BREAKING
ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●
Top Ad
පුවත්

දෙමළ-මුස්ලිම් පක්ෂ එකමුතුව සහ ජනපති අතර විශේෂ හමුවක්: නව ජනතා සම්මුතියකට යෝජනා!

T

The Leader Desk

August 3, 2026 • 5:13 PM

දෙමළ-මුස්ලිම් පක්ෂ එකමුතුව සහ ජනපති අතර විශේෂ හමුවක්: නව ජනතා සම්මුතියකට යෝජනා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළාත් සභා මැතිවරණය, ව්‍යවස්ථා සංශෝධනය සහ ඉඩම් ගැටලු ගැන ජනාධිපති කාර්යාලයේදී දීර්ඝ සාකච්ඡාවක්
  • අමීර් අලී, සෙල්වම් අඩෛක්කලනාදන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.
  • ව්‍යවස්ථා සංශෝධනය, පළාත් සභා සහ ජනතා සම්මුතිය මෙහිදී පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ උතුරු, නැගෙනහිර මෙන්ම මලෛයගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කරන ලදී.
  • සුමන්තිරන් පෙන්වා දුන්නේ එය කඩිමුඩියේ නොකර, විවිධ ජන කොටස් අතර ගැටලු විසඳිය හැකි පුළුල් සමාජ විමසුමක් ලෙස සිදුවිය යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මලෛයගම් ප්‍රජාවට ඉඩම් හිමිකම සහ උතුරේ නිවාස 13,000 ක් වෙනුවෙන් ඉදිරි අයවැයවලින් ප්‍රතිපාදන


දෙමළ සහ මුස්ලිම් පක්ෂ එකමුතුවේ හමුව

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක් අද (අගෝස්තු 03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC), ලංකා කම්කරු කොංග්‍රසය (CWC), දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA), සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) සහ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) යන පක්ෂ නියෝජනය කරමින් එම්.ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, ජීවන් තොණ්ඩමන්, වී. රාධක්‍රිෂ්ණන්, එම්.එස්.එස්. අමීර් අලී, සෙල්වම් අඩෛක්කලනාදන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

ව්‍යවස්ථා සංශෝධනය, පළාත් සභා සහ ජනතා සම්මුතිය

මෙහිදී පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ උතුරු, නැගෙනහිර මෙන්ම මලෛයගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කරන ලදී.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණයට තේරීම්කාරක සභාවක් පත් කර ඇති බවත්, ඒ ඔස්සේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ITAK මහ ලේකම් එම්.ඒ. සුමන්තිරන් පෙන්වා දුන්නේ එය කඩිමුඩියේ නොකර, විවිධ ජන කොටස් අතර ගැටලු විසඳිය හැකි පුළුල් සමාජ විමසුමක් ලෙස සිදුවිය යුතු බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ව්‍යවස්ථා සංශෝධනය රජයේ ස්ථාවරය වුවද, මේ මොහොතේ වඩාත් අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කළ හැකි නව ජනතා සම්මුතියක් සහ සාකච්ඡාමය කතිකාවක් ගොඩනැගීම බවයි.

මලෛයගම් ප්‍රජාවගේ ඉඩම් සහ යටිතල පහසුකම්

මලෛයගම් ප්‍රජාව වෙනුවෙන් වතු කම්කරුවන්ට සහ කාර්ය මණ්ඩලයට පර්චස් 10ක ඉඩම් කැබැල්ලක නීත්‍යානුකූල අයිතිය ලබාදීමේ රජයේ යෝජනාව පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. 2042 වසරට පෙර වතු සමාගම් සමඟ එළඹෙන නව ගිවිසුම්වලට මෙම ඉඩම් හිමිකම් වගන්තිය ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරෙන නිවාසවල ජල හා විදුලි පහසුකම් සපයා ගැනීමේදී පවතින ගැටලු පිළිබඳව CWC නියෝජිත ජීවන් තොණ්ඩමන් කරුණු දැක්වූ අතර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙනුවෙන් 2027 අයවැයෙන් වැඩි ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

උතුරු-නැගෙනහිර ඉඩම් සහ නිවාස ව්‍යාපෘති

උතුර සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා, වන සංරක්ෂණ සහ මහවැලි අධිකාරිය වැනි ආයතනවල පැරණි ප්‍රතිපත්ති හේතුවෙන් ජනතාව මුහුණදෙන ඉඩම් ගැටලු නිරාකරණයට කොමිෂන් සභා පත් කිරීම ඇතුළු සාධනීය පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, යුද්ධයෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් අදියර දෙකක් යටතේ නිවාස 13,000ක් ඉදිකිරීම සඳහා 2027 සහ 2028 අයවැයවලින් ප්‍රතිපාදන වෙන් කිරීමට ද, ආපදා තත්ත්වයන්ගෙන් හානියට පත් නිවාස වෙනුවෙන් තාවකාලික නිවාස සහ කුලී නිවාස දීමනා ලබාදීමට ද රජය සැලසුම් කර ඇති බව මෙම හමුවේදී වැඩිදුරටත් අනාවරණය විය.

cbswedvf

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...