*අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල වන බලපෑම් ගැන ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානය
ප්‍රංශ ජාතික නීතිඥ සම්මේලනයේ තීරණය සහ ජාත්‍යන්තර සහාය
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා රජය මගින් ගෙන ඒමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාමෙන් වළකින ලෙස ප්‍රංශයේ ජාතික නීතිඥ සම්මේලනය (Conseil National des Barreaux) ශ්‍රී ලංකා රජයෙන් නිල වශයෙන් ඉල්ලා සිටියි.
මෙරට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පියවරට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය සහ ඒකමතික තීරණය සපථ කරමින්, ප්‍රංශ ජාතික නීතිඥ සම්මේලනය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් ද සම්මත කරගෙන තිබීම කැපී පෙනෙන කරුණකි.
අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතා විශ්වාසය
සම්මත කරගන්නා ලද අදාළ යෝජනාව මගින් ප්‍රංශ නීතිඥ සම්මේලනය පෙන්වා දෙන්නේ, හදිසියේ සිදුකිරීමට යෝජිත මෙම සංශෝධනය අධිකරණ පද්ධතිය වෙත සෘජු හා නිර්දය බලපෑමක් එල්ල කිරීමේ උත්සාහයක් ලෙස මහජනතාව විසින් වටහාගැනීමේ දැඩි අවදානමක් පවතින බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ නීතියේ ආධිපත්‍යය සුරැකීමට මෙන්ම යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු වීමට නම් ස්වාධීන, අපක්ෂපාතී සහ අවංකභාවයෙන් යුත් අධිකරණ පද්ධතියක් පැවැතීම අත්‍යවශ්‍ය සාධකයක් බව එම සම්මේලනය අවධාරණය කරයි. ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන අන්දමින් සිදුකෙරෙන මෙම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය වහාම අත්හිටුවන ලෙස ප්‍රංශ නීතිඥ සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
අධිකරණ ක්ෂේත්‍රයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව යම් සංශෝධනයක් සිදු කරන්නේ නම්, එය රහසිගතව හෝ හදිසියේ සිදු නොකර සියලු පාර්ශ්වකරුවන්ගේ ප්‍රමාණවත් අදහස් හා යෝජනා ලබාගනිමින් විනිවිදභාවයකින් යුතුව සිදු කළ යුතු බව ප්‍රංශ ජාතික නීතිඥ සම්මේලනය වැඩිදුරටත් මතක් කර දෙයි.
විනිසුරු විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහිව ප්‍රංශ නීතිඥ සම්මේලනයෙනුත් ශ්‍රී ලංකාවට තදබල ඉල්ලීමක්!
T
The Leader Desk
August 1, 2026 • 4:18 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- *ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සටනට ජාත්‍යන්තර සහාය: යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගන්නැයි ප්‍රංශයෙන් යෝජනාවක් සම්මත වෙයි
- ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන අන්දමින් සිදුකෙරෙන මෙම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය වහාම අත්හිටුවන ලෙස ප්‍රංශ නීතිඥ සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



