BREAKING
නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●
Top Ad
පුවත්

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි සත්‍යග්‍රහයේදී අධිකරණයට අපහාස කිරීම ගැන විමර්ශනයක්!

T

The Leader Desk

August 5, 2026 • 4:57 PM

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි සත්‍යග්‍රහයේදී අධිකරණයට අපහාස කිරීම ගැන විමර්ශනයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව අභියාචනාධිකරණයට කරුණු වාර්තා කිරීමට නියෝග
  • මෙම විමර්ශන සඳහා ස්වාධීන රූපවාහිනිය, සිරස, ස්වර්ණවාහිනී, දෙරණ ඇතුළු විද්‍යුත් මාධ්‍ය ආයතන 10ක සංස්කරණය නොකළ දර්ශන, අදාළ මාධ්‍ය කළමනාකරුවන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ප්‍රකාශ මෙන්ම දිවුරුම් ප්‍රකාශ ද සාක්ෂි ලෙස අධිකරණයට භාරදී තිබේ.
  • මහේස්ත්‍රාත්වරයාගේ නීතිමය තීරණය ඉදිරිපත් වූ කරුණු සහ සාක්ෂි සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රකාශ කළේ, අදාළ පිරිස විසින් සිදුකර ඇති ප්‍රකාශ මගින් අධිකරණ ක්‍රියාවලිය විවේචනයට ලක්ව ඇති බව බැලූ බැල්මට පෙනී යන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන පරිදි අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දීර්ඝ වාර්තාවක්


අභියාචනාධිකරණයට කරුණු වාර්තා කිරීමට නියෝග කිරීම

පාස්කු ප්‍රහාර මාලාවට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන හිටපු ජාතික බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ නිදහස් කරන ලෙස ඉල්ලා පැවැති සත්‍යග්‍රහයක් අතරතුර අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් අදහස් දැක්වීම සම්බන්ධයෙන් දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා අභියාචනාධිකරණයට වාර්තා කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.

මෙසේ අභියාචනාධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීම සඳහා කරුණු වාර්තා කිරීමට නියෝග වී ඇත්තේ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ලේකම්වරයකු වන සුගීෂ්වර බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අයටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය සහ දීර්ඝ වාර්තාවක් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන  හමුවේ ඉදිරිපත් කෙරිණි. සුරේෂ් සලේ ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට අධිකරණය දින නියම කර තිබියදී, කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැති සත්‍යග්‍රහයේදී ප්‍රකාශ සිදුකරමින් 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ලංඝනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැහැදිලි කළේය.

මෙම විමර්ශන සඳහා ස්වාධීන රූපවාහිනිය, සිරස, ස්වර්ණවාහිනී, දෙරණ ඇතුළු විද්‍යුත් මාධ්‍ය ආයතන 10ක සංස්කරණය නොකළ දර්ශන, අදාළ මාධ්‍ය කළමනාකරුවන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ප්‍රකාශ මෙන්ම දිවුරුම් ප්‍රකාශ ද සාක්ෂි ලෙස අධිකරණයට භාරදී තිබේ.

මහේස්ත්‍රාත්වරයාගේ නීතිමය තීරණය

ඉදිරිපත් වූ කරුණු සහ සාක්ෂි සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රකාශ කළේ, අදාළ පිරිස විසින් සිදුකර ඇති ප්‍රකාශ මගින් අධිකරණ ක්‍රියාවලිය විවේචනයට ලක්ව ඇති බව බැලූ බැල්මට පෙනී යන බවයි. අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතිමය ක්‍රියාවලියට බලපෑම් වන අයුරින් අදහස් පළකිරීම සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණයට වාර්තා කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...