BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

සමාජ මාධ්‍ය කට කතාවලට උමාරියාගෙන් සැර පිළිතුරක් !

T

The Leader Desk

August 10, 2026 • 5:16 AM

සමාජ මාධ්‍ය කට කතාවලට උමාරියාගෙන් සැර පිළිතුරක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ප්‍රසංගයේදී මතු වූ ප්‍රචාර සම්බන්ධයෙන් 'Tape' එකක් භාවිත වූ බවට ගායන ශිල්පිනියගෙන් සෘජු පැහැදිලි කිරීමක්
  • එල්ල වූ අසත්‍ය චෝදනා හමුවේ නොස සැලුණු ඇය, එය විලාසිත නිර්මාණයේදී භාවිතා වන 'Tape' එකක් පමණක් බව පෙන්වා දෙමින්, එවැනි සෘණාත්මක මතවාදයන්ට සෘජු හා දැඩි පිළිතුරක් ලබා දී තිබේ.
  • සිද්ධිය පිළිබඳ ප්‍රධාන පාර්ශ්වයන්ගේ ප්‍රකාශ සහ කරුණු       | උමාරියා සිංහවංශ:  "එය විලාසිත නිර්මාණයේදී භාවිත කරන 'Tape' එකක්.
  • Thankyou," යැයි ඇය සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

*සමාජ මාධ්‍ය සෘණාත්මක ප්‍රචාර හමුවේ වෘත්තීය මට්ටමේ ආත්මවිශ්වාසය පිළිබඳ ක්ෂේත්‍රයේ දැඩි අවධානයක්

දේශීය සංගීත ක්ෂේත්‍රයේ අසමසම ගායන පරාසයකට සහ විශිෂ්ට රංගන කුසලතාවකට හිමිකම් කියන උමාරියා සිංහවංශ, සිය වෘත්තීය නිපුණතාවයෙන් ප්‍රේක්ෂක හදවත් දිනූ ශිල්පිනියකි. කෙසේ වෙතත්, ප්‍රසංගයක් අතරතුර ඇගේ ඇඳුම් විලාසිතාව අල්ලා ගනිමින් සමාජ මාධ්‍ය හරහා පහත් මට්ටමේ අවලාද ප්‍රචාරය කිරීමට පිරිසක් උත්සාහ කර ඇත. එල්ල වූ අසත්‍ය චෝදනා හමුවේ නොස සැලුණු ඇය, එය විලාසිත නිර්මාණයේදී භාවිතා වන 'Tape' එකක් පමණක් බව පෙන්වා දෙමින්, එවැනි සෘණාත්මක මතවාදයන්ට සෘජු හා දැඩි පිළිතුරක් ලබා දී තිබේ.

සිද්ධිය පිළිබඳ ප්‍රධාන පාර්ශ්වයන්ගේ ප්‍රකාශ සහ කරුණු      

| උමාරියා සිංහවංශ: "එය විලාසිත නිර්මාණයේදී භාවිත කරන 'Tape' එකක්. Views වෙනුවෙන් කරන පහත් වැඩ ආපසු කැරකෙනවා."          

| සමාජ මාධ්‍ය හැසිරීම: රටේ ප්‍රමුඛ ගැටලු පසෙකලා කාන්තාවන්ගේ ශරීරය සහ ඇඳුම් සූක්ෂ්ම ලෙස විවේචනය කිරීමේ ප්‍රවණතාව    

| * මාධව අධිකාරී (විශ්ලේෂණය): "නොසන්සුන් නොවී performance එක Continue කිරීම සහ Situation එක Manage කරගැනීම විශිෂ්ටයි."  

උමාරියා සිංහවංශ තැබූ සෘජු සටහන

සිය නිල ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ සඳහන් කර සිටියේ views ලබාගැනීමේ අරමුණින් අසත්‍ය ප්‍රචාර සිදුකරන පිරිස් රටේ පවතින සැබෑ ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.

"මෙන්න දන්නැති අයට දැනුවත් වෙන්න පොඩ්ඩක්. It’s called TAPE! ඔයාලා හිතන දෙයක් ඔතන උනේ නෑ. Views වලට කරන පහත් දේවල් අයේ කැරකීල එන්නේ ඔයාලටම තමයි. රටේ ප්‍රශ්ණ තියෙනවා. ඒවා ගැන පොඩ්ඩක් බැලුවොත් නරකද? මං වෙනුවෙන් කතා කරපු කට්ටියට පින්. Thankyou," යැයි ඇය සඳහන් කර තිබේ.

umariya post


මනෝවිද්‍යාත්මක හා වෘත්තීය ආකල්පය පිළිබඳ ක්ෂේත්‍රයේ කතිකාව

මෙම සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වූ කතිකාවත පිළිබඳව අදහස් දක්වමින් මාධව අධිකාරී සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ, හදිසි අවස්ථාවකදී නොසන්සුන් නොවී සිය කාර්යසාධනය (performance) ඉදිරියට ගෙන යාමට උමාරියා දැක්වූ ආත්මවිශ්වාසය ඇගයිය යුතු බවයි.

