BREAKING
ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●
Top Ad
පුවත්

මීගමුවෙන් මහරට පැතිර ගිය බන්ධනාගාර අර්බුදය: අතුරුදන් වූවන් සහ පද්ධතිමය කඩාවැටීම ගැන හදිසි අවධානයක්!

T

The Leader Desk

August 3, 2026 • 4:02 PM

මීගමුවෙන් මහරට පැතිර ගිය බන්ධනාගාර අර්බුදය: අතුරුදන් වූවන් සහ පද්ධතිමය කඩාවැටීම ගැන හදිසි අවධානයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීගමුව බන්ධනාගාරයෙන් අතුරුදන් වූ රැඳවියන් ගැන CPRP සංවිධානයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට පැමිණිල්ලක්
  • මීට අමතරව අතුරුදන් වූ තවත් රැඳවියන් පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතින අතර, එම තොරතුරු තහවුරු කරගත් වහාම ඉදිරි නිල පැමිණිලි යොමු කිරීමට පියවර ගන්නා බව ද CPRP සංවිධානය අවධාරණය කරයි.
  • මහර බන්ධනාගාර නොසන්සුන්තාව සහ CHR හදිසි අනාවරණය මීගමුව සිදුවීමට පසුබිම්ව මහර බන්ධනාගාරය තුළ ද පැන නැගී ඇති උණුසුම් සහ අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් පර්යේෂණ මධ්‍යස්ථානය (CHR Sri Lanka) විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
  •   මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් සමඟ වෙඩි තැබීම්, ගිනිගැනීම් සහ තුවාල ලැබීම් වාර්තා වී ඇති අතර, බන්ධනාගාරයෙන් පිටත ප්‍රදේශයේ ද උද්වේගකර තත්ත්වයක් නිර්මාණය වී තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


මහර නොසන්සුන්තාව සහ බන්ධනාගාරවල පවතින දැඩි තදබදය හමුවේ CHR සංවිධානයෙන් බලධාරීන්ට හදිසි යෝජනා මාලාවක්


මීගමුව බන්ධනාගාරයෙන් අතුරුදන් වූ රැඳවියන් සහ CPRP පැමිණිල්ල

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්කාරී සිදුවීම්වලින් අනතුරුව වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවන ලද රැඳවියන් කිහිපදෙනෙකු පිළිබඳ තොරතුරු තවදුරටත් අපැහැදිලි මට්ටමක පවතින බව බන්ධනාගාර අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) ප්‍රකාශ කරයි. ජූලි 28 වන දින පැමිණිලි කරන ලද අතුරුදන් වූ රැඳවියන් තිදෙනාට අමතරව, තවත් රැඳවියන් තිදෙනෙකු (ගනේගොඩ ආරච්චිලාගේ වසන්ත සම්පත්, මනික්කුගේ දිලුමි මධුෂංක රූපසිංහ සිල්වා, ධනංජය පෙරේරා) පිළිබඳව අද දින අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම සංවිධානය සඳහන් කරයි.

අදාළ පැමිණිල්ලේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, විෂයභාර අමාත්‍යවරයා, පොලිස්පතිවරයා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත ද යොමු කර ඇත. මීට අමතරව අතුරුදන් වූ තවත් රැඳවියන් පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතින අතර, එම තොරතුරු තහවුරු කරගත් වහාම ඉදිරි නිල පැමිණිලි යොමු කිරීමට පියවර ගන්නා බව ද CPRP සංවිධානය අවධාරණය කරයි.

sdsfsee
මහර බන්ධනාගාර නොසන්සුන්තාව සහ CHR හදිසි අනාවරණය

මීගමුව සිදුවීමට පසුබිම්ව මහර බන්ධනාගාරය තුළ ද පැන නැගී ඇති උණුසුම් සහ අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් පර්යේෂණ මධ්‍යස්ථානය (CHR Sri Lanka) විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් ගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය කළමනාකරණය කිරීමට සහ රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට අදාළ වගකිවයුතු අංශ අපොහොසත් වී ඇති බවයි.  

මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් සමඟ වෙඩි තැබීම්, ගිනිගැනීම් සහ තුවාල ලැබීම් වාර්තා වී ඇති අතර, බන්ධනාගාරයෙන් පිටත ප්‍රදේශයේ ද උද්වේගකර තත්ත්වයක් නිර්මාණය වී තිබිණි. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් ඇඳිරි නීතිය පැනවීම සහ ජල ප්‍රහාර එල්ල කිරීම වැනි පියවර ගැනීමට පොලිසියට සිදු විය.  

බන්ධනාගාර තදබදය, විගණන වාර්තා සහ CHR යෝජනා

මෙරට බන්ධනාගාර පද්ධතිය මුහුණ දී සිටින දැඩි තදබදය මෙම අර්බුදයන්ට මූලික හේතුව වී ඇති බව පෙන්වා දෙන CHR සංවිධානය, මහර, වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින් සහ මීගමුව යන බන්ධනාගාරයන්හි නියමිත ධාරිතාවට වඩා තෙගුණයකටත් පස්ගුණයකටත් අතර වැඩි රැඳවියන් පිරිසක් රඳවා සිටින බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් දත්ත උපුටා දක්වමින් ප්‍රකාශ කරයි.  

ජාතික විගණන කාර්යාලයේ වාර්තා පදනම් කරගනිමින් CHR පෙන්වා දෙන්නේ, රජයේ විශ්ලේෂක වාර්තා ලැබීමේ පවතින දැඩි ප්‍රමාදය හේතුවෙන් සැකකරුවන් 15,117 දෙනෙකු දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින බවයි. ඊට අමතරව සුළු දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා පුද්ගලයන් 1,940 දෙනෙකු බන්ධනාගාර 28 ක රඳවා තබා ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සසුදූසු ලෙස වෙන් නොකර අනෙකුත් රැඳවියන් සමඟ එකට රඳවා තැබීම ද අභ්‍යන්තර පරිපාලන අර්බුද උග්‍ර වීමට හේතු වී තිබේ.  

පවතින පරිපාලන සහ ක්‍රියා පටිපාටිමය ගැටලු විසඳීම සඳහා CHR සංවිධානය රජයට සහ බලධාරීන්ට හදිසි යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.


* මහර ඇතුළු සියලු බන්ධනාගාරවල සිටින රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව වහාම තහවුරු කිරීම.

  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බන්ධනාගාර පරිශ්‍රයන් වෙත පිවිසී පරීක්ෂණ පැවැත්වීමට බාධාවකින් තොරව ඉඩප්‍රස්ථාව සැලසීම.
  • බන්ධනාගාර තදබදය, රජයේ විශ්ලේෂක වාර්තා ප්‍රමාදය, දඩ මුදල් ගෙවා ගත නොහැකි පිරිස් රඳවා තැබීම සහ මෑතකදී සිදු වූ නොසන්සුන්තා පිළිබඳව ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් පැවැත්වීම.
  • බන්ධනාගාර තදබදය සුරක්ෂිත මට්ටමකට අඩු කිරීම, විද්‍යාත්මක පරිපාලන ක්‍රමවේද ස්ථාපිත කිරීම සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා කාලරාමුවකට යටත් විස්තීර්ණ සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීම.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...