දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු නවීකරණය කිරීමේ වගකීම වසර 37ක රාජ්‍ය සේවා අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියා වෙත
ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පත් කර තිබේ.
මීට අදාළ පත්වීම ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින් ඊයේ (10) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇත.
මෙම නව පත්කිරීමට අනුව, රජයේ ප්‍රධාන ආදායම් උපයන ආයතන ත්‍රිත්වය වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කටයුතු ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශය මඟින් සිදු කිරීමට නියමිතය.
මෙම කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස පත් වූ සීවලී අරුක්ගොඩ ශ්‍රී ලංකා රේගුවේ විවිධ තනතුරුවල වසර 37 ක දීර්ඝ කාලයක් සේවය කළ නිලධාරියෙකි. ඔහු මීට පෙර ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස ද කටයුතු කර තිබේ.
(ජේ. මුණසිංහ)




