BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරයේ මරණ දඬුවම ලැබූ පූජිත් සහ හේමසිරි ජම්පරයෙන් වැලිකඩට!

T

The Leader Desk

August 1, 2026 • 4:00 AM

පාස්කු ප්‍රහාරයේ මරණ දඬුවම ලැබූ පූජිත් සහ හේමසිරි ජම්පරයෙන් වැලිකඩට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *බහුතර තීන්දුවෙන් වරදකරුවන් වූ හිටපු පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට මරණීය දණ්ඩනය
  • නඩු මග, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ චෝදනා ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් පුද්ගලයන් 268 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා 855ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.
  • 2022 පෙබරවාරි 18 වන දා නාමල් බලල්ලේ, මොහොමඩ් ඉර්ෂඩීන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරන්ගෙන් සැදුම්ලත් එවකට මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්ති වාචික කැඳවීමකින් තොරවම මොවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කරන ලදී.
  • එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන නිසි බුද්ධි තොරතුරු සැපයීමට අපොහොසත් වී ඇති බව එහිදී පෙන්වා දී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


*2022 නිදොස් කොට නිදහස් කිරීම්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග සහ වසර 7කට පසු ලැබුණු තීරණාත්මක තීන්දුව


ත්‍රිපුද්ගල මහාධිකරණයේ බෙදුණු තීන්දුව සහ මරණ දඬුවම

2019 පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු දෙදෙනාට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ මරණීය දණ්ඩනය නියම කරනු ලැබිය.

ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග වූ අතර, එහිදී බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරිණි. විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ විනිසුරු තිලකරත්න බණ්ඩාර විනිසුරුවරුන්ගේ බහුතර තීන්දුව අනුව විත්තිකරුවන් දෙදෙනාට මරණ දඬුවම නියම වූ අතර, විනිසුරු විරාජ් වීරසූරිය ප්‍රකාශ කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවයි.

නඩු මග, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ චෝදනා

ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් පුද්ගලයන් 268 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා 855ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.

2022 පෙබරවාරි 18 වන දා නාමල් බලල්ලේ, මොහොමඩ් ඉර්ෂඩීන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරන්ගෙන් සැදුම්ලත් එවකට මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්ති වාචික කැඳවීමකින් තොරවම මොවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කරන ලදී. එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන නිසි බුද්ධි තොරතුරු සැපයීමට අපොහොසත් වී ඇති බව එහිදී පෙන්වා දී තිබුණි.

කෙසේ වෙතත්, එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අභියාචනය සලකා බැලූ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 2024 නොවැම්බර් 05 වන දින මහාධිකරණ තීන්දුව බලරහිත කරමින් නැවත විත්තිවාචකය කැඳවා නඩුව විභාග කරන ලෙස නියෝග කළේය. ඒ අනුව යළි පැවැති නඩු විභාගයෙන් අනතුරුව මෙම මරණ දඬුවම් තීන්දුව ප්‍රකාශයට පත් විය.

බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ 2019 අප්‍රේල් 20 වන දින සවස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසින් එල්ල වීමට නියමිත ප්‍රහාරය පිළිබඳව ලිඛිත හා බුද්ධි තොරතුරු (WhatsApp පණිවිඩ ද ඇතුළත්ව) ලබා දී තිබියදීත්, ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා ලෙස ත්‍රිවිධ හමුදාව හෝ බුද්ධි අංශ රැස්කර එය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට ක්‍රියා කර නොමැති බවයි.

wa

තීන්දුවෙන් පසු වැලිකඩට සහ සිරකරු ජම්පරය

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ඊයේ රාත්‍රියේම දැඩි ආරක්ෂක ව්‍යූහයක් යටතේ බන්ධනාගාර බස් රථයකින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරන පරිදි, ඔවුන් දෙදෙනා සිරකරුවන් ලෙස ලියාපදිංචි කිරීමෙන් අනතුරුව සිරකරුවන්ට නියමිත ජම්පරය නිකුත් කර ඇති අතර, පසුව වැලිකඩ බන්ධනාගාරයේ විශේෂිත වාට්ටුවක රැඳවීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසය තුළ ආරක්ෂක ලේකම්වරයෙකුට සහ පොලිස්පතිවරයෙකුට මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ මරණීය දණ්ඩනය හිමිවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සටහන් වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...