"ලංකාවේ අපි තාමත් ගෑණියෙක්ගේ ශරීරය ගැන තියෙන obsession එකෙන් සම්පූර්ණයෙන් ගැලවිලා නෑ. ගෑණියෙක්ගේ ශරීරයේ කොටසක් පේන එක අපේ සමාජයේ සමහරුන්ට තාම මාර ලොකු event එකක්. Music පැත්තෙන් මේ තරම් talent එකක් තියෙන කෙනෙක්ට තමන්ව promote කරගන්න ඒ වගේ දෙයක් plan කරන්න ඕන නෑ. ඒ වෙලාවේ තමන්ට වෙච්ච දේ ගැන ලැජ්ජාවෙන් හෝ බයකින් තමන්ගේ confidence එක නැති කරගන්නේ නැතුව, තමන්ගේ වැඩේ කරගෙන යන එක තමයි respect කරන්න ඕන," යනුවෙන් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

 Madhawa Adhikari සිය ෆේස්බුක් එකේ පළකර ඇති සටහන මතු පළවේ

මේ සිද්දියේදී උමාරියා කරපු දේ මට නම් මාරයි.

මොකද අපිට ලේසියි, එහෙම situation එකක් ආවම කලබල වෙලා වැඩේ තවත් අවුල් කරගන්න. විශේෂයෙන්ම stage එකක, මිනිස්සු ගොඩක් ඉස්සරහා, cameras තියෙන තැනක, social media එකෙන් ඕන දෙයක් තත්පර ගාණකින් viral වෙන්න පුළුවන් වෙලාවක. ඒ වගේ මොහොතක තමන්ට වෙච්ච දේ ගැන overthink කරලා, performance එක නවත්තලා, panic වෙලා, situation එක තවත් awkward කරගන්න එක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ.

හැබැයි එතන උමාරියා ඒකත් එක්කම තමන්ගේ performance එක continue කරගෙන ගියා. තමන්ගේ confidence එක නැති කරගත්තේ නෑ. ඒ මොහොතේ වෙච්ච දේ manage කරගෙන, තමන් කරන්න ආපු වැඩේ කරගෙන ගියා. මට නම් ඒ attitude එක තමයි මෙතන වැදගත්ම දේ.

අපේ රටේ social media එක කියන්නේ මොන වගේ තැනක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. කෙනෙක්ට පොඩි දෙයක් උනත් ඒක අල්ලගෙන jokes, comments, memes, judgments, character analysis, දේශනා... ඔක්කොම එනවා. විශේෂයෙන්ම ගෑණු කෙනෙක් සම්බන්ධ දෙයක් නම් ඒක තවත් වෙනස්. මිනිස්සුන්ගේ curiosity එකයි, sexualize කරන tendency එකයි, judge කරන එකයි එකට එකතු වෙලා දෙයක් කොච්චර දුරකට අරගෙන යන්න පුළුවන්ද කියලා අපි ඕන තරම් දැකලා තියෙනවා.

ඒ වගේ බලපෑමක් එද්දි උමාරියා ඒකෙන් කඩා වැටෙන්නේ නැතුව, අනුකම්පාව ඉල්ලගෙන, “අනේ මට මෙහෙම උනා” කියලා තමන්ව victim කරගෙන ඉන්නෙ නැතුව, තමන්ගේ විදියට ඒ situation එක accept කරලා ඉස්සරහට යන එක මාර confidence එකක් කියලා මට හිතෙන්නේ.

මට හිතෙන විදියට ඒකෙන් ගන්න තියෙන ලොකුම point එක “ඒ වෙලාවේ මොකක්ද උනේ?” කියන එකට වඩා “ඒක උනාට පස්සේ එයා ඒක handle කරපු විදිය” කියන එක.

මොකද වැරදිලා, අහම්බෙන්, unexpected විදියට දෙයක් වෙන්න පුළුවන්. ඒක අපිට හැම වෙලාවෙම control කරන්න බෑ. හැබැයි ඒක උනාට පස්සේ තමන් ඒකට react කරන විදිය control කරන්න පුළුවන්.

