BREAKING
පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●
Top Ad
පුවත්

නව සත්ත්ව ශුභසාධන සහ සත්ත්ව සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට!

T

The Leader Desk

August 6, 2026 • 4:07 AM

නව සත්ත්ව ශුභසාධන සහ සත්ත්ව සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *සත්ත්ව හිංසනය වැළැක්වීම, කෲරත්වයට එරෙහි දඬුවම් සහ සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර නියාමනය කෙරෙයි
  • රෝග සහිත සතුන් විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමෙන් සිදුවන ලෙඩ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝග අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේය.
  • එසේම, සතුන්ට විෂ හෝ හානිකර ද්‍රව්‍ය ලබාදීම, කෙටි දම්වැල්වලින් බැඳ තැබීම, ආහාර හා ජලය හිමිකර නොදීම, උගුල් ඇටවීම සහ පක්ෂීන්ගේ පියාපත් කැපීම හෝ සිරකර තැබීම ද වරදක් ලෙස අර්ථ දක්වා තිබේ.
  • විලවුන් පරීක්ෂණ සඳහා සතුන් යොදාගැනීම, ක්‍රීඩා හා විනෝදය සඳහා සතුන් දඩයම් කිරීම හෝ එකිනෙකා ලවා සටන් කරවීම ද මෙයින් තහනම් කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*වසර 119ක් පැරණි ආඥා පනත වෙනුවට නව නීතිමය රාමුවක් සහ දඩ මුදල්-සිරදඬුවම් ඉහළට

සත්ත්ව පනත සංශෝධනය සහ ප්‍රවාහන බලපත්‍ර නියාමනය

1958 අංක 29 දරන සත්ත්ව පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අද (06) කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙතෙක් ගවයන් සහ මී ගවයන් ප්‍රවාහනයේදී පමණක් බලපැවැත්වුණු නීතිමය රෙගුලාසි සහ අවසරපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදය, මෙම නව සංශෝධනය හරහා ඌරන්, බැටළුවන් සහ එළුවන් සඳහා ද අනිවාර්ය කෙරේ.

රෝග සහිත සතුන් විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමෙන් සිදුවන ලෙඩ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝග අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේය. විශේෂඥ කාර්ය සාධක බලකායක නිර්දේශ මත මෙම සංශෝධන සකස් කර තිබේ.

සත්ත්ව ශුභසාධන පනත් කෙටුම්පත සහ තහනම් කෙරෙන ක්‍රියා

වසර 119ක් පැරණි (475 වන අධිකාරය වූ) සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ ආඥාපනත අහෝසි කරමින් හඳුන්වා දෙන නව සත්ත්ව ශුභසාධන පනත් කෙටුම්පත මගින් සතුන්ට කෲර ලෙස සැලකීම, වධහිංසා පැමිණවීම, අධික බර පටවා වැඩ කරවීම සහ චලනය වීමට ඉඩ නැති පරිදි කූඩු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

එසේම, සතුන්ට විෂ හෝ හානිකර ද්‍රව්‍ය ලබාදීම, කෙටි දම්වැල්වලින් බැඳ තැබීම, ආහාර හා ජලය හිමිකර නොදීම, උගුල් ඇටවීම සහ පක්ෂීන්ගේ පියාපත් කැපීම හෝ සිරකර තැබීම ද වරදක් ලෙස අර්ථ දක්වා තිබේ. පශු වෛද්‍යවරයෙකු හෝ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු හැර වෙනත් අයෙකු සතුන්ට වෛද්‍ය ප්‍රතිකාර හෝ සැත්කම් කිරීම මෙන්ම වඳභාවයට පත්කිරීම ද නීතිවිරෝධී වේ. විලවුන් පරීක්ෂණ සඳහා සතුන් යොදාගැනීම, ක්‍රීඩා හා විනෝදය සඳහා සතුන් දඩයම් කිරීම හෝ එකිනෙකා ලවා සටන් කරවීම ද මෙයින් තහනම් කෙරේ.

නව පනත් කෙටුම්පත යටතේ නියම වන ප්‍රධාන දඬුවම්  

 * සතුන්ට කෲර ලෙස සැලකීම: රුපියල් 250,000 දක්වා දඩයක් හෝ වසර 2ක් දක්වා සිරදඬුවමක් (හෝ දෙකම)                              
 * කෲර ලෙස සතුන් මැරීම: රුපියල් 500,000 දක්වා දඩයක් හෝ වසර 3ක් දක්වා සිරදඬුවමක් (හෝ දෙකම)                                
 * ගර්භණී සතුන් මැරීම/විකිණීම: රුපියල් 500,000 දක්වා දඩයක් හෝ වසර 4ක් දක්වා සිරදඬුවමක් (හෝ දෙකම)                        
 * ක්‍රීඩා/විනෝදය සඳහා දඩයම් කිරීම: රුපියල් 250,000 දක්වා දඩයක් හෝ වසර 1ක් දක්වා සිරදඬුවමක් (හෝ දෙකම)                  
 * ප්‍රවාහන කොන්දේසි උල්ලංඝනය: රුපියල් 300,000 දක්වා දඩයක් හෝ වසර 2ක් දක්වා සිරදඬුවමක් (හෝ දෙකම)    

සුරතල් සතුන් වෙළෙඳසැල් සහ නීතිමය කාලරාමුව

සුරතල් සතුන් අලෙවිසැල් හෝ බෝකිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා අදාළ පළාත් පාලන ආයතනයෙන් බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වන අතර, වීදි හෝ පොදු ස්ථානවල සතුන් අලෙවි කිරීම සහ වයස අවුරුදු 16ට අඩු අයට සතුන් විකිණීම තහනම් කෙරේ.

පරීක්ෂණ සහ අධ්‍යාපනික කටයුතු සඳහා සතුන් යොදාගැනීමේදී විකල්ප ක්‍රමවේද සහ පරිගණක අනුකාරක කෙරෙහි අවධානය යොමු කළ යුතු බව පනතේ දැක්වේ. මෙම පනත යටතේ වන සියලු වැරදි සංඥය වැරදි ලෙස සැලකෙන අතර, වරදක් සිදුවූ දින සිට මාස 12ක කාලසීමාවක් ඇතුළත ඊට අදාළව නඩු පැවරිය යුතු වේ.


සබැඳි පුවත් :

සත්ත්ව සුබසාධන පනතින් පෙරහැර සංස්කෘතියට බලපෑම්: එජාපයෙන් විශේෂ සංශෝධන යෝජනා!

මතු පලවන්නේ, 'ද ලීඩර්' යු ටියුබ් නාලිකාවේ අද (අගෝ 06) උදැසන විකාශයවූ ''ආරම්බම් ''  වැඩසටනට අදාල වීඩියෝවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...