BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුවේ තීන්දුව: හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම!

T

The Leader Desk

July 31, 2026 • 12:08 PM

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුවේ තීන්දුව: හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * පැය 4ක දීර්ඝ තීන්දුවකින් චෝදනා 854කට වරදකරු වෙයි; ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් බෙදුණු තීන්දුවක්
  • කෙසේ වෙතත්, සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් වීරසූරිය ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතු බවයි.
  • 2022 පෙබරවාරි මාසයේදී විත්ති වාචික කැඳවීමකින් තොරවම මොවුන් දෙදෙනා නිදහස් කිරීමට එදිනෙදා පැවැති මහාධිකරණය තීන්දු කළද, ඊට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය.
  • ඒ අනුව පූජිත් ජයසුන්දර ට එරෙහි නඩුවේ තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් වූ අතර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහි නඩුවේ තීන්දුවද අද රාත්‍රී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. 
අකුරු ප්‍රමාණය (Font Size):

* රාජ්‍ය බුද්ධි සේවයෙන් පූර්ව තොරතුරු ලැබී තිබියදීත් වගකීම් පැහැර හැරීම මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමක් බවට තීන්දුවක්


ත්‍රිපුද්ගල මහාධිකරණයේ බෙදුණු තීන්දුව

2019 පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වීමට නියමිත බවට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග වූ අතර, පැය 4කට අධික කාලයක් පුරා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාව මත මෙම නියෝගය ලබා දෙන ලදී. ඉදිරිපත් කර තිබූ සමස්ත චෝදනා 855න් චෝදනා 854කටම හිටපු පොලිස්පතිවරයා වරදකරු බව බහුතර විනිසුරුවරු තීන්දු කළහ.


බහුතර සහ සුළුතර විනිසුරු නිගමන

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ පෙන්වා දුන්නේ, 2019 අප්‍රේල් 20 වන දින සවස එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට පූජිත් ජයසුන්දර  වෙත තොරතුරු ලබා දී තිබූ බවයි.

රටේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ මුඛ්‍ය වගකීම පැවරී තිබූ උසස්ම නිලධාරියා ලෙස එම තත්ත්වය වළක්වා ගැනීමට කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් පුද්ගලයන් 268 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 586 දෙනෙකු තුවාල ලැබූ බවත්, එය අපරාධ වළක්වා ගැනීමට රාජ්‍යය විසින් පත්කළ නිලධාරියෙකු සිය වගකීම අතහැරීමක් බවත් බහුතර තීන්දුවේ සඳහන් විය.

කෙසේ වෙතත්, සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් වීරසූරිය ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතු බවයි.


නඩුවේ නීතිමය ගමනාන්තය

මෙම සිදුවීමට අදාළව නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහිව වෙන් වෙන් වශයෙන් නඩු පවරා තිබුණි. 2022 පෙබරවාරි මාසයේදී විත්ති වාචික කැඳවීමකින් තොරවම මොවුන් දෙදෙනා නිදහස් කිරීමට එදිනෙදා පැවැති මහාධිකරණය තීන්දු කළද, ඊට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය.

විත්ති වාචික කැඳවීමකින් තොරව නිදහස් කිරීම නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුව නඩුව නැවත විභාගයට ගැනිණි. ඒ අනුව පූජිත් ජයසුන්දර ට එරෙහි නඩුවේ තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් වූ අතර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහි නඩුවේ තීන්දුවද අද රාත්‍රී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...