ඒකයි මට මේකේ interesting වෙන්නේ.

ඒ වෙලාවේ තමන්ට වෙච්ච දේ ගැන ලැජ්ජාවෙන් හෝ බයකින් තමන්ගේ confidence එක නැති කරගන්නේ නැතුව, “හරි, මේක උනා. දැන් මං මගේ වැඩේ කරගෙන යනවා” කියන attitude එකක් තියෙන එක ලේසි දෙයක් නෙමෙයි.

අනිත් එක, ලංකාවේ අපි තාමත් ගෑණියෙක්ගේ ශරීරය ගැන තියෙන obsession එකෙන් සම්පූර්ණයෙන් ගැලවිලා නෑ. ගෑණියෙක්ගේ ශරීරයේ කොටසක් පේන එක අපේ සමාජයේ සමහරුන්ට තාම මාර ලොකු event එකක්. ඒක තවත් ජනප්‍රිය, ලස්සන, talent තියෙන කෙනෙක් සම්බන්ධ දෙයක් උනාම ඒ ගැන කතා වෙන එක තවත් වැඩියි.

උමාරියාගේ case එකේ ඒක තවත් amplified වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මොකද උමාරියා කියන්නේ music පැත්තෙන් තමන්ගේම identity එකක් හදාගෙන ඉන්න, stage presence එකක් තියෙන, talent එකක් තියෙන artist කෙනෙක්. ඒ නිසා ඒ වගේ කෙනෙක්ගේ performance එකක් ගැන කතා කරනකොට, අවසානයේ performance එකේ music, voice, energy, stage presence පැත්තකට ගිහින්, එක මොහොතක් ගැන විතරක් කතා කරන එකත් ටිකක් ironic.

Music පැත්තෙන් මේ තරම් talent එකක් තියෙන කෙනෙක්ට තමන්ව promote කරගන්න ඒ වගේ දෙයක් plan කරන්න ඕනෙම නෑ නෙමෙයි ඕන නෑ . තමන්ගේ voice එකෙන්, performance එකෙන්, තමන්ගේ music එකෙන් මිනිස්සුන්ගේ අවධානය ගන්න පුළුවන් කෙනෙක්ට ඒ වගේ cheap shortcut එකක් අවශ්‍ය වෙන්නේ නෑ.

ඒ නිසා මං මේක බලන්නේ ඇත්තටම අහම්බෙන් වෙච්ච දෙයක් විදියට. ඒකෙන් පස්සේ එයා ඒ situation එක handle කරපු විදිය තමයි මට respect කරන්න හිතෙන්නේ.

අපිට හැම වෙලාවෙම perfect වෙලා ඉන්න බෑ. Public figure කෙනෙක් උනා කියලා තමන්ට unexpected දේවල් වෙන්නේ නැතුව ඉන්නෙත් නෑ. ඒ වගේ දේවල් උනාම තමන්ගේ confidence එක නැති කරගන්නේ නැතුව, තමන්ගේ dignity එක තියාගෙන, situation එක manage කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක තමයි actual confidence එක.

ඒ නිසා මට නම් මෙතන කතා කරන්න තියෙන්නේ උමාරියාගේ ශරීරය ගැන නෙමෙයි. ඒ මොහොතේ එයාගේ mindset එක ගැන.

එක මොහොතකින් තමන්ව define කරගන්නෙ නැතුව, ඒ මොහොත පහු කරගෙන තමන්ගේ වැඩේ කරගෙන යන එක ගැන.

අපිට අමතක වෙන්න හොඳ නෑ, stage එකේදී කෙනෙක්ට වෙච්ච unexpected moment එකක් අල්ලගෙන දවස් ගාණක් කතා කරන එක අපිට ලේසියි. හැබැයි ඒ මොහොත ඇතුළේ ඉඳගෙන ඒක face කරලා, තමන්ගේ performance එක continue කරන එක ඒ තරම් ලේසි නෑ.ඒක තමයි මට නම් මෙතන මාර කියලා පේන්නේ.

ඒ නිසා මේකෙන් ගන්න තියෙන lesson එක “උමාරියාගේ තන පෙනුණා” කියන එකට වඩා ගොඩක් ලොකුයි.

“මට control කරන්න බැරි දෙයක් උනා. හැබැයි ඒකෙන් පස්සේ මං කොහොමද මාව handle කරන්නේ?” කියන එක.අන්න ඒ confidence එක තමයි respect කරන්න ඕන.

Madhawa Adhikari
 
 

 

umariya post 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමාජ මාධ්‍ය කට කතාවලට උමාරියාගෙන් සැර පිළිතුරක් ! | The Leader