BREAKING
ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●
Top Ad
පුවත්

විනිසුරු විශ්‍රාම වයස වෙනසට ජනමත විචාරණයක් අවශ්‍යයි: සජිත් ආණ්ඩුවම චෙක්මේට් කළ හැටි !

T

The Leader Desk

August 4, 2026 • 3:56 PM

විනිසුරු විශ්‍රාම වයස වෙනසට ජනමත විචාරණයක් අවශ්‍යයි: සජිත් ආණ්ඩුවම චෙක්මේට් කළ හැටි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කරමින් 2022 නඩු තීන්දුවක් පාර්ලිමේන්තුවේදී උපුටා දක්වයි
  • එබැවින් එවැනි සංශෝධනයකට ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වන බව ඒ මහතා අවධාරණය කළේය.
  • එමෙන්ම, මෙම සංශෝධනයට විරෝධය පළ කරමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයි කියන ලිපිය පාර්ලිමේන්තුව හමුවේ සභාගත කරන ලෙස ද ඔහු ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මහා සංඝරත්නයේ සහ නීතිඥ සංගමයේ විරෝධය කෙරෙහි අවධානය යොමුකරමින් පද්ධතිමය ප්‍රතිසංස්කරණ ඉල්ලයි


විනිසුරු විශ්‍රාම වයස සහ ව්‍යවස්ථාමය නෛතික තර්කය

අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සඳහා වන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව නඩු තීන්දුවක් පදනම් කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී නෛතික තර්කයක් මතුවෙයි.

අද (04) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27(2) යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති බවයි. 2022 වසරේ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් නඩු තීන්දුව උපුටා දක්වමින් ඔහු සඳහන් කළේ, ධුරයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසට හෝ ධුර කාලයට සෘජුව හෝ වක්‍රව බලපාන සංශෝධනයක් මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා වන බැවින්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස අධිකරණය තීන්දු කර ඇති බවයි. එබැවින් එවැනි සංශෝධනයකට ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වන බව ඒ මහතා අවධාරණය කළේය.

පාර්ශ්වකරුවන්ගේ විරෝධය සහ සභාගත කිරීම්

යෝජිත විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පියවරට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මෙන්ම දේශීය හා ජාත්‍යන්තර නීති ආයතන ගණනාවක්ම විරෝධය පළකර ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම, මෙම සංශෝධනයට විරෝධය පළ කරමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයි කියන ලිපිය පාර්ලිමේන්තුව හමුවේ සභාගත කරන ලෙස ද ඔහු ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති මිලියන 1.1කට අධික නඩු සංඛ්‍යාව අඩුවීම කෙරෙහි විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සෘජුව බලපාන ආකාරය පැහැදිලි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි සජිත් ප්‍රේමදාස, නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ පරිපාලනයේ පවතින ප්‍රමාදයන් පිළිබඳ නිල දත්ත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

පද්ධතිමය ප්‍රතිසංස්කරණ සහ පොරොන්දු ඉටුකිරීම

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහාය ඇතිව 2023 වසරේදී අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සකස් කළ වාර්තාව පදනම් කරගනිමින් පද්ධතිමය ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛතාව නොදෙන්නේ මන්දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනතාවට පොරොන්දු වූ ආණ්ඩුව, අධිකරණ පද්ධතියට පමණක් සීමා වූ ව්‍යවස්ථා සංශෝධනයකට යොමුවීම ගැටලුසහගත බව පැවසු විපක්ෂ නායකවරයා, ජනතාව වෙත ලබාදුන් මූලික පොරොන්දු වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...