BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි!

T

The Leader Desk

August 8, 2026 • 4:38 AM

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *2020 අගෝස්තු 25 සිට බලපැවැත්වෙන පරිදි උසස්වීම් අනුමත කරමින් පොලිස්පතිවරයාගෙන් විශේෂ නියෝගයක්
  • මෙම තීරණය ගෙන ඇත්තේ තමන්ට නිසි කලට හිමිවිය යුතුව තිබූ නියෝජ්‍ය පොලිස්පති තනතුර නොලැබීමට එරෙහිව ශානි අබේසේකර පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය (AAT) හමුවේ ගොනු කළ අභියාචනය දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුවය.
  • ඒ අනුව, 2020 අගෝස්තු 25 වන දින සිට බලපැවැත්වෙන පරිදි (පූර්වගාමීව) ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයේ පිහිටුවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය ඉකුත් මැයි 13 වනදා ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර තිබිණි.
  • එම ස්ථාන මාරුවට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


*පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරියේ නියෝගයට අනුව අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ගෙවීමට අනුමැතිය

අධිකරණ/විමර්ශන නියෝග සහ උසස්වීමේ පසුබිම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති (DIG) ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ඉකුත් අගෝස්තු 06 වනදා ලබාදුන් එම අනුමැතියට අනුව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් විශේෂ පොලිස් පණිවුඩයක් නිකුත් කරමින් මෙම උසස්වීම් නියෝගය ක්‍රියාත්මක කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ තමන්ට නිසි කලට හිමිවිය යුතුව තිබූ නියෝජ්‍ය පොලිස්පති තනතුර නොලැබීමට එරෙහිව ශානි අබේසේකර පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය (AAT) හමුවේ ගොනු කළ අභියාචනය දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුවය. ඒ අනුව, 2020 අගෝස්තු 25 වන දින සිට බලපැවැත්වෙන පරිදි (පූර්වගාමීව) ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයේ පිහිටුවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය ඉකුත් මැයි 13 වනදා ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර තිබිණි.

ශානි අබේසේකර ගේ තනතුරු උසස්වීමේ කාලරාමුව       

| 2019 නොවැම්බර්: CID අධ්‍යක්ෂ ධුරයෙන් ස්ථාන මාරු කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස පත්කිරීම              
| 2020 ජූලි/අගෝස්තු: අත්අඩංගුවට පත්වීම සහ මාස 11ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම (පසු කාලීනව ඇප හිමිවීම)          
| 2024: 3/2018 චක්‍රලේඛ ප්‍රතිපාදන යටතේ යළි සේවයේ පිහිටුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීම        
| 2026 මැයි 13: පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය මගින් නියෝජ්‍ය පොලිස්පති (DIG) තනතුරට උසස් කිරීමට නියෝග කිරීම          
| 2026 අගෝස්තු 06: ජාතික පොලිස් කොමිසම මගින් 2020 අගෝස්තු 25 සිට බලපැවැත්වෙන පරිදි උසස්වීම නිල වශයෙන් අනුමත කිරීම     


අතීත සිදුවීම් සහ හිඟ වැටුප් ගෙවීම්

ශ්‍රී ලංකා පොලිස් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ ශානි අබේසේකර 2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පසු දින කිහිපයක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කර යැවිණි. එම ස්ථාන මාරුවට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කළේය.

ඉන් අනතුරුව, 2020 ජූලි මාසයේදී අත්අඩංගුවට පත් වූ ඔහු මාස 11ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර, පසුව අභියාචනාධිකරණය මගින් ඇප මත මුදා හරින ලදී. 2024 වසරේදී 3/2018 චක්‍රලේඛයේ ප්‍රතිපාදනවලට අනුව යළි සේවයේ පිහිටුවීමෙන් පසු, ඔහු නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි ආරම්භ කළේය.

පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයේ නියෝගයට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව, ශානි අබේසේකර වැඩතහනමට ලක් වූ දින සිට මේ දක්වා අහිමි වූ සියලුම හිඟ වැටුප්, දීමනා සහ ඊට අදාළ වැටුප් වර්ධක ද ගෙවීමට පියවර ගෙන ඇත. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...