The Leader News
BREAKING
සරසවි අනධ්‍යයන වර්ජනය: ආර්ථික ස්ථාවරත්වය ජනතාවට දැනෙන්නේ කවදාද?●පන්දුව පළුදු කිරීම ගැන කවාජාගෙන් ඉන්දියාවට, පාකිස්තානයට සහ දකුණු අප්‍රිකාවට චෝදනා●සාගර ආර්ථිකය සහ ස්වාධීනත්වය රැකගැනීමට ශ්‍රී ලංකා - නවසීලන්ත එකමුතුවක්●2027 අයවැයෙන් මෙරට කෘෂිකර්මාන්තයට මඟහැරුණු සැබෑ අවස්ථා මොනවාද?●ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 12ක් වහාම හරවා එවයි●ඕස්ට්‍රේලියාවේ සිට වීසා අයදුම් කරන විදේශිකයන්ට හදිසි මූල්‍ය බරක්●ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය●කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●
Top Ad
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුමින් පහර කෑ රැඳවියන්ගේ පවුල්වලින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි!

T

The Leader Desk

July 31, 2026 • 11:15 AM

මීගමුව බන්ධනාගාර ගැටුමින් පහර කෑ රැඳවියන්ගේ පවුල්වලින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ සිදුවීමෙන් විපතට පත් රැඳවියන් 12 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් මෙම පැමිණිලි ගොනු කරනු ලැබූ අතර, අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙසත් එහිදී ඉල්ලා ඇත.
  • එම අවස්ථාව සඳහා බන්ධනාගාර අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ, නීතිඥ සෙනක පෙරේරා, අධ්‍යක්ෂ නීතිඥ ප්‍රබෝධ රත්නායක, කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් ඇතුළු නියෝජිතයන් පිරිසක් සහ විපතට පත් රැඳවියන්ගේ ඥාතීන් එක්ව සිටියහ.
  • බන්ධනාගාර අර්බුදය සහ මානව හිමිකම් බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ නිලධාරීන් අතින් සිදුවන බවට චෝදනා නැගෙන වධහිංසනයන් (Torture) වැළැක්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම සංවාදයක් නිර්මාණය වී පවතින පසුබිමක මෙම පැමිණිලි ඉදිරිපත් වීම විශේෂත්වයකි.
  • ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ රැඳවියන්ගේ සූරාකෑම් වැළැක්වීම වෙනුවෙන් ක්‍රියාකරන මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ, බන්ධනාගාර තුළ සිදුවන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම රාජ්‍යයේ වගකීමක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

*මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිව බන්ධනාගාර අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ මැදිහත්වීම

 

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර සහ ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රහාරයන්ට හා වධහිංසනයන්ට ලක්ව මියගිය සහ තුවාල ලැබූ රැඳවියන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත නිල වශයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

 

අදාළ සිදුවීමෙන් විපතට පත් රැඳවියන් 12 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් මෙම පැමිණිලි ගොනු කරනු ලැබූ අතර, අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙසත් එහිදී ඉල්ලා ඇත.

 

බන්ධනාගාර අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ මැදිහත්වීම

 

මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සඳහා බන්ධනාගාර අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRPSL) සෘජු සහයෝගය සහ නීතිමය මාර්ගෝපදේශනය ලබා දී තිබේ.

එම අවස්ථාව සඳහා බන්ධනාගාර අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ, නීතිඥ සෙනක පෙරේරා, අධ්‍යක්ෂ නීතිඥ ප්‍රබෝධ රත්නායක, කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් ඇතුළු නියෝජිතයන් පිරිසක් සහ විපතට පත් රැඳවියන්ගේ ඥාතීන් එක්ව සිටියහ.

 

බන්ධනාගාර අර්බුදය සහ මානව හිමිකම්

 

බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ නිලධාරීන් අතින් සිදුවන බවට චෝදනා නැගෙන වධහිංසනයන් (Torture) වැළැක්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම සංවාදයක් නිර්මාණය වී පවතින පසුබිමක මෙම පැමිණිලි ඉදිරිපත් වීම විශේෂත්වයකි.

 

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ රැඳවියන්ගේ සූරාකෑම් වැළැක්වීම වෙනුවෙන් ක්‍රියාකරන මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ, බන්ධනාගාර තුළ සිදුවන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම රාජ්‍යයේ වගකීමක් බවයි.

 x post

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...