The Leader News
BREAKING
සරසවි අනධ්‍යයන වර්ජනය: ආර්ථික ස්ථාවරත්වය ජනතාවට දැනෙන්නේ කවදාද?●පන්දුව පළුදු කිරීම ගැන කවාජාගෙන් ඉන්දියාවට, පාකිස්තානයට සහ දකුණු අප්‍රිකාවට චෝදනා●සාගර ආර්ථිකය සහ ස්වාධීනත්වය රැකගැනීමට ශ්‍රී ලංකා - නවසීලන්ත එකමුතුවක්●2027 අයවැයෙන් මෙරට කෘෂිකර්මාන්තයට මඟහැරුණු සැබෑ අවස්ථා මොනවාද?●ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 12ක් වහාම හරවා එවයි●ඕස්ට්‍රේලියාවේ සිට වීසා අයදුම් කරන විදේශිකයන්ට හදිසි මූල්‍ය බරක්●ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය●කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●
Top Ad
පුවත්

විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ව්‍යවස්ථා සංශෝධනයට පෙරටුගාමීන්ගෙන් දැඩි විවේචන!

T

The Leader Desk

August 5, 2026 • 12:09 PM

විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ව්‍යවස්ථා සංශෝධනයට පෙරටුගාමීන්ගෙන් දැඩි විවේචන!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා මඟහැරීම, 1977 සහ 1999 වසරවල සිදුවූ අගවිනිසුරු පත්වීම්, සහ පසුව සිදුවූ දෝෂාභියෝග ක්‍රියාවලීන් සහ පත්වීම් ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දුන්නේය.
  • ශ්‍රේෂ්ඨාධිකරණය යනු ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන සහ පාර්ලිමේන්තුවට ගෙන එන අණපනත්වල නෛතික තත්ත්වය ප්‍රශ්න කිරීමට ඇති ප්‍රධානතම ජනතා යාන්ත්‍රණයයි.
  • එබැවින් ව්‍යවස්ථාපිත වෙනස්කම් සිදුකිරීමේදී ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු වන පරිදි කටයුතු කළ යුතු අතර, පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා කඳවුරක් ගොඩනැඟීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණයේ ස්වාධීනත්වය සහ මහජන අයිතිවාසිකම් සුරැකීමට පාර්ලිමේන්තුවෙන් පිටත බලවේගයක් ගොඩනැගීමට ඇරයුම්



ව්‍යවස්ථා සංශෝධනය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) සිය නිල ස්ථාවරය ප්‍රකාශ කර තිබේ. පක්ෂ කාර්යාලයේදී අද (05) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පෙන්වා දුන්නේ, නඩු ප්‍රමාදය වැළැක්වීම සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ නඩු විභාග වේගවත් කිරීම යන කරුණු පදනම් කරගනිමින් මෙම සංශෝධනය ගෙන ඒමට ආණ්ඩුව උත්සාහ කළද, එම තාර්කික පදනම ප්‍රායෝගික යථාර්ථයට එකඟ නොවන බවයි.

විශේෂයෙන්ම, දුෂණ හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ නඩු විභාග වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නොව මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ මට්ටමින් බවත්, එහි සේවය කරන විනිසුරුවරුන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ත් 50ත් අතර පසුවන බැවින් ඔවුන් විශ්‍රාම යාම නිසා නඩු කටයුතු අඩාල වන බව පැවසීම පදනම් විරහිත බවත් ඔහු සඳහන් කළේය.

අධිකරණ පද්ධතියේ පුරප්පාඩු සහ ව්‍යුහාත්මක ගැටලු

නඩු කල්යාම සහ පද්ධතියේ පවතින ප්‍රමාදයන්ට විසඳුම් සෙවිය යුත්තේ දැනට සිටින විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමෙන් නොව, විනිසුරුවරුන් සහ කාර්ය මණ්ඩල අලුතින් බඳවා ගනිමින් අධිකරණ පද්ධතිය පුළුල් කිරීමෙන් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු පූර්ණය නොකිරීම මෙන්ම පූර්ව නඩු විභාග අධිකරණ සහ සුළු හිමිකම් අධිකරණවල පවතින පුරප්පාඩු 100කට ආසන්න සංඛ්‍යාවකට සාපේක්ෂව මහේස්ත්‍රාත්වරුන් 33 දෙනෙකු පමණක් බඳවා ගැනීම වැනි ව්‍යුහාත්මක ගැටලු පද්ධතිය තුළ පවතින බවත්, නීතිපති දෙපාර්තමේන්තුවේ ද පවතින හිඟය පියවීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

ඓතිහාසික පූර්වාදර්ශ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව වර්තමාන පාර්ලිමේන්තු විපක්ෂය නගන හඬ පිළිබඳව ද අදහස් දක්වමින් පුබුදු ජයගොඩ  සඳහන් කළේ 1948 සිට බලයේ සිටි විවිධ ආණ්ඩු විසින් දේශපාලන හිතවත්කම් සහ අවශ්‍යතාවලට මුල්තැන දෙමින් අධිකරණ ක්ෂේත්‍රයේ පත්වීම් සිදුකර අහිතකර පූර්වාදර්ශ සපයා ඇති බවයි. 1948 ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා මඟහැරීම, 1977 සහ 1999 වසරවල සිදුවූ අගවිනිසුරු පත්වීම්, සහ පසුව සිදුවූ දෝෂාභියෝග ක්‍රියාවලීන් සහ පත්වීම් ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය යනු ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන සහ පාර්ලිමේන්තුවට ගෙන එන අණපනත්වල නෛතික තත්ත්වය ප්‍රශ්න කිරීමට ඇති ප්‍රධානතම ජනතා යාන්ත්‍රණයයි. එබැවින් ව්‍යවස්ථාපිත වෙනස්කම් සිදුකිරීමේදී ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු වන පරිදි කටයුතු කළ යුතු අතර, පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා කඳවුරක් ගොඩනැඟීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...