BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සෙවීමට අතිනවීන ජංගම රසායනාගාර බස් රථයක්!

T

The Leader Desk

August 11, 2026 • 6:42 AM

පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සෙවීමට අතිනවීන ජංගම රසායනාගාර බස් රථයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත නවීන බස් රථය නිල වශයෙන් භාර දෙයි
  • දීපව්‍යාප්ත ව්‍යාප්තිය සහ ඉදිරි සැලසුම් සේවා කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන පොදු ප්‍රවාහන සේවකයන් හඳුනාගැනීම සඳහා දැනට පළාත් පහක් ආවරණය වන පරිදි මෙම ජංගම පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාතික මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ දීපව්‍යාප්ත මත්ද්‍රව්‍ය පරීක්ෂණ සහ අහඹු වැටලීම් තවදුරටත් පුළුල් කෙරෙයි


ජංගම රසායනාගාර බස් රථය භාරදීම සහ අරමුණු

පොදු ප්‍රවාහන සේවාවන්හි නිරත වන රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ සහායකයන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේද යන්න පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අතිනවීන ජංගම රසායනාගාර බස් රථයක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පරිත්‍යාග කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් 2026 අගෝස්තු 10 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම බස් රථයට අදාළ ලිපිගොනු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලීෆර්ඩ් පෙරේරා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික මාර්ග ආරක්ෂණ සැලැස්මට සමගාමීව මෙම පියවර ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර වගකීම්සහගත රියැදුරන් සහිත සේවාවක් තහවුරු කරමින් මාර්ග අනතුරු අවම කිරීම සහ මගී ජීවිත සුරක්ෂිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනේ ප්‍රධාන කරුණු 

772194141 1781554539935825 1329772933599865320 n
| ලබා දුන් උපකරණ: සියලු පහසුකම්වලින් සමන්විත අතිනවීන ජංගම රසායනාගාර බස් රථයක්                                          

| පරිත්‍යාග කළ ආයතනය: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය

| භාරගත් ආයතනය: ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (සභාපති මහාචාර්ය ක්ලීෆර්ඩ් පෙරේරා )          

| වත්මන් ආවරණය: දැනට පළාත් 05ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී පළාත් 09ටම ව්‍යාප්ත කෙරේ        

| මෙතෙක් කර ඇති පරීක්ෂණ: ජාතික මට්ටමින් සිදුකර ඇති අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ ගණන 7,150කි                          


අනතුරු අවම කිරීමේ පියවර

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, මෙරට සිදුවන ඇතැම් මාර්ග අනතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම අනතුරුවලට සම්බන්ධ ඇතැම් රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකය මගින් ක්‍රියාත්මක කරන මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස කෙරුණු ඉල්ලීමට අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාගයක් ලෙස ලැබී තිබූ මෙම ජංගම රසායනාගාර බස් රථය මහජන ජීවිත ආරක්ෂාව උදෙසා ප්‍රවාහන අමාත්‍යාංශය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පැවරීමට තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දීපව්‍යාප්ත ව්‍යාප්තිය සහ ඉදිරි සැලසුම්

සේවා කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන පොදු ප්‍රවාහන සේවකයන් හඳුනාගැනීම සඳහා දැනට පළාත් පහක් ආවරණය වන පරිදි මෙම ජංගම පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි. ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන මෙම අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන යටතේ මේ වන විට පරීක්ෂණ 7,150ක් සිදු කර ඇති අතර, නව ජංගම රසායනාගාර බස් රථයේ සහභාගීත්වයත් සමඟ ඉදිරියේදී දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පරීක්ෂණ කටයුතු ව්‍යාප්ත කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ජනක කිත්සිරි ගුණවර්ධන, හර්ෂණී සිරිනාම, ප්‍රවාහන අධ්‍යක්ෂ මුදිත විමලසේන ඇතුළු සෞඛ්‍ය හා ප්‍රවාහන අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...