BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස කූඨ අරමුණු ! - අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

T

The Leader Desk

August 7, 2026 • 4:56 PM

බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස කූඨ අරමුණු ! - අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරණ සහ රෝහල්ගත කිරීම් වාර්තා වන පසුබිමක රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමට සහ ඇප නීති සංශෝධනයට රජයෙන් පියවර
  • එමගින් මසකට වාර්තා 7,500 සිට 9,000 දක්වා ප්‍රමාණයක් නිකුත් කිරීමට නියමිතය.
  • එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබාගැනීමේ හැකියාව නැවත ලබාදීම සඳහා වූ නීති සංශෝධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද හෙතෙම පැවසීය.
  • රැඳවියන්ට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ බන්ධනාගාර අධික තදබදය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා, "සුළු පිරිසකගේ කූඨ අරමුණුවලට හසු වී රජය ලබාදෙන සම්පත් විනාශ කරගන්න එපා.
අකුරු ප්‍රමාණය (Font Size):


සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් හදිසි සංදේශයක්

 

අධිකරණ අමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශය සහ ඇප නීති සංශෝධනය

දිවයිනේ බන්ධනාගාර කිහිපයක මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර අද (07) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ යම් කූඨ අරමුණු ඇති පුද්ගලයින් පිරිසක් රැඳවියන් මෙහෙයවමින් බන්ධනාගාර තුළ කලබල ඇති කිරීමට උත්සාහ කරන බවයි.

රැඳවියන්ගේ ප්‍රධාන ගැටලුවක් වූ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම වැළැක්වීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 70 දෙනෙකු බඳවා ගැනීමට සහ නවාංග තාක්ෂණික උපකරණ සවි කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමගින් මසකට වාර්තා 7,500 සිට 9,000 දක්වා ප්‍රමාණයක් නිකුත් කිරීමට නියමිතය. එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබාගැනීමේ හැකියාව නැවත ලබාදීම සඳහා වූ නීති සංශෝධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද හෙතෙම පැවසීය.


                     බන්ධනාගාර අර්බුදය සහ රජයේ විසඳුම් සංසන්දනය                  

  • පවතින ගැටලු: රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය, අධික තදබදය, මැගසින් හා කුරුවිට මරණ 3ක් සහ 23කට වැඩි පිරිසක් රෝහල්ගතවීම  
  • රස පරීක්ෂක විසඳුම්: කාර්ය මණ්ඩලයට නව 70ක් එක්කිරීම සහ මසකට වාර්තා 7,500-9,000 දක්වා ඉහළ නැංවීම                    
  • නීතිමය සංශෝධන: මත්ද්‍රව්‍ය වැරදි සඳහා මහාධිකරණයෙන් ඇප ලබාගැනීමේ ප්‍රතිපාදන නැවත ස්ථාපනය කිරීම                    
  • ජාත්‍යන්තර මැදිහත්වීම්: CPRP සංවිධානය මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට (UN) නීතිමය හා මානව හිමිකම් සංදේශයක් භාරදීම  


ජීවිත හානි, රෝහල්ගත කිරීම් සහ බන්ධනාගාර තත්ත්වය

නව මැගසින්, කුරුවිට, පල්ලන්සේන මෙන්ම මීට පෙර මීගමුව සහ මහාර බන්ධනාගාර පරිශ්‍රයන්හි වාර්තා වූ නොසන්සුන්තාවලින් මේ වන විට රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 23 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබති.

රැඳවියන්ට පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ බන්ධනාගාර අධික තදබදය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යවරයා, "සුළු පිරිසකගේ කූඨ අරමුණුවලට හසු වී රජය ලබාදෙන සම්පත් විනාශ කරගන්න එපා. එයින් අවසානයේ පාඩුව සිදුවන්නේ රැඳවියන්ටමයි," යනුවෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම ඉල්ලීම

මේ අතර, බන්ධනාගාර තුළ සිදුවන නොසන්සුන්කාරී තත්ත්වයන් සහ රැඳවියන්ගේ මානව හිමිකම් හා ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) මගින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) කාර්යාලය වෙත හදිසි සංදේශයක් යොමු කර තිබේ.

අදාළ ලිපිය මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ බන්ධනාගාර තුළ ජීවිත ආරක්ෂා කිරීම, තුවාල ලැබූවන් සඳහා නසි වෛද්‍ය ප්‍රතිකාර තහවුරු කිරීම, ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම සහ තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි මැදිහත්වීම ලබාදෙන ලෙසයි.

sf3r3re

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස කූඨ අරමුණු ! - අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් | The Leader