව හා නියමිත කාලය තුළ ලබාදීම ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැඳී සිටින සියලු නිලධාරීන්ගේ වගකීම බවද කොමිසම අවධාරණය කරයි.

මෙම නව රෙගුලාසිය ක්‍රියාත්මක කර ඇත්තේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ විධිවිධාන අනුව රාජ්‍ය සේවයේ විනිවිදභාවය, වගවීම සහ යහපාලන මූලධර්ම ශක්තිමත් කිරීම සඳහා බවත්, දූෂණය, වංචාව හා අක්‍රමිකතා වැළැක්වීම එහි ප්‍රධාන අරමුණ බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දෙයි.

කොමිසම තවදුරටත් ඉල්ලා සිටින්නේ, අවසන් දිනය දක්වා නොසිට හැකි ඉක්මනින් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙසත්, තාක්ෂණික ගැටලු මතුවුවහොත් කල්තියා ඒ සඳහා අවශ්‍ය සහාය ලබා ගන්නා ලෙසත් ය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...