BREAKING
ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●
Top Ad
පුවත්

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය පිටුපස සැකය තීව්‍ර වෙයි: 'දිනන දකුණ සාමූහිකයෙන්' ජනාධිපතිට විශේෂ පණිවිඩයක්!

T

The Leader Desk

August 4, 2026 • 11:21 AM

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය පිටුපස සැකය තීව්‍ර වෙයි: 'දිනන දකුණ සාමූහිකයෙන්' ජනාධිපතිට විශේෂ පණිවිඩයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැබිනට් පත්‍රිකාව අමාත්‍යාංශයෙන් සකස් නොකිරීම සහ මහානාහිමිවරුන්ගේ විරෝධය කෙරෙහි දැඩි අවධානය
  • මෙම ප්‍රකාශය තුළ පැහැදිලි වන්නේ එවැනි කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වූයේ අදාල රේඛීය අමාත්‍යාංශය මැදිහත්ව සකස් නොකර වෙනත් පාර්ශවයක් විසින් සකස් කරන ලද්දක් බවට දිනන දකුණ සාමූහිකයට සාධාරණ සැකයක් මතුවේ.
  • එම සැකය තවදුරටත් තීව්‍ර වනුයේ,ඊයේ දිනයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන්.
  • මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ විරෝධය දක්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන ලද බවට මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් දැනුම් දුන් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන බැවින් යෝජිත සංශෝධනය වහාම හකුලාගන්නැයි ඉල්ලයි


විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව අධිකරණ අමාත්‍යාංශය මගින් සකස් නොකිරීම සහ ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ විරෝධය හමුවේ එම යෝජනාව පිටුපස බරපතල සැකයක් මතුවන බව 'දිනන දකුණ සාමූහිකය' පවසයි. ජාත්‍යන්තර විනිසුරු සංගමය (IAJ) ඇතුළු දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්ව රැසකගේ විරෝධයට මුහුණ දී ඇති මෙම සංශෝධනය කෙරෙහි ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවට එම සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. අදාළ නිවේදනය මතු පළවේ.

මාධ්‍ය නිවේදනය
2026-08-04

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සංකල්ප පත්‍රිකාවක් තමන් වෙත නොලැබුණු බවත්,එවැනි කැබිනට් පත්‍රිකාවක් තමන් සකස් නොකළ බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය පසුගිය දිනක ජාතික පුවත්පතකට ප්‍රකාශයක් සිදුකර තිබිණි.

මෙම ප්‍රකාශය තුළ පැහැදිලි වන්නේ එවැනි කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වූයේ අදාල රේඛීය අමාත්‍යාංශය මැදිහත්ව සකස් නොකර වෙනත් පාර්ශවයක් විසින් සකස් කරන ලද්දක් බවට දිනන දකුණ සාමූහිකයට සාධාරණ සැකයක් මතුවේ.

එම සැකය තවදුරටත් තීව්‍ර වනුයේ,ඊයේ දිනයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන්.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ විරෝධය දක්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන ලද බවට මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් දැනුම් දුන් බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට ජනතාවට පොරොන්දු වී,හදිසියේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට ආණ්ඩුව දරන උත්සාහය දිනන දකුණ සාමූහිකය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.

ලොව පුරා විනිසුරුවරුන් නියෝජනය කරන ලෝකයේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය කනස්සල්ල පළ කරමින් මේ වන විට නිවේදනයක් නිකුත් කර ඇත.

අධිකරණයේ  ස්වාධීනත්වය අඩපණ වන බැවින් යෝජිත නීති සම්පාදනය නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ගෞරාන්විතව ඉල්ලා සිටින බව ජාත්‍යන්තර විනිසුරු සංගමයද පවසා ඇත.

මෙම සියලු තත්වයන් සැළකිල්ලට ගැනීමේදී  විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ ව්‍යවස්ථා සංශෝධනයට පාර්ශ්ව රැසකින් එල්ල වී ඇති දැඩි විරෝධය කෙරෙහි ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමුකරන ලෙස අප සාමූහිකය අවධාරණය කරන්නෙමු.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...