BREAKING
පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●
Top Ad
පුවත්

දූෂණ විරෝධී පනත සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන ආණ්ඩුව සහ සිවිල් සංවිධාන අතර සංවාදයක්! - මැතිඅමැතිවරු කාදිනල් හිමි හමුවෙයි

T

The Leader Desk

August 6, 2026 • 12:14 PM

දූෂණ විරෝධී පනත සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන ආණ්ඩුව සහ සිවිල් සංවිධාන අතර සංවාදයක්! - මැතිඅමැතිවරු කාදිනල් හිමි හමුවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දූෂණ විරෝධී පනතේ සංශෝධනය ආපසු හැරවූවා සේ,විනිසුරු විශ්‍රාම වයස පිළිබඳ තීරණය ගැන ද සලකා බලන්න.
  • අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ජනතාවට ප්‍රමාදයකින් තොරව යුක්තිය ඉටුකිරීම අරමුණු කරගනිමින් රජය ගෙන ඇති පියවර පිළිබඳව ද, ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රචාරය වන ඇතැම් තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව ද අමාත්‍යවරුන් දෙපළ මෙහිදී කරුණු දක්වා ඇත.
  • සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් දැනගැනීමට ජනතාවට ඇති අයිතියට කිසිදු බාධාවක් සිදුනොවන බවයි.
  • රජයේ සහ ව්‍යවස්ථාපිත ආයතනවල නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට සිදුවිය හැකි හානි වළක්වාගැනීම උදෙසා පමණක් අදාළ පටු රෙගුලාසි සංශෝධනය වන බව හෙතෙම පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

මුල් පනතේ අභිප්‍රායන් ආරක්ෂා කරමින් සංශෝධන ගෙන එන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්



අගරදගුරු මැදුරේ හමුව සහ ආණ්ඩුවේ ස්ථාවරය

අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ වත්මන් කටයුතු, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රතිසංස්කරණ මෙන්ම දූෂණ විරෝධී පනතේ සංශෝධන පිළිබඳව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් කොළඹ අගරදගුරු මැදුරේදී පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙහිදී අගරදගුරු හිමිපාණන් හමුවී කරුණු පැහැදිලි කළහ.

අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ජනතාවට ප්‍රමාදයකින් තොරව යුක්තිය ඉටුකිරීම අරමුණු කරගනිමින් රජය ගෙන ඇති පියවර පිළිබඳව ද, ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රචාරය වන ඇතැම් තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව ද අමාත්‍යවරුන් දෙපළ මෙහිදී කරුණු දක්වා ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් දැනගැනීමට ජනතාවට ඇති අයිතියට කිසිදු බාධාවක් සිදුනොවන බවයි. රජයේ සහ ව්‍යවස්ථාපිත ආයතනවල නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට සිදුවිය හැකි හානි වළක්වාගැනීම උදෙසා පමණක් අදාළ පටු රෙගුලාසි සංශෝධනය වන බව හෙතෙම පැවසීය.

සිවිල් සංවිධානවල විවේචන සහ පනතේ සංශෝධන

මේ අතර, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට ඉදිරිපත් කිරීමට යෝජිත නව සංශෝධන මගින් දැනට පවතින නීතිමය රාමුවේ ශක්තිමත්භාවය දුර්වල නොවිය යුතු බවට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පනතේ වගන්ති 18ක් සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් ඇතැම් සංශෝධන භාෂාමය දෝෂ නිවැරදි කිරීම උදෙසා වුවද, බරපතල ලෙස අවධානයට ලක්විය යුතු කරුණු 3ක් පවතින බව එහි මහලේකම් සුනිල් ජයසේකර පෙන්වා දෙයි.

කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළකරනු ලබන වත්කම් හා බැරකම් ප්‍රකාශ මාධ්‍ය හරහා පළකිරීම වරදක් ලෙස හඳුන්වා දීම, සහවාසයෙන් වෙසෙන්නන්ගේ විස්තර ඉවත් කිරීම සහ රාජ්‍ය කොටස් පවතින පෞද්ගලික සමාගම්වල නිලධාරීන් වත්කම් ප්‍රකාශ ලබාදීමේ වගකීමේ රාජ්‍ය කොටස් සීමාව සියයට 25 සිට සියයට 50 දක්වා වැඩි කිරීම එම කරුණු වේ.

කෙසේ වෙතත්, වත්කම් ප්‍රකාශ මාධ්‍ය හරහා හෙළිදරව් කිරීම වරදක් බවට වූ වගන්තිය සංශෝධනය කිරීමට ආණ්ඩුව එකඟ වීම යහපත් තත්ත්වයක් බව ද එම සංවිධානය සඳහන් කරයි.

 දූෂණ විරෝධී පනත සහ රජයේ ඉදිරි ප්‍රතිපත්තිමය ස්ථාවරය      

 * මහජන නියෝජිතයන්ගේ වත්කම්: දැනගැනීමේ ජනතා අයිතිය සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවට සහතිකය       
                           
 * වත්කම් ප්‍රකාශන සංශෝධනය: මාධ්‍යයට නිකුත් කිරීම වරදක් බවට වූ වගන්තිය ආපසු හැරවීමට රජය එකඟ වීම          
                
 * විනිසුරු විශ්‍රාම වයස: උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන යළි සිතා බලන ලෙස 'දිනන දකුණ' ඉල්ලීම  

 * ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ: ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යයට මුල් තැන දෙමින් පළාත් සභා මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම



විනිසුරු විශ්‍රාම වයස සහ ඉදිරි තීරණ

වත්කම් සහ බැරකම් ප්‍රකාශන වෙත මහජනයාට ඇති ප්‍රවේශය සීමා කෙරෙන යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් වූ තීරණය ආපසු හැරවීමට ආණ්ඩුව පියවර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් ලැබූ ජයග්‍රහණයක් බව 'දිනන දකුණ' සාමූහිකය පවසයි.

එම සාමූහිකය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එම ස්ථාවරය වෙනස් කළ ආකාරයටම, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මතු වී ඇති විරෝධතාවලට අවධානය යොමු කර එම තීරණය පිළිබඳව ද යළි සලකා බලන ලෙසයි.

ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඊට පෙර රට හමුවේ පවතින ආර්ථිකය ශක්තිමත් කිරීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම රජයේ මූලික ප්‍රමුඛතාව වී ඇති අතර පළාත් සභා මැතිවරණය ඇතුළු සියලු මැතිවරණයන් නියමිත කාලරාමුව තුළ පැවැත්වීමට කටයුතු කරන බවයි.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...