BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම ගැන 'රටම එකට' සභාවේ අවධානය: කතෝලික සභාවේ ස්ථාවරය යළි කරළියට!

T

The Leader Desk

August 11, 2026 • 4:02 AM

විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම ගැන 'රටම එකට' සභාවේ අවධානය: කතෝලික සභාවේ ස්ථාවරය යළි කරළියට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික මෙහෙයුම් සභාවේදී මත්ද්‍රව්‍ය හා ඇප පනත් සංශෝධන කඩිනම් කිරීමට තීරණයක්
  • නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වූ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේ ක්‍රියාවලිය වේගවත් කර ඇති අතර, පසුගිය ජූලි මාසයේදී පමණක් වාර්තා 6,414ක් නිකුත් කර තිබේ.
  • මෙයට අමතරව 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත සංශෝධනය කිරීමේ කටයුතු ද කඩිනම් කෙරේ.
  • පාසල් පද්ධතිය සහ බහුආංශික ජාතික සැලැස්ම පාසල් දරුවන් මත්ද්‍රව්‍ය ගොදුරෙන් මුදාගැනීම සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක්ව ක්‍රියාත්මක කරන 'මිතුරු පාසල' වැඩසටහනේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


*මරණීය දණ්ඩනය මානව ගරුත්වය උල්ලංඝනය කිරීමක් බවට මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගෙන් අවධාරණයක්


ජාතික මෙහෙයුම් සභාවේ අවධානය සහ මරණ දඬුවම් මාතෘකාව

විෂ මත්ද්‍රව්‍ය උවදුර හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත සමාජ හා ආර්ථික දේහයටම එල්ල කර ඇති බරපතල තර්ජනය සැලකිල්ලට ගනිමින්, මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රධාන අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී විශේෂ අවධානය යොමු වී තිබේ. 2026 අගෝස්තු 10 වන දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

ජාවාරම්කරුවන් උපයා ගන්නා අසීමිත ධනය මත පදනම් වූ අපරාධමය පරිසරය ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට අහිතකර ලෙස බලපා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා ආගමික නායකයන්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල සක්‍රීය දායකත්වය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ ප්‍රධාන තීරණ  

| නීති සංශෝධන: මත්ද්‍රව්‍ය පාලන සහ ඇප ලබාදීමේ නීති සංශෝධන අවසන් අදියරේ; කඩිනමින් පාර්ලිමේන්තුවට                    

| රස පරීක්ෂක වාර්තා: ජූලි මාසයේදී වාර්තා 6,414ක් නිකුත් කර ඇති අතර, නාවික හමුදා සහාය ලබාගැනීමට තීරණය කෙරේ          

| බන්ධනාගාර හානිය: මීගමුව, මහර, මැගසින් ආදී බන්ධනාගාරවල නොසන්සුන්තා නිසා සිදු වූ හානිය රු. මිලියන 255ක් ලෙස ගණනය කෙරේ

| පාසල් පරිසරය: 'මිතුරු පාසල' වැඩසටහන සක්‍රීය කිරීම සහ ජාත්‍යන්තර පාසල් කෙරෙහි විශේෂ අවධානය යොමුකිරීම                

නීතිමය සංශෝධන සහ රස පරීක්ෂක ධාරිතාව ඉහළ නැංවීම

මේ අතර මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබාදීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන දැනටමත් සකස් කර අවසන් අදියරේ පවතින අතර, ඒවා කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වූ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේ ක්‍රියාවලිය වේගවත් කර ඇති අතර, පසුගිය ජූලි මාසයේදී පමණක් වාර්තා 6,414ක් නිකුත් කර තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව (ග්‍රෑම් 5ට අඩු, 10ට අඩු ආදී වශයෙන්) දත්ත වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලෙසත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය සහ බන්ධනාගාර අතර මනා සම්බන්ධීකරණයක් ඇති කර වාර්තා ලැබුණු සැණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. මෙයට අමතරව 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත සංශෝධනය කිරීමේ කටයුතු ද කඩිනම් කෙරේ.

පාසල් පද්ධතිය සහ බහුආංශික ජාතික සැලැස්ම

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය ගොදුරෙන් මුදාගැනීම සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක්ව ක්‍රියාත්මක කරන 'මිතුරු පාසල' වැඩසටහනේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි. විශේෂයෙන් ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව හඳුනාගෙන ඇති බැවින්, දෙමාපියන්ට පෞද්ගලිකව පරීක්ෂා කළ හැකි මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල (Testing Kits) ඖෂධ සැල් මගින් ලබාගැනීමට පහසුකම් සැලසීම කෙරෙහි ද අවධානය යොමු විය.

ආගමික නායකයන්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සභාවේදී, සංශෝධිත ක්‍රමෝපායන් 06ක් යටතේ ක්‍රියාත්මක බහුආංශික ජාතික උපාය මාර්ගික සැලැස්මේ ඉදිරි පියවරයන් ද තහවුරු කරගන්නා ලදී.




මරණ දඬුවම සම්බන්ධයෙන් කතෝලික සභාවේ ස්ථාවරය

රාජ්‍ය මට්ටමින් මරණ දඬුවම පිළිබඳ මාතෘකාව නැවත අවධානයට ලක්වන පසුබිමක, මරණීය දණ්ඩනය ප්‍රතික්ෂේප කරන බවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය මතය යළි තහවුරු කර තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ නඩු තීන්දුව පදනම් කරගනිමින් අගෝස්තු 10 වන දින නිකුත් කළ මෙම නිවේදනයේ දක්වා ඇත්තේ කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය මගින් මානව ගරුත්වය උල්ලංඝනය වන බැවින් එය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.

කතෝලික දහමේ ඉගැන්වීම තුළ මරණීය දණ්ඩනය පැනවීමට එකඟ විය නොහැකි වුවද, රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ පවතින නීති රාමුවට සභාව පූර්ණ ගෞරවය දක්වන බව ද අගරදගුරු පදවිය වැඩිදුරටත් සඳහන් කරයි.

සබැඳි පුවතක් :

පාස්කු තීන්දුව හමුවේ කතෝලික සභාවේ ස්ථාවරය: 'මරණීය දණ්ඩනය පිළිගන්නේ නෑ 
 

 

meeting drug 1

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...