*පළාත් පාලන ආයතනවල බලතල සහ ප්‍රදේශවාසීන්ගේ ඉඩම් අයිතිය පිළිබඳ අවධානය යොමුවෙද්දී පොලිසියේ තහනම් නියෝග ඉල්ලීම නිෂ්ප්‍රභයි
දෙමළ ජනයාට අයත් ඉඩම් අත්පත්කරගනිමින් හමුදා අනුග්‍රහයෙන් උතුරේ අළුතින් බෞද්ධ විහාරයක් ඉදිකර තිබෙන භුමිය මැදින් තිබූ පැරනි මාර්ගයක් යළි විවෘත කිරීමට ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයක් ගත් උත්සාහයකට එරෙහිව තහනමක් පැනවීම අධිකරණය විසින් දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කර තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය, කන්කසන්තුරය ඉදිකර තිබෙන තිස්ස රජමහා විහාරය වර්තමානයේ අයත් කරගෙන තිබෙන භූමිය මැදින් පැවැති පැරනි මාර්ගයක් යළි ප්‍රතිසංස්කරණය කිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව ගෙන තිබූ තීරණයට එරෙහිව පලාලි පොලිසිය විසින් අගෝස්තු 7 වැනි සිකුරාදා ඉල්ලා සිටි තහනම් නියෝගය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවයි.
වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවට අයත් එම මාර්ගය 2026 මැයි 11 වැනිදාට පෙර විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ඉල්ලමින් තිස්ස රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත අප්‍රේල් මස 29 වැනිදා වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුගිර්තන් විසින් ලිඛිතව දැනුම් දී තිබුනි.
විහාරස්ථානය හරහා මාර්ගයක් විවෘත කළහොත් එය සාමයට බාධාවක් විය හැකි බවට කරුණු දක්වමින් තිස්ස විහාරයේ විහාරාධිපති හිමියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රාදේශීය සභාව නිකුත් කළ නිවේදනය සාමය කඩවීමට හේතු විය හැකි බව සඳහන් කරමින්, 2026 මැයි 10 වැනිදා පලාලි පොලිසිය විසින්මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.
එම නඩුවේදී, වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ලේකම්වරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. ඔවුන් වෙනුවෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් වු නීතිඥ කණ්ඩායමේ සාමාජිකයකු වන නීතිඥ එස්. ගජේන්ද්‍රන් පවසන්නේ එම ලිපියෙන් සාමය කඩවීමක් සිදු වනු ඇති බවට නඩුව ගොනු කළ පොලිස් නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අසමත් වූ බැවින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර විත්තිකරුවන් දෙදෙනා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කළ බවයි.
"අදාළ කාරණාවෙන් සාමය කඩවීමක් සිදු වනු ඇති බවට වන කරුණු නඩුව ගොනු කළ පොලිස් නිලධාරින් ඉදිරිපත් නොකළ බැවින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර විත්තිකරුවන් දෙදෙනාව අධිකරණය නිදහස් කළා. ඒ අනුව අදාළ මාර්ගය විවෘත කිරීම සහ ඊට අදාළ ක්‍රියාවන් කිරීම සම්බන්ධයෙන් කිසිදු බාධාවක් නොමැති තත්වයක් උද්ගතවී තිබෙනවා."
පළාත් පාලන ආයතනයකට හිමි බලතල සහ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන කෙරෙහි අධිකරණයේ විශේෂ අවධානය
මෙම නඩුව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේදී අගෝස්තු 06 වැනිදා සිව්වැනි වරටත් විභාගයට ගත් අවස්ථාවේදී, පළාත් පාලන ආයතනයකට හිමි බලතල සහ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන කෙරෙහි අධිකරණයේ විශේෂ අවධානය යොමු ව තිබේ.
එහිදී කරුණු සලකා බලමින් මල්ලාකම් අධිකරණය පෙන්වා දී ඇත්තේ පවතින නීතිමය ප්‍රතිපාදනවලට අනුව අදාළ ප්‍රාදේශීය බලප්‍රදේශය තුළ මාර්ග ඉදිකිරීම සහ සංවර්ධන කටයුතු සිදුකිරීමේ පූර්ණ බලතල ප්‍රාදේශීය සභාව සතුව පවතින බවයි.
ඒ අනුව අදාළ විහාරස්ථාන භූමිය මැදින් යෝජිත මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යාමට ප්‍රාදේශීය සභාවට නීතිමය බාධාවක් නොමැති බව ප්‍රකාශ කළ අධිකරණය, පලාලි පොලිසියේ ඉල්ලීම මත පනවා තිබූ තහනම් නියෝගය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නියෝග කළ බව පලාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
තිස්ස රජමහා විහාරස්ථානය ඉදි කර තිබෙන සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 16 ට අයත් අක්කර අට හමාරක් ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.
“ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.
"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව 2023 අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ වැඩි දුරටත් සදහන් කර තිබේ.
දෙමළ ජනයාට ඔප්පු ඇති ඉඩම් යුද්ධයෙන් අත්පත්කරගනිමින් තයියට්ටියේ ඉදිකර ඇති විහාරය සැබෑ තිස්ස විහාරය නොවන බවට නාගදීප පුරාණ රජමහා විහාරාධිපති හා උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් ද සදහන් කර තිබේ.
උතුරේ විහාරයක් පිහිටි භුමිය හරහා පාරකට එරෙහි පොලිස් තහංචියට උසාවිය හරස් වෙයි
T
The Leader Desk
August 8, 2026 • 7:13 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- *කන්කසන්තුරේ තිස්ස විහාර භූමිය මැදින් වැටුණු පැරණි මාර්ගය යළි ප්‍රතිසංස්කරණය කිරීමට මල්ලාකම් අධිකරණයෙන් නීතිමය අවසර
- එම නඩුවේදී, වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ලේකම්වරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
- ගජේන්ද්‍රන් පවසන්නේ එම ලිපියෙන් සාමය කඩවීමක් සිදු වනු ඇති බවට නඩුව ගොනු කළ පොලිස් නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අසමත් වූ බැවින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර විත්තිකරුවන් දෙදෙනා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කළ බවයි.
- "අදාළ කාරණාවෙන් සාමය කඩවීමක් සිදු වනු ඇති බවට වන කරුණු නඩුව ගොනු කළ පොලිස් නිලධාරින් ඉදිරිපත් නොකළ බැවින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර විත්තිකරුවන් දෙදෙනාව අධිකරණය නිදහස් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



