ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව සිල්ලර මිල රුපියල් 414ක් ලෙස නියම කර ඇත.
එමෙන්ම, ලංකා ඔටෝ (සුදු) ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 382ක් වේ.
කෙසේ වෙතත්, ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්හි කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බව සංස්ථාව සඳහන් කළේය.
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කළ මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව, එම සමාගම් ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දමා ඇත.
නව CPC සිල්ලර ඉන්ධන මිල ගණන්:
ඔක්ටේන් 92 පෙට්‍රල් – රු. 414
ඔක්ටේන් 95 පෙට්‍රල් – රු. 467 (වෙනසක් නැත)
ඔටෝ (සුදු) ඩීසල් – රු. 382
සුපර් ඩීසල් – රු. 470 (වෙනසක් නැත)
භූමිතෙල් – රු. 257 (වෙනසක් නැත)





