The Leader News
BREAKING
Top Ad
පුවත්

චෙම්මනි සමූහ සුසානයේ කැනීම් කටයුතු නැවතත් ඇරඹීම සමග තවත් ඇටකටු මතුවේ

T

The Leader Desk

August 5, 2026 • 3:51 AM

චෙම්මනි සමූහ සුසානයේ කැනීම් කටයුතු නැවතත් ඇරඹීම සමග තවත් ඇටකටු මතුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළදරු කිරි බෝතල්, සෙල්ලම් බඩු සහ පාරිහාරික වස්තු 144ක් විමර්ශකයන්ගේ භාරයට ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම සමූහ මිනීවලේ කැනීම් දස දිනක විරාමයකින් පසු යලි ආරම්භ කළ පුරාවිද්‍යා හා වෝහාරික විමර්ශකයන් තවත් ඇටසැකිලි හතරක් අලුතින් මතු කරගෙන තිබේ.
  • වැහි කබායක් සේ දිස්වන රෝස පැහැති ඇඳුමකින් කොටසක් වැසී ගිය ඇටසැකිල්ලක් ජුලි 23 වැනි බ්‍රහස්පතින්දා චෙම්මනි සමූහ සුසානයෙන් මතු කරගෙන තිබුනි.
  • නැවත වැඩ ඇරඹු දිනයේ එම සිරුර ගොඩ ගත් බව නීතිඥයා වැඩි දුරටත් සදහන් කළේය.
  • චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද 144 ක් වන පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*ළදරු කිරි බෝතල්, සෙල්ලම් බඩු සහ පාරිහාරික වස්තු 144ක් විමර්ශකයන්ගේ භාරයට

ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම සමූහ මිනීවලේ කැනීම් දස දිනක විරාමයකින් පසු යලි ආරම්භ කළ පුරාවිද්‍යා හා වෝහාරික විමර්ශකයන් තවත් ඇටසැකිලි හතරක් අලුතින් මතු කරගෙන තිබේ.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් අගෝස්තු 04 වැනිදා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ 2025 මැයි 15 වැනිදා සිට වසරකට වැඩි කාලයක් තුළ අදියර තුනක් ඔස්සේ දින 97 ක් පුරා චෙම්මනි සමුහ සුසානයේ  සිදු කළ කැනීම් වලින් මතුකරගත් දරුවන්ගේද ඇතුළු මිනිස් ඇටසැකිලි 483 න් ඇටසැකිලි 481ක් මේ වන විටත් ගොඩ ගෙන අවසන් බවයි.  

වැහි කබායක් සේ දිස්වන රෝස පැහැති ඇඳුමකින් කොටසක් වැසී ගිය ඇටසැකිල්ලක් ජුලි 23 වැනි බ්‍රහස්පතින්දා චෙම්මනි සමූහ සුසානයෙන් මතු කරගෙන තිබුනි. නැවත වැඩ ඇරඹු දිනයේ එම සිරුර ගොඩ ගත් බව නීතිඥයා වැඩි දුරටත් සදහන් කළේය.

යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ සමුහ සුසානය සුපරීක්ෂාවෙන් කැනීම් සිදුකළ වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් ඇතුළු කණ්ඩායම විසින් මේ වන විටත් චෙම්මනි සමුහ සුසානයෙන් ගොඩ ගෙන තිබෙන මිනිස් අස්ථි අතර එක ගොඩේ අපිළිවෙලට වලදමා තිබු ඇටකටු පොදි 36 ක් ද සොයාගෙන තිබේ.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක්  ගොඩගන්නා ලද 144 ක් වන පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වේ. 

 

C 03

C 02

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චෙම්මනි සමූහ සුසානයේ කැනීම් කටයුතු නැවතත් ඇරඹීම සමග තවත් ඇටකටු මතුවේ | The Leader