BREAKING
නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●
Top Ad
පුවත්

අකිලගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කලේ ඇයි ?

T

The Leader Desk

August 5, 2026 • 4:40 PM

අකිලගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කලේ ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගත් අකිල විරාජ් අගෝස්තු 18 තෙක් රිමාන්ඩ්!
  • ඊට පිළිතුරු දෙමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් ප්‍රකාශ කළේ අදාළ සේවකයන් කටයුතු කළේ කුලියාපිටිය ඉන්ධන හල පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පවත්වාගෙන ගිය සම්බන්ධීකරණ කාර්යාලයේ බවත්, ඔවුන් ඉන්ධන හලේ රාජකාරි නොකළ බවත්ය.
  • සේවකයන්ගේ පැමිණීමේ ලේඛන ද අල්ලස් කොමිසමට භාරදී ඇති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
  • බෝදරගම සඳහන් කළේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවී ඇති බවට සහ ලේඛන විකෘති කර ඇති බවට කොමිසම ඉදිරිපත් කළ කරුණු මත ඇප පනත අනුව සැකකරුට ඇප ප්‍රදානය කිරීමට හැකියාවක් නොමැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


විත්ති කූඩුවේ සිටි සැකකාර හිටපු අමාත්‍යවරයාගේ හැසිරීම පිළිබඳව මහේස්ත්‍රාත්වරයාගෙන් දැඩි අවවාද

අධිකරණ තීන්දුව සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත සේවකයන් පෞද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් රුපියල් 2,768,836.14ක (රුපියල් ලක්ෂ 27කට අධික) රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති සහ හිටපු අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් ලබන අගෝස්තු 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (05) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙපාර්ශ්වයේ නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.


අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම් සහ විත්තියේ තර්ක

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, 2022 වසරේදී හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) ලෙස කටයුතු කළ සමයේ අමාත්‍යාංශ සේවකයන් සහ තාවකාලික සේවකයන් බඳවාගෙන, ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි සඳහා වාර්තා නොකර කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ පෞද්ගලික ඉන්ධන හලේ රාජකාරි සඳහා යොදවා ඇති බවයි. එමෙන්ම ප්‍රධාන සාක්ෂිකරුවෙකු මුලින් ලබාදුන් ප්‍රකාශයට පටහැනිව පසුව දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම පිටුපස කිසියම් බලපෑමක් පැවැතිය හැකි බවත්, ඉදිරිපත් කළ ඇතැම් ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට සැකකෙරෙන බැවින් ඇප ලබාදීමෙන් විමර්ශනවලට බාධා විය හැකි බවත් කොමිසම සඳහන් කළේය.

ඊට පිළිතුරු දෙමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් ප්‍රකාශ කළේ අදාළ සේවකයන් කටයුතු කළේ කුලියාපිටිය ඉන්ධන හල පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පවත්වාගෙන ගිය සම්බන්ධීකරණ කාර්යාලයේ බවත්, ඔවුන් ඉන්ධන හලේ රාජකාරි නොකළ බවත්ය. සේවකයන්ගේ පැමිණීමේ ලේඛන ද අල්ලස් කොමිසමට භාරදී ඇති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය සහ අධිකරණ පරිශ්‍රයේ සිදුවීම

ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සඳහන් කළේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවී ඇති බවට සහ ලේඛන විකෘති කර ඇති බවට කොමිසම ඉදිරිපත් කළ කරුණු මත ඇප පනත අනුව සැකකරුට ඇප ප්‍රදානය කිරීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව සැකකරු අගෝස්තු 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, විත්තිය ඉදිරිපත් කළ පැමිණීමේ ලේඛන පිළිබඳව ද පරීක්ෂණ පවත්වා මීළඟ නඩු වාරයේදී වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.

මේ අතර, නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි අකිල විරාජ් කාරියවසම් සිය නීතිඥවරුන් සමඟ කතාබහක නිරත වීම කෙරෙහි මහේස්ත්‍රාත්වරයාගේ දැඩි අවධානය යොමු විය. අධිකරණ කටයුතුවලට බාධා වන මෙවැනි ක්‍රියාවලට තම අධිකරණය තුළ ඉඩ නොතබන බවට අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව සිය දැඩි විරෝධය පළ කරමින් අවවාද කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...